අජන්ත මෙන්ඩිස් නැවතත් ක්‍රිකට් පිටිය හොල්ලයි

1132
Sri Lanka win Last Man Stands World Championship

දකුණු අප්‍රිකාවේ පැවැත්වූ ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වූ අතර එම තරගය ලකුණු 85කින් ජයග්‍රහණය කළ වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

ඕල්කට් ක්‍රිකට් ආදි සිසු කුසලානයත් ගාල්ල මහින්දයට

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් වියතාණන් විසින් මෙරට ස්ථාපිත කරන ලද පාසල් අතුරින් කිහිපයක් එකතුව එතුමන්ට ගෞරව…

අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වය සහිතව සහභාගී වූ වෙනෝරා ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එහි දී ලක්ෂාන් එදිරිසිංහ පන්දු 32ක් තුල ලකුණු 70ක් රැස්කර ගත්තේ වේගවත් පිතිකරණයක නිරත වෙමිනි. නායක අජන්ත මෙන්ඩිස් ද පන්දු 25ක් තුල ලකුණු 41ක් රැස්කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව තවදුරටත් ඉහළ නංවාලමිනි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස්කර ගත්තේය.

ලකුණු 202ක දැවැන්ත අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු රීබෙල්ස් කණ්ඩායමේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය. ඒ නිසා තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව දෙසට නතු වූ අතර අවසානයේ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 116/6කට සීමා විය.

ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරගාවලියක ජයග්‍රහණයක් ලබා ගැනීමේ ආසන්නතම…

මෙම තරගාවලියට මූලික වටයේ සහභාගී වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ද ලකුණු 85කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කීවේය.

වෙනෝරා ශ්‍රී ලංකා – 201/7 (20): ලක්ෂාන් එදිරිසිංහ 70, අජන්ත මෙන්ඩිස් 41.

දකුණු අප්‍රිකානු රීබෙල්ස් – 116/6 (20):

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න