මාලිංගට IPL වරම්; නමුත් ක්‍රීඩකයෙකු ලෙස නොවේ

505

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙසට පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු මහේල ජයවර්ධන සමඟ උපදේශන කටයුතුවල නිරත වනු ඇති. මෙවර තරගාවලියේ වෙන්දේසියේ දී ලසිත් මාලිංග කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන තිබුණේ නැත.

[rev_slider LOLC]

චමීර සහ අකිලට IPL වරම්; මාලිංග ඉවතට

2018 අයි. පී. එල්. තරගය සඳහා ක්‍රීඩකයින් තෝරා ගත් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (28) නිමාවට පත්විය….

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් බලධාරීන් විසින් ලසිත් මාලිංග මෙම තනතුරට පත්කරගෙන ඇත්තේ ඊයේ (07) දිනයේ දී වන අතර මෙම කණ්ඩායමේ නිල වේගපන්දු යවන පුහුණුකරු ලෙසට ශේන් බොන්ඩ් තවදුරටත් කටයුතු කරනු ඇති. ඊට අමතරව මාලිංග ද කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ උපදේශකයා ලෙසට ශේන් බොන්ඩ් සමඟින් සුහදව කටයුතු කිරීමට නියමිත බව මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 110කට ක්‍රීඩා කර තිබෙනවා. ඊට අමතරව විස්සයි විස්ස තරග 300කට අධික ප්‍රමාණයක් මෙන්ම පන්දුවාර 50 තරග 200කට පමණ සිය දායකත්වය දැක්වීමට මාලිංග සමත් වී තිබේ.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් මාලිංග සඳහන් කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ යළි එක්වීමට ලැබීම තමා හට සුවිශේෂී අවස්ථාවක් බවයි. පසුගිය දශකයක පමණ කාලයක් තුල එම කණ්ඩායම තම නිවස හා සමාන වූ බව මාලිංග එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ක්‍රීඩකයෙකු ලෙසට කණ්ඩායම නියෝජනය කළ ආකාරයෙන්ම උපදේශකයකු ලෙසට ද කටයුතු කිරීමට ලැබුණු වගකීම තම උපරිමයෙන් ඉටු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලෝක කුසලානයට පෙර ලසිත් මාලිංග සමුගනියි ද…?

2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා..

මෑත කාලීනව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද ස්ථානයක් ලබා ගැනීමට මාලිංග හට අවස්ථාව නොලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේ දී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියට ලසිත් මාලිංග කැඳවීමට අවධානය යොමුවී ඇති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<