මාලිංග සිය අවසන් තීරණය නිල වශයෙන් ප්‍රකාශ කරයි

646

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ මස 26 වැනි සිකුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රිකට් තරගයෙන් අනතුරුව ලොව බිහි වූ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඔහු අද (22) නිල වශයෙන් පවසා තිබේ. 

ගාලු ජයෙන් ලොහාන්ගේ කඩුලු ත්‍රිත්වයේ රැස් බසී

ගාල්ලේ ක්‍රිකට් ගැසූ ලොහාන් ද සොයිසා නුවරට එක් වී ගාල්ලට එරෙහිව වාර්තා….

ඔහු ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ක්‍රිකට් තරගයෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගිය සති කිහිපය පුරාවටම විවිධ මාධ්‍ය තුල ප්‍රචාරය වුවත්, ඔහුගේ එක්දින පිටියේ සමුගැනීම නිල වශයෙන් තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි. 

ඒ අනුව ලසිත් මාලිංග තමන් හට නිල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවක් නොමැති නිසාවෙන් මීට පැය කිහිපයකට පෙර සිය බිරිඳගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී විකාශයක් හා සම්බන්ධ වෙමින් ඔහු සිය සමුගැනීම පිළිබඳව මෙසේ පවසන ලදි. 

“මට නිල ෆේස්බුක් පිටුවක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් නැහැ. එකයි මම මගේ බිරිඳගේ ගිණුමෙන් මේ සජීවී විකාශයට එන්නේ. මම මීට දින කිහිපයකට පෙර මම මේ මස 26 වැනිදා පැවැත්වෙන තරගයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. එක මම මේ අවස්ථාවේ දී නිල වශයෙන් තහවුරු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගේ ඉල්ලීමට ඉඩදීලා යහපත් ප්‍රතිචාරයක් ලබා දුන්නා.” යැයි මාලිංග අදහස් දක්වන ලදි. 

2004 වසරේ ජූලි මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ දඹුල්ලේ පැවති එක්දින ක්‍රිකට් තරගයක දී පළමු වතාවට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මාලිංග එදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 225කට සහභාගී වෙමින් එහි දී කඩුලු 335ක් බිඳ හෙලා ඇත්තේ කඩුලු 4කට වඩා දවා ගත් අවස්ථාවන් 19ක් ද සනිටුහන් කරමිනි. 

“මගේ අවුරුදු 16ක ක්‍රිකට් ජීවිතය තුල ලැබුණු සෑම අභියෝගයක්ම ජයගන්නා මට ඕගොල්ලෝ හැමෝගෙම ශක්තිය හම්බුනා. ඒකට ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මම ඕගොල්ලෝ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් එක්දින තරගය පුළුවන් නම් බලන්න එන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද ඒ තරගයෙන් පස්සේ මාව ආයෙත් ජාත්‍යන්තර එක්දින පිටියේ දී දකින්නේ වෙන්නේ නැහැ. ඒ වගේම මාව මෙච්චර කාලයක් කණ්ඩායමෙන් එළියට දාන්න එකතු වෙලා හරි අනුන්ගේ කීමට හරි උත්සාහ කරපු අයට මම අනුකම්පා කරනවා. ඕගොල්ලෝ සියලුම දෙනාම 26 වැනිදා එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යැයි මාලිංග අවසන් ලෙස පවසන ලදි. 

මම පිළිගන්නවා එතන යම් වැරැද්දක් වුනා කියලා – කුමාර් ධර්මසේන

පසුගිය ජූලි 7 වැනිදා නිමා වූ ලෝක කුසලාන තරගාවලිය තවමත් බොහෝ….

මේ වන විට වයස අවුරුදු 35ක් වන මාලිංග ලොව එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම වේගපන්දු යවන්නන්ගෙන් අයෙකි. 2007 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 4ක් සඳහා ක්‍රීඩා කර තිබෙන මාලිංග මුළු ලෝකයාගේම වැඩි අවධානය දිනා ගත්තේ සාමාන්‍ය පන්දු යවන්නෙකුට වඩා වෙනස් ඉරියව්වක් සහිතව පන්දු යැවීම නිසාවෙනි.

එසේම සිය පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ දී පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට මාලිංග සමත් විය. 

ඔහු සිය ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය තුල තරග 29කට සහභාගී වී කඩුලු 56ක් දවාගෙන තිබෙන්නේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 22.87ක් වැනි හොඳ මට්ටමක රඳවා ගෙනයි. ඒ අතරට කඩුලු 4ට වඩා වැඩි අවස්ථාවන් 2ක් ඇතුළත්ය. එසේම දැනට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින කඩුලු ත්‍රිත්වයන් තුනක් සඳහා හිමිකම් කියන ලොව පළමු සහ එකම පන්දු යවන්නා වන්නේ ද මාලිංගයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<