ලසිත් මාලිංගගෙන් සුපිරි කඩුලු දඩයමක්

666
Image Courtesy - iplt20.com

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44වන තරගය ලෙස ඊයේ (26) රාත්‍රියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 46කින් ජයගැනීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන තරග විනිශ්චයට වැඩිම සහභාගිත්වය ශ්‍රී ලංකාවෙන්

ලබන මැයි මස අවසානයේ සිට එංගලන්තය සහ වේල්ස් හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු…

චෙන්නායි කණ්ඩායමේ සත්කාරක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය සඳහා චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා විවේක ගන්වා ක්‍රීඩා කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි කණ්ඩායමේ වැඩබලන නායක සුරේෂ් රයිනා පළමුව පන්දුවට පහරදීමට මුම්බායි කණ්ඩායමට ආරාධනා කළ අතර මුම්බායි පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 155ක් වාර්තා කළහ.

එහිදී මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් රැස්කළ අතර ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 48ක් පමණි. ඊට අමතරව එවින් ලුවිස් ලකුණු 32ක් රැස් කළේය.

සිය පිළිතුරු ඉනිම දියත් කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් තුළ ලකුණු 109කට සීමා කරන්නට ලසිත් මාලිංග ප්‍රමුඛ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග පන්දුවාර 3යි පන්දු 4ක් තුළ ලකුණු 37කට කඩුලු 4ක් බිඳ දමමින් චෙන්නායි ඉනිම සුණු විසුණු කර දමන ලදී. එම කඩුලු 4ද සමඟින් මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයින් අතර 10 වන ස්ථානය දිනාගැනීමට මාලිංග සමත්ව තිබෙන්නේ තරග 7ක් තුළ කඩුලු 12ක් දවාගනිමිනි.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට ශ්‍රී ලාංකිකයින් නැවතත් යුද බියෙන් ඇලලී ගියේ මිනිස් ජීවිත 250කට අධික පිරිසකට මරණය…

මෙවර IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායමේ සිය සත්කාරක ක්‍රිකට් පිටිය තුළ හිමිවූ පළමු පරාජය මෙය වන අතර මීට පෙර මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරග 5ම ජයගැනීමට ඔවුන් සමත්ව තිබුණි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබාගත් මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර එහි පෙරමුණේ පසුවන්නේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 12න් තරග 8ක් ජයග්‍රහණය කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<