ලසිත් මාලිංග එක්දින සංචිතයෙන් ඉවත් වූයේ ඇයි?

1021
Lasith Malinga

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඉදිරියේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව ThePapare.com වෙත වාර්තා වේ.

සංගා, මහේල, අරවින්ද අලූත් සූත්‍රයක් සමඟින් නැවතත් පිටියට

ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයින් තිදෙනෙකු වන කුමාර් සංගක්කාර, මහේල…

වයස අවුරුදු 34ක් වන මාලිංග මාස 19ක පමණ දීර්ඝ විරාමයකට පසුව නැවතත් එක්දින ක්‍රිකට් පිටියට පැමිණියත්, ඔහුට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

අවසන් වරට මාලිංග සහභාගි වූ එක්දින තරග 13 තුළ මාලිංග ලබාගෙන ඇත්තේ කඩුලු 10ක් පමණි. තවද එහි දී පන්දුවාර 103.5ක් තුළ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය ලකුණු 62.30ක් වැනි ඉහළ අගයක පවතී. එසේම ඔහු අවසන් තරග කිහිපය තුළ හොඳ කායික සුවතාවයකින් නොසිටි අතර, ඔහුගේ පන්දු රැකීම ද දුර්වල මට්ටමක පැවතිනි.

“සිම්බාබ්වේ තරගාවලිය හා ඉන්දීය තරගාවලිය තුළ මට දස්කම් අතරට එන්න බැරි වුනා. මම දැන ගත්තා තරගාවලිය අවසානයේ මම කොයි වගේ මට්ටමක ද ඉන්නේ කියලා. මගේ ඇඟ තව කොච්චර කාලයක් ක්‍රීඩාව තුළ ඉන්න දෙයි ද කියලා මට හරියටම කියන්න බෑ. මම අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් බව ඇත්ත නමුත්, මට තරග දිනවන්නට බැරි නම් මගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවය හරියට වෙන්නේ නෑ.“ යැයි නිමා වූ ඉන්දීය තරගාවලිය අවසානයේ දී මාලිංග මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

තවද දැනට පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා ඔහු ටෙස්ට් තරගාවලියට සහභාගි නොවන අතර, ඔහු එක්දින තරගාවලිය හා එක්වීමට වැඩි ඉඩකඩක් පවතී.

ශ්‍රී ලංකා පාකිස්තානු එක්දින තරගාවලිය ලබන 13 වැනිදා ඩුබායි හිදී ආරම්භ වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට