වෙළඳසේවා ‘Futsal’ ශූරතාවය LB Finance කණ්ඩායමට

213
Mercantile Futsal

‘Futsal World’ හිදී පැවති වෙළඳසේවා ‘Futsal’ තරගාවලියේ ශූරතා කුසලානය සඳහා පැවති අවසන් මහා තරගයේ දී John Keells Holdings (JKH) කණ්ඩායම ගෝල 4-1ක් වශයෙන් පරාජයට පත්කළ LB Finance කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වෙළඳසේවා ‘Futsal’ තරගාවලිය 2වන වරටත්

දෙවන වරට පැවැත්වෙන වෙළඳසේවා ‘Futsal’ තරගාවලිය මෙම මස 20 වන දින කොළඹ..

LB Finance කණ්ඩායම වෙනුවෙන් එහි දී මොහොමඩ් රිස්මි සහ හකීම් කමිල් ගෝල 2 බැගින් වාර්තා කර ගත් අතර ප්‍රතිවාදී John Keells Holdings (JKH) කණ්ඩායම වාර්තා කර ගත් එකම ගෝලය රැස්කරගනු ලැබුවේ උදාර විසිනි.

ශූරතා කුසලානය සඳහා පැවති අවසන් පූර්ව තරගයේ දී අමානා බැංකු කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා අතින් වාර්තා වූ ප්‍රතිවාදී ගෝලය හරහා ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට LB Finance කණ්ඩායම සමත් වූ අතර John Keells Holdings (JKH) කණ්ඩායම සහ Expo Lanka කණ්ඩායම අතර පැවති අනෙක් අවසන් පූර්ව තරගය ගෝල 3-3ක් වශයෙන් ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් අනතුරුව දඬුවම් පහර වටයේ දී ගෝල 2-3ක් වශයෙන් එහි ජයග්‍රහණය තහවුරු කර ගන්නට John Keells Holdings (JKH)  සමත් විය.

තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් මහා තරගයේ දී Ceylinco Insurance කණ්ඩායම ගෝල 5-0ක් වශයෙන් පරාජයට පත්කළ WNS Global කණ්ඩායම පළඟ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහි දී WNS Global කණ්ඩායම වෙනුවෙන් උදාර හබක්කලේ ගෝල 2ක් හා මොහොමඩ් අෂ්රෆ්, මොහොමඩ් තව්ශීෆ් සහ මොහොමඩ් මුදීබ් එක් ගෝලය බැගින් වාර්තා කර ගැනීමට සමත් විය. එහි අවසන් පූර්ව වටයේ දී Ceylinco Insurance කණ්ඩායම විසින් ගෝල 1-0ක් වශයෙන් Standard Chartered බැංකු කණ්ඩායමත්, WNS Global කණ්ඩායම විසින් ගෝල 2-0ක් වශයෙන් Eskimo Fashions කණ්ඩායමත් පරාජයට පත්කරමින් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නා ලදි.

ශූරතා කුසලානයේ 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය අමානා බැංකු කණ්ඩායම ගෝල 5-0ක් වශයෙන් පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ Expo Lanka කණ්ඩායම විසිනි. එහි දී රිෆ්නාස් ගෝල 2ක් හා අහමඩ් ෂන්සි, සර්වාන් සහ මොහොමඩ් සිරාජ් එක් ගෝලය බැගින් වාර්තා කර ගනු ලැබීය. පළඟ ශූරතාවයේ 3 වන ස්ථානය සඳහා පැවති තරගය ගෝල 6-2ක් වශයෙන් Eskimo Fashions කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ Standard Chartered බැංකු කණ්ඩායම විසිනි. එහි දී Standard Chartered බැංකු කණ්ඩායම වෙනුවෙන් බෙන්සි විසින් ගෝල 3ක්, මොහොමඩ් නෆීස්, මොහොමඩ් නෆාස් සහ මොහොමඩ් අබ්දුල්ලා විසින් එක් ගෝලය බැගින් වාර්තා කරගත් අතර Eskimo Fashions කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත සහ ප්‍රදීප් එක් ගෝලය බැගින් වාර්තා කර ගනු ලැබීය.

Group A

Group B

Group C

Group D

ප්‍රතිඵල

අර්ධ අවසන් පූර්ව වටය
Expo Lanka 5-2 Eskimo Fashions
JKH 3-0 WNS Global
Amana Bank 4-1 Ceylinco Insurance
LB Finance 4-0 Standard Chartered Bank

සම්මාන
හොඳම ක්‍රීඩකයා (ශූරතා කුසලාන කාණ්ඩය) – මොහොමඩ් රිස්නි (LB Finance)
හොඳම ගෝල රකින ක්‍රීඩකයා (ශූරතා කුසලාන කාණ්ඩය) – මොහොමඩ් උස්මාන් (LB Finance)
හොඳම ක්‍රීඩකයා (පළඟ ශූරතා කාණ්ඩය) – උදාර හබක්කලේ (WNS Global)
හොඳම ගෝල රකින ක්‍රීඩකයා (පළඟ ශූරතා කාණ්ඩය) – ලක්‍ෂ්මන් අජේන්ද්‍ර (WNS Global)
Fair Play Team – Standard Chartered Bank

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<