දක්ෂතම ක්‍රීඩිකාව සහ පරාජිතයා පමණක් පැහැදිලියි

370

දින 5ක් පුරා පැවති තරගවලින් අනතුරුව මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ඩී. ධර්මතිලක, ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ “දක්ෂතම ක්‍රීඩිකාව” බවට පත්වූවාය. “දක්ෂතම ක්‍රීඩකයා” යන සම්මානය හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එස්. රණසිංහ අතට ලැබී තිබිණි. කෙසේ වෙතත් තරගාවලිය පුරාම අපැහැදිලි විනිසුරු තීරණ රැසක් දැකගත හැකිවූ අතර ඉන් දක්ෂයන්ට සිදු වූ අඩුපාඩුව මෙතෙකැයි කියා නිමකළ නොහැක.

අසාධාරණය දක්ෂයා පරයා ජය ගනීවිද?

විවාදාත්මක විනිසුරු තීරණ කිහිපයකට එරෙහිව නැගුණු හඬ මධ්‍යයේ ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග අද (05) කොළඹ MAS රාජකීය බොක්සිං මණ්ඩපයේදී පැවැත්විණි.

පසුගිය අගෝස්තු 2වැනිදා ඇරඹුණු තරගාවලිය නිමාවුණේ ඊයේ (06) යි. ඒ කොළඹ MAS රාජකීය බොක්සිං ක්‍රීඩා මණ්ඩපයේදී යි.

පිරිමි සහ කාන්තා බරපන්ති යටතේ අවසන් මහා තරග 19ක් පැවැත්වුණු අතර ඉන් කිහිපයකදී යුධ හමුදා, ස්ලිම්ලයින්, නාවික හමුදා ක්‍රීඩකයන් සිව්දෙනෙකුට අගතියක් සිදු වූ බව දැකීම කණගාටුදායක විය. එහි අඳුරු ප්‍රතිඵල අපට පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරග තුළදී දැකගත හැකිවනු ඇති. කෙසේ වෙතත් තරගාවලිය තුළ ශූරයන් සහ ශූරියන් බවට පහත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්විය.

කාන්තා, කි.ග්‍රෑම් 81 හෙවිවෙයිට් බරපන්තිය

යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එච්. ජයදේව පරාජය කරමින් හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ ඒ. කේ. නිලන්ති මෙහි ශූරතාවය දිනාගත්තාය.

කාන්තා, කි.ග්‍රෑම් 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එස්. චන්ද්‍රසේකර පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. සුමුදු මෙහි ශූරතාවය දිනාගත්තාය.

කාන්තා, කි.ග්‍රෑම් 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්.ජයවීර පරාජය කළ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එන්. ධර්මසේනට මෙහි ජයග්‍රහණය හිමිවිය.

කාන්තා, කි.ග්‍රෑම් 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

MAS ලීනියා කණ්ඩායමේ ඩී. සිල්වා පරාජය කළ යුනිචෙලා කණ්ඩායමේ එල්. උදයන්ගනී මෙහිදී ජය ලැබුවාය.

කාන්තා, කි.ග්‍රෑම් 60 ලයිට් වෙයිට් බරපන්තිය

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ සිතාරි සඳරේඛා පරාජය කරමින් යුනිචෙලා කණ්ඩායමේ ඩී. ධර්මතිලක ක්‍රීඩිකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවාය.

කාන්තා, කි.ග්‍රෑම් 57 ෆෙදර් වෙයිට් බරපන්තිය

කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයේ ආර්. මෙන්ඩිස් ක්‍රීඩිකාව හමුවේ වේගවත් ප්‍රහාරයන් දියත් කළ යුනිචෙලා කණ්ඩායමේ කේ. හංසිකා මෙහි ශූරතාවය දිනාගත්තාය.

කාන්තා, කි.ග්‍රෑම් 54 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුනිචෙලා කණ්ඩායමේ එස්. තල්ගස්පිටිය හමුවේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකා එස්. කුරේ මෙහි ශූරතාවය ලබාගත්තාය.

කාන්තා, කි.ග්‍රෑම් 51 ෆ්ලයි වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අයි. පෙරේරා සහ යුනිචෙලා කණ්ඩායමේ ඩී. ජයසිංහ අතර තරගයෙන් ජයසිංහ පහසු ජයක් ලැබුවාය.

