ප්‍රේක්ෂක විශ්වාසය ඉහළ නංවමින් සිව්වැනි දිනය නිමා වෙයි

318

77 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (17) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වුණේ අනාගතයට සුබදායී හැඟීම් එක්කරමිනි. දක්ෂයන් රැසකට එහි දී තම දස්කම් වල සාධාරණය ඉටු විය.

තරගාවලියේ අවසන් මහා තරග අද (18) MAS රාජකීය බොක්සිං අංගනය තුළ පස්වරු 2.00ට පසුව පැවැත්වෙන අතර ඊට පෙර අප අවසන් පූර්ව තරග ප්‍රතිඵල දෙස අවධානය යොමුකරමු.

ලේටන් කුසලානයේ තෙවන දිනයත් සාර්ථකව නිමා වෙයි

77 වන ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ තුන්වැනි දිනය ඊයේ (16) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී සාර්ථකව නිමාවට පත් විය. තෙවන දිනයේ දී පැවති සියලුම තරග පිරිමි…

   කාන්තා   

  • කි.ග්‍රෑම් 48 – ලයිට් ෆ්ලයිවෙයිට්

MAS ලීනියා කණ්ඩායමේ කව්මිණි ගමගේ සහ තුරුලී කණ්ඩායමේ ඩී. දිනූෂා අතර තරගයෙන් කව්මිණි ජයගත්තාය. තුරුලී කණ්ඩායමේ අනුත්තරා රණසිංහ සහ යුනිචෙලා කණ්ඩායමේ කේ. වාසනා අතර තරගයේ ජය හිමිවූයේ අනුත්තරාටයි. එබැවින් අවසන් මහා තරගයේ දී උක්ත ජයග්‍රාහිකාවන් තරග බිමට පිවිසෙනු ඇත.

  • කි.ග්‍රෑම් 51 – ෆ්ලයිවෙයිට්

යුනිචෙලා ක්‍රීඩිකා කේ. නිල්මිණි සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ටී. පෙරේරා අතර තරගයේ ජය නිල්මිණිට හිමිවෙද්දී, යුනිචෙලා කණ්ඩායමේ ආර්. කෞෂල්‍යා සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ප්‍රියදර්ශනී අතර තියුණු තරගයේ ජය කෞෂල්‍යා විසින් දිනාගත්තාය.

  • කි. ග්‍රෑම් 54 – බැන්ටම්වෙයිට්

ඊයේ (17) පැවැත්වුණේ එහි අවසන් මහා තරගයයි. එහි දී යුනිචෙලා කණ්ඩායමේ එස්. තල්ගස්පිටිය පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කුරේ ජයගත්තාය.

  • කි. ග්‍රෑම් 57 – ෆෙදර්වෙයිට්

යුනිචෙලා කණ්ඩායමේ එන්. පුෂ්පකුමාරිට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. සඳමාලි තරග වැදුණු අතර එහි දී පුෂ්පකුමාරි ජයගත්තාය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සී. පස්යාල සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජී. චන්ද්‍රිකා අතර තරගයේ ජය හිමිවුණේ චන්ද්‍රිකාට යි.

  • කි. ග්‍රෑම් 64  – ලයිට් වෙල්ටර්වෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. සුමුදු සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ. තිවංකා අතර තරගයේ ජය සුමුදු විසින් දිනාගත් අතර MAS ලීනියා කණ්ඩායමේ එච්. පෙරේරා සහ යුනිචෙලා කණ්ඩායමේ පී. අතපත්තු අතර තරගයේ ජය අතපත්තු විසින් දිනාගත්තාය.

  • කි. ග්‍රෑම් 69 – වෙල්ටර්වෙයිට්

පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. ප්‍රියදර්ශනී සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. දිලිනි අතර පැවති මෙහි අවසන් මහා තරගයේ දී දිලිනි ජයගත්තාය.    

  • කි. ග්‍රෑම් 75 – මිඩ්ල්වෙයිට්

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කළුආරච්චි සහ පොලිස් ක්‍රීඩා සමාජයේ පී. ජයකොඩි අතර තරගයේ ජය කළුආරච්චිට හිමි විය. පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. බණ්ඩාරට එරෙහිව යුනිචෙලා ක්‍රීඩා සමාජයේ එස්. චන්ද්‍රසේකර තරග වැදුණු අතර එහි ජය චන්ද්‍රසේකර හට හිමි විය.

