ගෙවුනු දවස ජුනි 01 – දවසේ ක්‍රීඩාව ක්‍රිකට්

731
Last day Summary - Jun 01

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් අද සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

 – ක්‍රිකට් – 

නුවන් කුලසේකර ටෙස්ට් පිත්ත අත් හරි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවණ් කුලසේකර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු විසින් ඒ් බව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දී අැති අතර ඔවුන් එය භාර ගත් බවට සනාථ කර අැත.

සම්පූර්ණ ලිපිය: කුලසේකර ටෙස්ට් පිටියෙන් සමුගනියි

ශූරයින්ගේ කුසලානය ලබන ජුනි 01 වනදා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය සංවිධානය කරනු ලබන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ තරග කාලසටහන, තරගාවලිය ආරම්භ වීමට වසරකට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කොට තිබේ.

ඒ අනුව තරගාවලිය ජුනි 01දා එංගලන්තයේදී ආරම්භවීමට නියමිත අතර තරගාවලිය ආරම්භකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 03දා සිය පළමු තරගයට දකුණු අප්‍රිකාවට එරෙහිව මුහුණදෙයි. තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව එම කාණ්ඩයට ඇතුළත් වෙයි.

සම්පූර්ණ ලිපිය: ශූරයන්ගේ කුසලානයේ කාලසටහන නිකුත්වෙයි

දයාසිරි සහ ඩිල්ෂාන් ගැන සමහර මාධ්‍ය සාවද්‍ය පුවත් වාර්තාකරණයක.

එක්තරා වෙබ් අඩවියක් විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකාවේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් අතර සාවද්‍ය පුවතක් නිර්මාණය කරමින් ඒ පිළිබදව වැරදි මතයන් ප්‍රචාරය කිරීමට විනි.

එහිදි ඩිල්ෂාන් විසින් මේ වන විට පවත් වනු ලබන එංගලන්ත සංචාරයට සහභාගී නොවන හේතුව ලෙස දයාසිරි ජයසේකර අැමතිතුමන්ගේ ප්‍රකාශයක් හේතු වු බව දක්වා තිබිනි. කෙසේනමුත් ඩිල්ෂාන් සහ අැමතිතුමන් පවසන්නේ එවැනි අාකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවු බවත් සැබැවින්ම එයින් තමන් කනගාටු වන බවත්ය.

සම්පූර්ණ ලිපිය: දයාසිරි – ඩිල්ෂාන්ගේ ගැටුමේ සුල මුල

විශ්වාස කවුද? අවිශ්වාස කවුද? යන්න ගැළුවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන සියලුම සේවකයන් අතරින් අවිශ්වාස පුද්ගලයන්ව එළියට දමා විශ්වාස පුද්ගලයන් සමග ඉදිරි පරිපාලනය කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.

කිසිදු මාධ්‍ය හිතවතකු සමග මින් ඉදිරියට ගනු දෙනු කිරීමෙන් වැලකී සිටින ලෙසත්, අනවශ්‍ය දුරකථන සංවාදවල නොයෙදන ලෙසත් අදාළ රැස්‌වීමේදී වැඩිදුරටත් කළමණාකාරීත්වය දන්වා ඇතැයි වාර්තා වේ.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අවිශ්වාස පුද්ගලයන් එළියට?

චන්දික හතුරුසිංහට බංග්ලාදේශෙයන් සැප වැඩි කරයි.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාර්ථකම පුහුණුකරුවා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහට පුහුණුකරු තනතුරට අමතරව තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාවද ලබාදෙන බව එරට ක්‍රිකට්‌ සභාපති හසවුල් හසන් පවසයි.

හතුරුසිංහව පුහුණුකරු තනතුරට විතරක්‌ පත් කරනවාට වඩා ඔහුව තේරීම් කමිටුවටත් පත්කිරීම මගින් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා හඳුනා ගැනීමට පුළුවන්. කනිෂ්ඨ තරගාවලි නරඹා එතනදි ඔවුන්ගේ දක්‍ෂතාවන් හඳුනා ගැනීමට ඔහුට එමගින් අවස්‌ථාව ලැබෙනවා. ඒ වගේම ඒ සඳහා ඔහුට ලබාදෙන කාලය සහ වැටුපත් අපි තීරණය කරනවා.”

සම්පූර්ණ ලිපිය: බංග්ලාදේශයෙන් හතුරුට තවත් වැඩක්‌

 – පාපන්දු – 

යුධ හමුදා සහ රිනවුන් ක්‍රීඩා සමාජ අවසන් තරගයට අසුන් වෙන්කර ගනි.

අයහපත් කාලගුන තත්වයන් හමුවේ කල් දැමු එෆ්. ඒ්. කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග අද පැවැත් විනි. එහිදි සෝන්ඩර්ස් කණ්ඩායමට එදිරිව රිනවුන් කණ්ඩායම සහ කොළඹ පාපන්දු සමාජයට එදිරිව යුධ හමුදා අතර වන තරග කොළඹ තුරග තරග පිටියේදි නිමාවට පත්විය.

එහිදි ගෝල 1 – 0 ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, 04 – 02 ක් ලෙස රිනවුන් ක්‍රීඩා සමාජයත් ගෝල වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. අවසන් තරග පවත්වන දින වකවානු තවමත් ප්‍රකාශ කර නොමැත.

 – මලල ක්‍රීඩා – 

 රොෂාන් ධම්මිකව පෙරටු කරගෙන කණ්ඩායම වියට්නාමයට.

හෙට (2දා) සිට 6 දා දක්‌වා වියට්‌නාමයේ පැවැත්වෙන 17 වැනි ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (1 දා) අළුයම දිවයිනෙන් පිටත්විය.

ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් යුත් අදාළ සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක්‌ හා ක්‍රීඩිකාවන් 7 දෙනෙක්‌ ඇතුළත්ය. පොදුරාජ්‍ය මණ්‌ඩලීය යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්‌කමක්‌ දිනා දුන් රොෂාන් ධම්මිකට මෙවර ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායම මෙහෙයෙවීමේ වගකීම පැවරී ඇති අතර ඔහු කටාර්හි පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුව ඉකුත්දා දිවයිනට පැමිණ තිබේ.

සම්පූර්ණ ලිපිය: වියට්‌නාම් යන කනිෂ්ඨ මලල ක්‍රීඩා පිලේ නායකත්වය රොෂාන්ට

දවසේ නිමාව