කාන්තා, කි.ග්‍රෑම් 48 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එරන්දි ද සිල්වා වෙත දක්ෂ ලෙස ප්‍රහාර එල්ලකළ යුනිචෙලා ක්‍රීඩිකා කේ. නිල්මිණි මෙහි ශූරතාවයට පත්විය.

පිරිමි, කි.ග්‍රෑම් 91+ සුපර් හෙවිවෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඊ. තිලකරත්න හමුවේ මෙහි ශූරතාවය දිනාගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. මීගස්තැන්න යි.

පිරිමි, කි.ග්‍රෑම් 91 හෙවිවෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩකයන් දෙපලක් වූ එන්. ජයවීර සහ පී. ජයසේන අතර තරගයෙන් ජයවීර ශූරතාවය දිනාගත්තේය.

පිරිමි, කි.ග්‍රෑම් 81 ලයිට් හෙවිවෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. බණ්ඩාර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ප්‍රනාන්දු අතර තරගයෙන් ප්‍රනාන්දු ජය හිමිකරගත්තේය.

පිරිමි, කි.ග්‍රෑම් 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

පෙරේ දා (05) පැවති අවසන් පූර්ව තරගයේදී විනිසුරුවන් විසින් ජයග්‍රහණය ලබාදී අවසන් තරගයට රැගෙන ආ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එන්. හීල්බත්දෙණිය ඊයේ (06) තරගයට සහභාගී නොවූ බැවින් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. කුමාරට මෙහි ශූරතාවය හිමිවිය.

පිරිමි, කි.ග්‍රෑම් 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කුමාරසිංහ සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අයි. රාජපක්ෂ අතර මෙහිදී හොඳ තරගයක් දිස්වූ නමුත් ජූරියේ තීරණය රාජපක්ෂට හිමිවුණි.

පිරිමි, කි.ග්‍රෑම් 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සී. උදයකුමාර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ බී. රාජකරුණා අතර තරගය රාජකරුණා විසින් ජයගත්තේ හොඳ තරගයකින් අනතුරුවයි.

පිරිමි, කි.ග්‍රෑම් 60 ලයිට් වෙයිට් බරපන්තිය

පෙරේ දා ආන්දෝලනාත්මක අයුරින් අවසන් පූර්ව තරගය ජයගත් ස්ලිම්ලයින් ක්‍රීඩක එස්. ජයවීරට ඊයේත් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ විමුක්ති කුමාරගෙන් දැඩි අභියෝගයක් හිමිවිය. බැලුබැල්මටම 5-0ක තීරණයකින් අවසන් විය නොහැකිව තිබූ තරගය විනිසුරුවන් විසින් ජයවීරට ලබාදුන්නේ 5-0ක් ලෙසින්.

පිරිමි, කි.ග්‍රෑම් 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

ස්ලිම්ලයින් ක්‍රීඩක නුවන් අමරවංශ ඉතා හොඳ තරගයකින් අනතුරුව හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ කසුන් මධුරංගව පරාජය කරමින් මෙහි ශූරතාවය දිනාගත්තේය.

පිරිමි, කි.ග්‍රෑම් 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ අයි. වර්ණසූරිය සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්. ප්‍රභාශ්වර අතර පැවති අවසන් මහා තරගයේදී දෙදෙනාම උණුසුම් අයුරින් ක්‍රීඩා කළ අතර වර්ණසූරිය තරගය ජයගත්තේය.

පිරිමි, කි.ග්‍රෑම් 49 ෆ්ලයි වෙයිට් බරපන්තිය

හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ එස්. රණසිංහට එරෙහිව තරග වට තුනේදීම සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පී. ධර්මසේනට පරාජයෙන් සෑහෙන්නට සිදුවූයේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයෙකු සේ සැලකෙන අනුරුද්ධ රත්නායක මහතා සහභාගී වූ අතර දක්ෂතම ක්‍රීඩකයන් පහත පරිදි විය.

Layton Cup Boxing Tournament

.

  • දක්ෂතම ක්‍රීඩිකාව – ඩී. ධර්මතිලක (MAS යුනිචෙලා ක්‍රීඩා සමාජය)දකුණුපස
  • දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව – සිතාරි සඳරේඛා (හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජය)වම්පස

.

Layton Cup Boxing Tournament

.

  • දක්ෂතම ක්‍රීඩකයා – එස්. රණසිංහ (හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජය)වම්පස
  • දක්ෂතම පරාජිතයා – එම්. ප්‍රභාශ්වර (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය)දකුණුපස

.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට