මාලිංගට මාස 6ක අත්හිටවූ දඬුවමක්

393
Lasith Malinga

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (27) රාත්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග හට මාස 6ක අත්හිටවු දඬුවමක් නියම කර ඇති බවයි.

ත්‍රිපුද්ගල කමිටුවක් හරහා ලබා දුන් මෙම තීරණයට අනුව අදාළ මාස 6ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළහොත් මාලිංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවීමට පියවර ගනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පාදාශ්‍රිත විශේෂඥයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පළකෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය..

මාලිංගට එරෙහිව එල්ල වූ විනය විරෝධී චෝදනා ඔහු පිළිගෙන ඒ සම්බන්ධයෙන් ලිඛිතව සමාව අයැද සිටි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

ලසිත් මාලිංග හට මෙම තත්ත්වයට මුහුණ පෑමට සිදු වූයේ පසුගිය දිනක රජයේ අමාත්‍යවරයෙකු හට අපහාස වන අන්දමින් වදන් භාවිතා කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යම් යම් කොන්දේසි කඩ කළ නිසාවෙනි.

මේ අතර ඉදිරියේ දී ඔහු සහභාගී වන පළමු එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී මාලිංගට හිමි වීමට නියමිත තරග ගාස්තුවෙන් 50% මුදලක් දඩ ලෙස නියම කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

එම ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා හා විනය පරීක්ෂණ කමිටුවේ සභාපති අසේල රේකාව මහතා කටයුතු කර ඇත.

ඒ අනුව මාලිංග හට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ තරගාවලිය සඳහා තම දායකත්වය ලබා දීමට හැකි වන අතර තම දස්කම් නැවත වරක් පෙන්වීමට ඔහුට මෙම අවස්ථාව මහඟු අවස්ථාවක් වනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට