මාලිංග හදිසියේ ගෙදර එයි

8402
Lasith Malinga

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන ලසිත් මාලිංග අද (11) පැවැත්වෙන තරගයෙන් පසුව නැවතත් දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. ඒ සිය බිරිඳගේ මවගේ හදිසි වියෝව හේතුවෙනි.

සිංහයින්ගේ බංගලි මෙහෙයුම කොහොම අවසන් වෙයි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි..

මේ පිළිබඳව ThePapare.com ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන අසන්ත ද මෙල් මහතාගෙන් විමසූ අතර එහි දී ඔහු එය සනාථ කරමින් පවසා සිටියේ,  

“ලසිත් මාලිංගගේ පවුලේ ළඟම සාමාජිකයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒක නිසා ඔහු අද පැවැත්වෙන තරගයෙන් පසුව නැවතත් ලංකාවට යනවා. ඒ ගිහිල්ලා මේ මාසේ 14 වැනිදා ඔහු ආයිත් කණ්ඩායම සමඟ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

අද (11) තරගයට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 15 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.

සිය සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන මාලිංග මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 220ක දී කඩුලු 325ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එහි සාමාන්‍ය 29.0ක් පමණ වේ.

යුවරාජ් සිංගේ රසිකයින්ට කණගාටුදායක පුවතක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සහ පළමු..

හදිසියේ වියෝ වූ කාන්ති පෙරේරා මහත්මියගේ (ලසිත් මාලිංගගේ බිරිඳගේ මව) දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි Barney Raymond අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මස 13 වැනිදා (බ්‍රහස්පතින්දා) සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 11  – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
  • ජුනි 15 – ඕස්ට්‍රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<