තරගවාරයේ ආරම්භයට පෙරම ප්‍රිමියර් ලීග් ශූරයින්ට අසුබ ආරංචියක්

188

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරමින් ගෙවුණු වර්ෂ කිහිපය පුරාවටම කණ්ඩායමේ ජයග්‍රහණයන් සඳහා ඉමහත් ලෙස දායක වූ නැඟී එන යොවුන් ක්‍රීඩකයෙකු ලෙස නම් දාරා සිටින ලීරෝයි සනෝ හට මාස 6 හෝ 7 කාලසීමාවක් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පළකොට තිබේ.

දඬුවම් පහර මැන්චෙස්ටර් සිටි පිළට ජය ගෙනෙයි

ඊයේ (05) පැවති Community Shield තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගැනීමට….

සිටි කණ්ඩායමේ පුහුණුකරු පෙප් ගෝඩියෝලා මහතා සඳහන් කර ඇති පරිදි සනේගේ දණහිසේ ඉදිරි කොටසේ ඇති හරස් බන්ධනිය (Anterior Cruciate Ligament) ඉරීමකට ලක්වීම නිසා මෙලෙස ඔහුට මාස කිහිපයක් තරග පිටියෙන් ඉවත්ව කාලය ගත කිරීමට සිදුව ඇති බවයි. පසුගිය ඉරිදා දිනයේ දී Community පලිහ උදෙසා ලිවර්පූල් කණ්ඩායමට එරෙහිව පැවති තරගය අතරතුර දී ඔහු මේ අයුරින් ආබාධයට ගොදුරු විය.

මෙවර තරගවාරය ආරම්භ වීමට මත්තෙන් සානේ ජර්මනියේ බාරේන් මියුනිච් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත යැයි බව කියමින් කටකතා කිහිපයක්ම පාපන්දු ලෝකය තුල පැතිර ගිය නමුත් පෙප් ගෝඩියෝලා මහතා සඳහන් කර සිටියේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙස්ට් හැම් කණ්ඩායමත් සමඟ පැවැත්වෙන ආරම්භක තරගය සඳහා සනේගේ සේවය අහිමි වී යාම ඉතාමත් කණගාටුදායක පුවතක් බවයි.

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පාපන්දු පිටිය තහනම්!

නිමා වූ කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දී දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය වන CONMEBOL විවේචනය කිරීම….

“මට හරියටම කාලවකවානුවක් සඳහන් කරන්න අමාරුයි ඔහු නැවතත් ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන නමුත් මේ වගේ ආබාධයක් සුව අතට හැරෙන්න මාස හයක හෝ හතක කාලසීමාවක් ගත වෙනවා. ලබන අවුරුද්දේ පෙබරවාරි, මාර්තු වගේ වෙනකොට හොඳ ප්‍රගතියක් අපේක්ෂා කරන්න පුළුවන්.”

කෙසේ නමුත් මින් ඉහතදී තහනම් උත්තේජක භාවිත කළා දැයි පිළිබඳ මතු වූ සැකය නිසාවෙන් පසුගිය ඉරිදා දින පැවති Community පලිහ තරගය සඳහා සහභාගී වීමේ වරම අහිමි වූ සිටි ක්‍රීඩක රියාස් මහරේස් එම චෝදනාවන්ගෙන් නිදොස් බවට ඔප්පු වීමත් සමඟම නැවතත් තරග බිමට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව ඔහු වෙස්ට් හැම් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව බොහෝ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

නේමාර් නැවතත් ‘PSG’ පුහුණුවීම් වලට

ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් පසුගිය දා නැවතත් ‘Paris Saint-Germain (PSG)’ කණ්ඩායමේ…

ඇල්ජීරියා පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන 28 හැවිරිදි මහරේස් පසුගිය දා නිමාව දුටු අප්‍රිකානු කුසලාන තරගාවලිය අතරතු රදී භාවිත කළ ඖෂධ කිහිපයක් මෙම

පසුගිය වසරේදී ජයග්‍රාහී සිටි කණ්ඩායම මෙහෙය වූ වින්සන්ට් කොම්පැනි ක්‍රීඩා දිවියෙන් සමුගැනීමත් සමඟම මෙවර තරගවාරය සඳහා කණ්ඩායම මෙහෙයවීමේ කාර්‍යභරය මැදපෙළ ක්‍රීඩක ඩේවිඩ් සිල්වා හට හිමිව තිබේ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<