ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් තරගාවලිය මැයි මාසයේ

192

ලෝකය තුළ ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් ආකෘතියේ 2018 ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප‍්‍රථම අදියර වන දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන මැයි මස 12 වැනිදා සිට ආරම්භ වේ.

ක්‍රිකට් ක්‍රීඩාංගණ කාර්ය බහුල කරවන නව සැලැස්මක්

2019 ලෝක කුසලානය මූලික කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉදිරි මාස 12 තුළ කාර්යබහුල කාල….

LAST MAN STAND RACE TO CHESTER ENGLAND-2018 ලෙසින් නම් කර ඇති මෙවර ශූරතාව සඳහා ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 2ක් ද, අනුශූරතාව සඳහා රුපියල් ලක්ෂයක් ද පිරිනැමෙනු ඇත. ඊට අමතරව තරගාවලියේ දක්ෂතා දක්වන හොඳම ක්‍රීඩකයන් සිව් දෙනකුට ශ‍්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ එංගලන්තයේ චෙස්ටර් නුවර පැවැත්වෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද උදාවනු ඇත.

මෙතෙක් කලක් කොළඹට පමණක් සීමා වෙමින් පැවති ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මෙවර තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම කෙරෙහි සංවිධායකයින්ගේ අවධානය යොමුවී තිබෙන බැවින් දිස්ත්‍රික්ක 4ක් එ් සඳහා යොදා ගැනීමට තීරණය වී තිබේ. එ් අනුව කළුතර, අනුරාධපුර, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්ක ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් මට්ටමේ තරග පැවැත්වෙන දිස්ත්‍රික්ක ලෙස තෝරාගෙන තිබේ.

එ් අනුව මැයි මස 12 සහ 13 දෙදින කළුතර දිස්ත්‍රික්කයේ තරග පැවැත්වෙන අතර මැයි 19 සහ 20 අනුරාධපුරයේ දී ද, මැයි 26 සහ 27 කුරුණෑගල දී ද සහ ජුනි මස 2 සහ 3 කොළඹ ද දිස්ත්‍රික් මට්ටමේ තරග ක්‍රියාත්මක වනු ඇත.

ලෝක විස්සයි විස්ස කණ්ඩායමට තවත් දෙන්නෙක්

ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හා කඩුලු රකින පිතිකරු දිනේෂ් කර්තික් ICC ලෝක ක්‍රිකට්…

තරගාවලිය නියෝජනය කිරීම සඳහා වන අයැදුම්පත් භාර ගැනීම ලබන මැයි මස 07 වැනිදායින් අවසන් වන අතර සෑම කණ්ඩායමක්ම එදිනට පෙර අයැදුම්පත ද සමඟ මුදල් ගෙවා සිය සහභාගීත්වය ස්ථීර කර ගත යුතුය. දිවයින පුරා මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණ හේතුවෙන් ඉකුත් වසරේ දී ගෙවිය යුතුව තිබූ රුපියල් හතළිස් දහසක (40,000) ඇතුළත් වීමේ ගාස්තුව මෙවර විසි දහස දක්වා (20,000) අඩු කර තිබීම ද විශේෂත්වයක් ලෙස සැලකිය හැක. මෙම තරගාවලියේ ඇති සුවිශේෂත්වය වන්නේ  ඕනෑම ක්‍රීඩකයින් 8 දෙනෙකුට ක්‍රීඩා සමාජයක් අයුරින් ඉදිරිපත් වීමට ඇති සරළම හැකියාව යි.

දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණ කරනු ලබන කණ්ඩායම් ජාතික තරගාවලියට සුදුසුකම් ලබන අතර ජාතික මට්ටමේ තරග පැවැත්වෙන දින තරගාවලිය පැවැත්වෙන අතරතුර දී දැනුම් දෙනු ඇති බව තරග සංවිධායකයෝ දැනුම් දී සිටිති. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දුරකතන අංක 0770 514549 හෝ 0778 117333 ෂෙරන් හෝ චමිල ඇමතීමෙන් ලබාගත හැක.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් යනු එක් පන්දුවාරයක් පන්දු 5කට සීමා කර ඇති නව ආරක විස්සයි විස්ස තරගාවලියකි. පැය 2ක කාලයක් තුළ පවත්වා අවසන් වන මෙම ක්‍රිකට් තරගාවලියේ ඇති අනෙක් සුවිශේෂීතාව වන්නේ අවසන් පිතිකරුවාට වුවද තනිව පන්දුවට පහර දීමේ හැකියාව යි.

මෙම තරගාවලිය යටතේ ඉකුත් වසරේ පැවති තරගාවලියේ ශූරතාව දිනා ගත් අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි පැවති ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<