    පිරිමි   

  • කි. ග්‍රෑම් 49 – ලයිට් ෆ්ලයිවෙයිට්

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අයි. පෙරේරා පරාජය කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජීවන්කුමාර ජයගත්තේ විශිෂ්ට ක්‍රීඩාවක නිරතවෙමිනි. පේරාදෙණිය ක්‍රීඩා සමාජයේ එන්. ජිනදාස සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සංජීව නුවන් අතර තරගයේ දී නුවන් ජයගත්තේය.

  • කි. ග්‍රෑම් 52 – ෆ්ලයිවෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පී. ධර්මසේන සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඊ. මධුෂාන් අතර තියුණු තරගයේ ජය ධර්මසේන විසින් දිනාගත්තේය. ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ආර්. සඳරුවන් පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ මහේෂ් උදයකුමාර ජයගත්තේ ප්‍රතිවාදියාට දැඩි අභියෝගයක් වෙමිනි.

  • කි. ග්‍රෑම් 56 – බැන්ටම්වෙයිට්

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කේ. අමරවංශ විසින් පොලිස් ක්‍රීඩා සමාජයේ ආර්. ප්‍රසන්න පරාජය විය. යුධ හමුදා ක්‍රීඩකයන් දෙපලක් වූ බී. රාජකරුණා සහ ටී. වීරක්කොඩි අතර තරගයෙන් නිතරග ජයක් හිමිවූයේ වීරක්කොඩි හටයි.

  • කි. ග්‍රෑම් 64 – ලයිට් වෙල්ටර්වෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ බී. රාජකරුණා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ. රත්නායක අතර තරගයේ ජය රාජකරුණා හට හිමිවිය. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. පද්මකුමාර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සී. උදයකුමාර අතර තරගයෙන් උදයකුමාර ජයගත්තේය.

  • කි. ග්‍රෑම් 60 – ලයිට්වෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ විමුක්ති කුමාර සහ එම්. බණ්ඩාර අතර තරගයෙන් නිතරග ජයක් විමුක්ති හට හිමි විය. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්. චන්ද්‍රබණ්ඩාර සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී. ජයම්පති අතර තරගයේ ජය ජයම්පතිට හිමි විය.  

  • කි. ග්‍රෑම් 69 – වෙල්ටර්වෙයිට්

MAS ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ එන්. හීල්බත්දෙණිය සහ අයි. රාජපක්ෂ අතර තරගයේ ජය රාජපක්ෂ හට හිමි විය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩිල්ෂාන් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. මධුරංග අතර තරගයෙන් මධුරංග ජයගත්තේය.

  • කි. ග්‍රෑම් 75 – මිඩ්ල්වෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ජීවන්ත සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. කුමාර අතර තරගයේ ජය කුමාර විසින් දිනාගත්තේය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. පුෂ්පකුමාර සහ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඒ. ගුණසේකර අතර තරගයෙන් ගුණසේකර ජයගත්තේය.

  • කි. ග්‍රෑම් 81 – ලයිට් හෙවිවෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. සඳකැලුම් සහ කේ. මධුරසිංහ අතර තරගයෙන් නිතරග ජයක් හිමි වූයේ සඳකැලුම්ට යි. නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. දේශප්‍රිය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. මුදන්නායක අතර තරගයෙන් ජය ලැබුවේ මුදන්නායක යි.

  • කි. ග්‍රෑම් 91 – හෙවිවෙයිට්

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එච්. අබේසිංහ සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. බණ්ඩාර අතර තරගයෙන් ජය ලැබීමට අබේසිංහ වාසනාවන්ත විය. නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්. සම්පත් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. බණ්ඩාර අතර තරගයෙන් ජය ලැබුවේ බණ්ඩාර යි.

  • කි. ග්‍රෑම් 91+ – සුපර් හෙවිවෙයිට්

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී. රත්නදිවාකර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. හෙට්ටිගේ අතර තරගයෙන් රත්නදිවාකර ජය ලැබුවේය. යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඊ. තිලකරත්න සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මයුර මීගස්තැන්න අතර තරගයේ ජය ලැබුණේ තිලකරත්න යි.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා බොක්සිං පිටියේ දක්නට ලැබෙනවාට වඩා සාධාරණයක් ඊයේ තරග තුළ දී දක්නට ලැබුණු අතර එය තවදුරටත් දියුණුවේ යැයි විවෘත බොක්සිං ප්‍රේක්ෂකයන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් බලා සිටියි. අවසන් මහා තරගවල තොරතුරු නිශ්චල රූප සහ පුවත් ආකාරයෙන් විඳගන්නට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<