ලේටන් කුසලාන බොක්සිං තරග හෙට සිට

244
Layton cup

2017 වසරේ ජාතික බොක්සිං තරග ආරම්භ කරමින් ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (02) සිට කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ. මින් පෙර මේ වසර පුරා පැවති බොක්සිං තරගාවලිවල ජයග්‍රාහකයන් පමණක් මේ තරගාවලියට සහභාගී වේ.

පිළිමතලාවේ සංජය ඕස්ට්‍රේලියානුවාව බිමහෙලයි

මේ වන විට බහමාස් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග

මෙම තරගාවලිය එළඹෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගී වන ජාතික බොක්සිං ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක් සේද සැලකෙන අතර මින් ඉදිරියට පැවැත්වෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ක්‍රීඩකයන් තේරීමේ තවත් එක් බොක්සිං තරගාවලියක් පමණි.

අගෝස්තු 06 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරග අගෝස්තු 06 වැනිදා සවස 3.00 සිට පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ නමගිය බොක්සිං කණ්ඩායම් වන යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, මාස් කැෂුවල් ලයින්, හෙළ ක්ලෝදින්, මාස් ස්ලිම්ලයින්, මාස් යුනිචෙලා, මාස් ලීනියා, මාස් තුරුලී ආදී කණ්ඩායම් රැසක ජාතික මට්ටමේ ක්‍රීඩකයන් තරගාවලියට සහභාගී වේ. තරගාවලිය සඳහා බරපන්ති 10ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට