ලසිත් මාලිංග දඟපන්දු යවන්නෙක්?

763
Lasith Malinga

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය, ටීජේ ලංකා සමාගම හා එල්. බී ෆිනෑන්ස් කණ්ඩායම අතර පසුගිය 29 වැනිදා වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එහි දී ලසිත් මාලිංග ඇතුළු පන්දු යවන්නන් දඟපන්දුවෙන් දැක්වූ දස්කම් හේතුවෙන් ටීජේ ලංකා කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වෙළඳසේවා ක්‍රිකට් ශූරයින් ලෙස ටීජේ ලංකා සමාගම කිරුළු පලඳියි!

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට්…

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ ඇරයුමින් ටීජේ ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පිටියට අවතීර්ණ විය. තරගයට පෙර දින (28) වෙළඳසේවා ක්‍රිකට් පිටියට ඇද වැටුණු වර්ෂාව නිසා තරගය ආරම්භ වීමට තරමක් පමා වූ අතර ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කරන්නට විනිසුරුවරුන්ට සිදු විය.

කෙසේ වෙතත් ටීජේ ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 4ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 266ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි එල්. බී. ෆිනෑන්ස් ඉනිම ආරම්භ වන විට වෙළඳසේවා පිටියට සතර දෙසින් අඳුර ගලා ආ බැවින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට උපක්‍රමශීලී වූ ටීජේ ලංකා කණ්ඩායම, සිය පන්දු යැවීම සිදු කළේ දඟපන්දු යැවීමෙන් පමණි. මන්ද මෙම අවසන් මහා තරගය ප්‍රතිඵලයක් සහිතව අවසන් වීමට එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම අවම වශයෙන්  පන්දුවාර 20කට මුහුණ දිය යුතු නිසාවෙනි. එහි දී ක්‍රියාත්මක වූ ලසිත් මාලිංග ද සිය සුපුරුදු වේගපන්දු යැවීම සිදු නොකර, දඟපන්දු යැවීමෙන් ටීජේ ලංකා කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දෙන ලදි.

තැනට සුදුසු අයුරින් සිය දස්කම් දැක්වූ මාලිංග, පන්දුවාර 4ක දී ලකුණු 22ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් වෙළඳසේවා කිරුළ සිය කණ්ඩායම වෙත දිනා දීමට කටයුතු කළේය.

එහි දී මාලිංග සිය සුපුරුදු පන්දු යැවීමෙන් ඔබ්බට ගොස් දඟපන්දු යැවූ අයුරු පහතින් නරඹන්න.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<