මාලිංග සිය ක්‍රිකට් දිවියේ තවත් පිම්මක් පනී

310

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පසුගිය 13 වැනිදා දඹුල්ලේ නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ කඩුලු 500 සීමාව පසුකිරීමට සමත් විය.

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් සංචිතය නිකුත් වේ

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (16) ආරම්භ වන යොවුන් ටෙස්ට් ක්‍රිකට්…

මාලිංග එවැනි දස්කම් දැක්වූ සිව්වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට ලෝක ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්විය. ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරග 208ක දී කඩුලු 311ක්, ටෙස්ට් තරග 30ක දී කඩුලු 101ක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 68ක දී කඩුලු 90ක් වශයෙන් මාලිංග ජාත්‍යන්තර පිතිකරුවන් අසරණ කර ඇත්තේ මුළු කඩුලු 502කින් සිය  කඩුලු මල්ලේ පුරවා ගනිමිනි. එය ඔහු එක්දින ක්‍රිකට් පිටියේ ලබා ගත් 8 වැනි කඩුලු 5 අවස්ථාව වශයෙන් ද වාර්තා පොත් අතරට එකතු වීම තවත් විශේෂත්වයකි. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දක්වා ඇත්තේ මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් හා රංගන හේරත් පමණි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් එංගලන්තය ජය ගත්තේ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය නිසාවෙනි. එම තරගයේ ආරම්භක පන්දුවාරය ක්‍රියාත්මක කළ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක මාලිංග එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී දකුණතින් පිත්ත හසුරුවන ජේසන් රෝයි කිසිදු ලකුණක් නොලබාම දැවී ගියේ මාලිංගගේ එවූ බවුන්සර් පන්දුවකට ගොදුරු වෙමිනි. එම කඩුල්ල මාලිංග එම තරගයේ ලබාගත් පළමු කඩුල්ල විය.

උමේෂ් යාදෙව් කොදෙව්වෝ හඬවයි

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදෙව් ගේ විනාශකාරී පන්දු යැවීම හමුවේ අසරණ වූ බටහිර …

කෙසේ නමුත් එම තරගයේ මුල් භාගයේ දී පන්දුවාර තුනක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 19ක් ලබා දී මාලිංගට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. පසුගිය මස කිහිපයක කාලයේ දී පැවැත්වූ තරගාවලිවල දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් පන්දුවාර 10 තුල ලබා දුන් ලකුණු ප්‍රමාණය හා සලකා බැලීමේ දී එම නිමා වූ තරගයේ ප්‍රබල මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් රැසක් සිටින එංගලන්ත කණ්ඩායම ඉතාමත් හොඳින් පාලනය කිරීමට මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුල දී (පන්දුවාර 39න් පසුව) නැවතත් පන්දු යැවීමේ අවස්ථාව මාලිංගට හිමි වූ අතර එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 5ක් තුල ලකුණු 14ක් පමණක් ලබා දී එංගලන්ත කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් වූ අතර එම තරගයේ දී ලකුණු 92ක් ලබා සිටි එංගලන්ත නායක ඉයන් මෝගන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස් හා ලියාම් ඩෝසන් යන පිතිකරුවන් මාලිංගගේ ගොදුරු බවට පත්විය. ඔවුන් දවා ගත් පන්දු යැවීම් සියල්ලම විවිධාකාර පන්දු වීම මාලිංගගේ කඩුලු  දවා ගැනීමේ රහස විය. එහි දී කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් වෙත යාමට මාලිංගට අවස්ථාව තිබුනත් එම අවස්ථාව ගිලිහී ගියේය.

ශ්‍රී ලංකාව හා  එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන  එක්දින ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිවා/රාත්‍රී තරගයක්  ලෙස පැවැත්වෙන අතර එම තරගයේ ද ඇතුලත්ව තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ, වීඩියෝ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<