පළමු දිනය යුධ හමුදාවට සහ ස්ලිම්ලයින්ට

275
Layton cup

2017 ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය ඊයේ (02) ඇරඹුණේ කොළඹ MAS රාජකීය බොක්සිං කවයන් දෙක මතදීයි. එහිදී ස්ලිම්ලයින්, පොලිස්, ගුවන් හමුදා, නාවික හමුදා, යුධ හමුදා, කැෂුවල් ලයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු අතර දිනය නිමා වූයේ යුධ හමුදා ක්‍රීඩකයන් ඉදිරියෙන් තබමින්.

ලේටන් කුසලාන බොක්සිං තරග හෙට සිට

2017 වසරේ ජාතික බොක්සිං තරග ආරම්භ කරමින් ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (02)…

මෙම තරගාවලිය සැලකෙන්නේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන බොක්සිං කණ්ඩායම තෝරාගැනීමේ මූලික තරගාවලියක් ලෙසයි. කෙසේ වෙතත් ලේටන් කුසලානය කණ්ඩායමකට නොව එක් ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට හිමිවන බැවින් ඉදිරි දින කිහිපය තීරණාත්මක විය හැකි අතර ඊයේ දිනය තුළ පැවති තරග අතුරින් ජයගත්තේ පහත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය.

කි.ග්‍රෑ. 48, කාන්තා ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • එච්. වීරසිංහ – කැෂුවල් ලයින්

කි.ග්‍රෑ 52, පිරිමි ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ආර්. සඳරුවන් – MAS
  • වී. රූපසිංහ – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • කේ.රවීන්ද්‍රනාත් – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • ඩී. ජයරංගන – යුධ හමුදා ක්‍රීඩා සමාජය

කි.ග්‍රෑ. 60, පිරිමි ලයිට් වෙයිට් බරපන්තිය            

  • එස්. ජයවීර – ස්ලිම්ලයින්

කි.ග්‍රෑ. 69, පිරිමි වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • වී. නිකලස් – යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය
  • එම්. ඩිල්ෂාන් – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • එන්. හෙට්ටිආරච්චි – ස්ලිම්ලයින්
  • එස්. රූපසිංහ – යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය
  • එස්. රත්නායක – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • අයි. රාජපක්ෂ – ස්ලිම්ලයින්
  • ඩී. මධුරංග – යුධ හමුදා ක්‍රීඩා සමාජය

කි.ග්‍රෑ. 49, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • අමිල නුවන් – ස්ලිම්ලයින්
  • සංජීව නුවන් – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • කේ. අබේගුණවර්ධන – යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය
  • පී. ධර්මසේන – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • නන්දික කුමාර – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • සී. පෙරේරා – ස්ලිම්ලයින්

කි.ග්‍රෑ. 64, පිරිමි ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • සී. උදයකුමාර – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • ආර්. ප්‍රියදර්ශන – යුධ  හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය
  • ජී. පද්මසිරි – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • සී. මධුශංක – යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය

කි.ග්‍රෑ. 91, පිරිමි හෙවිවේයිට් බරපන්තිය  

  • එල්. සඳුන් – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • පී. වාරියප්පෙරුම – යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය
  • එල්. ප්‍රසන්න – පොලිස් ක්‍රීඩා සමාජය

තරගාවලිය අද (03) දිනයේදීත් ක්‍රියාත්මකයි. ප්‍රතිඵල ThePapare.com තුළින් බලාපොරොත්තු වන්න.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට