කිසිදු ගෝලයක් වාර්තා නොකරමින් ජයග්‍රහණය නේපාලයට

458
4th SAFF Women's Championship
Sri Lanka's Nalika Karunarathne in action against Nepal (4th SAFF Women's Championship)

ඉන්දියාවේ සිලිගුරු හී පැවැත්වෙන 4 වන SAFF කාන්තා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායාමේ, අවසාන කණ්ඩායම් තරගය ඉතා දක්ෂ ලෙස, මනා හැකියාවන් පෙන්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග වැදුනද, අවසාන මිනිත්තු කිහිපයේදී තමන්  විසින් ලබාදුන් ගෝලයක් නිසා ඔවුන් ගෝල 1-0 ලෙස නේපාලය හමුවේ පරාජය විය.

පසුගිය ලිපි: එරන්දි සහ ප්‍රවීනා ශ්‍රී ලංකාවට ජය ගෙනඑයි

නොසිතූ ලෙස මාලදිවයින හමුවේ ගෝල 5-2 ලෙස පළමු තරගය පරාජයට පත්වීමත් සමඟ අනෙක් තරග දෙකම ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ගෝල 2-0ක් ලෙස භූතානය හමුවේ පැවතී තරගයේදී ශ්‍රී ලංකා නායිකා එරන්දි ලියනගේ සහ ප්‍රවීනා පෙරේරා විසින් දෙවන අර්ධයේදී ලබා ගත් ගෝල සමඟින් තරගයේ ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ සමඟින් ගෝල 8-0ක් සහ 9-0ක් ලෙස පිලිවෙලින් භූතානය සහ මාලදිවයින පරාජය කල නේපාලය සමඟ තරග වැදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා තියුණු සටනක් දෙමින් ලකුණු සොයනා ආකාරයක් දක්නට ලැබුනු නමුත් ප්‍රථම අර්ධයේ අවසානය තෙක් කිසිදු කණ්ඩායමක් ලකුණක් හෝ වාර්තා කිරීමට අසමත් විය.

ප්‍රථම අර්ධය: ශ්‍රී ලංකාව 0 : 0 නේපාලය

නේපාල කණ්ඩායම උද්වේගයෙන් යුතුව දෙවැනි අර්ධය ආරම්භ කල අතර සබ්‍රිතා සහ ශර්මිලා ගෝලයක් වාර්තා කිරීමට මාන බැලූ නමුත් 53වැනි මිනිත්තුවේදී ශර්මිලාගේ උත්සාහය අපතේ යන ලදී. ඉන්පසුව ප්‍රතිවාදීන්ගේ තවත් ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක් අහුරාලන්නට ශ්‍රී ලංකා ගෝල රකින්නිය අයෝමී ශානිකා සමත් විය. තරගයේ අවසානයට මිනිත්තු 3ක් තිබියදී ඉතාමත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා රුෂානි ගුණවර්ධන විසින් සිය කණ්ඩායමේ දැල වෙතම එල්ල කරනු ලැබූ ගෝලයක් නිසාවෙන් තරගයේ ජයග්‍රහණය නේපාල කණ්ඩායමට උරුම විය.

අවසන් ලකුණු: ශ්‍රී ලංකාව 0 : 1 නේපාලය

බලාපොරොත්තු සුන්වීමත් සමඟින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු රත්නම් ජස්මින් මහතා,

“නේපාලය ඉතා හොඳ කණ්ඩායමක්. අපේ ඉලක්කය වුනේ ප්‍රධාන ක්‍රීඩිකාවන් 4 දෙනෙක්, එ්ක වැඩ කළා. අපි ඉතාමත් ආරක්ෂාකාරීව ක්‍රීඩා කලා. දැන් අපි භූතානය සහ මාලදිවයින අතර තරගය තෙක් බලා සිටිනවා.”

තවද ඔහු කියා සිටියේ මාලදිවයින සමඟ පැවතී තරගය මුළු තරගාවලියේම හැරවුම් ලක්ෂය වූ බවයි.

“පළමු තරගයේදී තරග තීරක ගත් තීරණ සාධාරණ නෑ. එය මුළු තරගාවලියේම හැරවුම් ලක්ෂය වුණා.” ඔහු පැවසීය.

නේපාල කාන්තා පිලේ ප්‍රධාන පුහුණු කුමාර් තාපා මහතා ප්‍රතිවාදී පිල ඇගයීමට ලක් කරන ලදී.

“මේ පාපන්දු ක්‍රීඩාවේදී හැම ප්‍රතිවදියෙක්ම එක් එක් අංශ වලින් දක්ෂයි. ශ්‍රී ලංකාව ඉතා නුවණක්කාර ලෙස තරගය ක්‍රීඩා කලා. ඔවුන් අපේ ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ඉලක්ක කල නමුත් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට අපට හැකි වුණා. මම ශ්‍රී ලංකා පුහුණුකරුගේ උපාය අගය කරනවා. මේ පාපන්දු, මම දැනන් හිටියා මේක වෙයි කියල. අපිට තවත් අවස්තා තිබුණා, නමුත් එ්වා ක්‍රියාවට නැංවීමට නොහැකි වුණා.”

දවස් 6ක් ඇතුලත තරග තුනක් ක්‍රීඩා කිරීම පහසුදැයි ඇසූ විට කුමාර් මහතා පවසා සිටියේ “එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපි තරග දෙකක්ම දවල් කාලයේදී ක්‍රීඩා කාල. අපේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයත් පවත්වන්නේ දවල් කාලයේ, මම හිතනවා එ්ක අපිට උදවු වේවි කියලා.”

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට