අත්දැකීම්වලින් එංගලන්තයේ හුළං බැස්සූ සිංහයා

3473

ශ්‍රී ලංකාව ඊයේ (22) සත්කාරක එංගලන්තය හමුවේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ අතර තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් සුපිරි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග AFP පුවත් සේවයට පවසා තිබුණේ තමන් තරගය ජයග්‍රහණයට කිසිදු අලුත් දෙයක් නොකළ බවයි.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21) තරගයේ දී…

ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත් අතර ලකුණු 232ක ඉලක්කයක් හඹා යන්නට පැමිණි එංගලන්තයේ පිතිකරුවන් සියලු දෙනාම තවත් ලකුණු 20 ක් ඉතිරිව තිබිය දී නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පළමු වතාවට ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම ලෙස නම් දරා සිටින එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ තරගය ජය ගත්තේ නම් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට ද අවස්ථාවක් තිබුණි.

නමුත් ඒ වෙනුවට ඔවුන් සිය දෙවන පරාජය අත්විඳි අතර පාකිස්තානය හමුවේ ඔවුන් සිය දෙවන තරගය ද ලකුණු 14කින් පරාජය විය. මාලිංගගේ සුපිරි පන්දු යැවීමත් සමඟ ඔහු ලෝක කුසලානවල කඩුලු 50ක් දවා ගත් ලොව සිව්වැනි පන්දු යවන්නා බවට ද පත් විය. ඔහුට ඉදිරියෙන් විශිෂ්ටයින් වන ග්ලෙන් මැග්‍රාත්, මුත්තයියා මුරලිදරන් හා වසීම් අක්‍රම් සිටියි.  

35 හැවිරිදි මාලිංග සිය බිරිඳගේ මවගේ අභාවය නිසා දෙවරක් ශ්‍රී ලංකාවට ගොස් නැවත පැමිණි අතර එම සියලු දේ පසෙකලා ඔහු එංගලන්ත ආරම්භය සුනුවිසුනු කළේ ජොනී බෙයාර්ස්ටෝව් ලකුණු ලබා ගැනීමට පෙර කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි.

අනතුරුව මාලිංගගේ පන්දුවක් හමුවේ අනෙක් ආරම්භක පිතිකරු ජේම්ස් වින්ස් ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක් ලබා දෙමිනි. හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ජෝ රූට් ලකුණු 57කට දවා ගන්නට සමත් වූ ඔහු සුපිරි යෝකර් පන්දුවක් එල්ල කරමින් ජෝස් බට්ලර් ලකුණු 10කට දවා ගන්නට සමත් විය.

Video – ඊළඟ තරඟ 3ත් දවසින් දවස සැලසුම් කරලා ක්‍රීඩා කරනවා – දිමුත්

12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් හයවන ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට එරෙහිව අති විශිෂ්ට…

බෙන් ස්ටොක්ස් නොදැවුණු ලකුණු 82ක් රැස් කළේ අනෙක් අන්තයෙන් තරගය අවසානය කරාම රැගෙන යාමට උත්සහ කරමින්.

“අපි දන්නවා බෙන් ස්ටෝක්ස් වේගවත් ලෙස පන්දුවට පහර දෙනවා කියලා. ඔහු හතරේ පහර දෙක තුනක් වාර්තා කළත් අපි අපිට සුපුරුදු ස්ථානවලම පන්දු යවමින් ඔහුට පීඩනය එල්ල කළා.” මාලිංග පවසා තිබුණි.

“අපි අපේ මූලික සැලැස්ම හරියට කළා. නියමිත ස්ථානවල පන්දු යැව්වා. බවුන්සර් පන්දු හා හොඳ වෙනස්කම් කරමින් පන්දු යැව්වා.”

මේ අතර බට්ලර් පවසා තිබුණේ මුහුණ දීමට අපහසුම පන්දු යවන්නා මාලිංග බවයි.

“ඔහු හරි වෙනස්. ඔබ කෙතරම් ඔහුට මුහුණ දී තිබුනත් ඔහු වෙනස්” බට්ලර් පවසා තිබුණි.

“ඔහු හැමවිටම කඩුල්ලට පන්දුව එල්ල කරන්නේ. ඔහු පන්දුව මුදා හරින ස්ථානය කඩුල්ලට හරිම ආසන්නයි. අපි ඔහුට පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කළේ නැහැ. ඒ වගේම ඔහු අද ක්‍රීඩා කළ විලාසය අතිවිශිෂ්ටයි.”

දික්වැල්ල, තිසර සහ උදාන කැනඩාවට වෙන්දේසි වේ

දෙවන වතාවටත් පැවැත්වෙන ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (20) පැවැත්වුණු…

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලසිත් මාලිංගට හා අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්ට ප්‍රශංසා කර තිබුණා.

“මාලිංග කියන්නේ විශිෂ්ටයෙක්” දිමුත් අදහස් දක්වා තිබුණා. “ඔහු දක්ෂ දෙය දිගටම කරනවා. එය තමා වැදගත්ම දෙය. ඔහු මූලික දේවල් හරියට කරනවා. ඔහු ඉතා විශිෂ්ට සේවයක් ඉටු කළා.”

“එය ලකුණු 300ක කඩුල්ලක් වගේ පෙනුණේ. අපි හිතුවා එය හොඳ කඩුල්ලක් කියලා. නමුත් ක්‍රීඩා කරන්නට ක්‍රීඩා කරන්නට කඩුල්ලේ වේගය අඩාල වුනා.”

“ඇන්ජෙලෝ ලකුණු අතරට පැමිණි විට ඔහු දන්නවා ඔහුගේ කොටස කොහොමද සම්පූර්ණ කරන්නේ කියලා. ඔහු හොඳ තරග අවසන් කරන්නෙක්. ඇන්ජලෝ ඉතා හොඳින් ක්‍රීඩා කළා.”

ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලෝක කුසලාන හතරක දී එංගලන්තය පරාජය කර ඇති අතර ඔවුන්ගේ මීළඟ තරගය එළඹෙන සිකුරාදා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. “අපි මේ තරගය ජය ගැනීමෙන් ලබාගත් විශ්වාසය හා මානසික පන්නරය මීළඟ තරගවලටත් රැගෙන යනවා” මාලිංග පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<