ලසිත් මාලිංගගෙන් තවත් වාර්තාවක්

465
Mumbai Indians bowler Lasith Malinga (L) celebrates after taking the wicket of Chennai Super Kings batsman Kedar Jadhav during the 2019 Indian Premier League (IPL) Twenty20 cricket match between Mumbai Indians and Chennai Super Kings at The Wankhede Stadium in Mumbai on April 3, 2019. (Photo by PUNIT PARANJPE / AFP) / IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සමාරම්භය සිදු වූ 2008 වසරේ සිට මේ දක්වාම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් පන්දු යැවීමේ වාර්තා රැසකටම හිමිකම් කියන වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පැවති අවසන් තරගයේ දී ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

>>> ලසිත් මාලිංගගෙන් සුපිරි කඩුලු දඩයමක් <<<

එම දක්ෂතා හේතුවෙන් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 46ක ජයග්‍රහණයක් හිමිවුණු එම තරගයේ දී මාලිංග විසින් දවා ගන්නා ලද කඩුලු 4ත් සමඟ IPL ඉතිහාසයේ තනි කණ්ඩායමකට එරෙහිව වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගන්නා ලද පන්දු යවන්නාගේ වාර්තාව මාලිංගගේ නම ඉදිරියෙන් ලියැවිණි.

මෙවර ලෝක කුසලානයේ නායකයෝ

2019 ICC ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්. එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර ලෝක…

මාලිංග විසින් බිඳ හෙළන ලද්දේ ඉන්දීය ක්‍රීඩක උමේෂ් යාදව් විසින් කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව දවා ගෙන තිබූ කඩුලු 29 වාර්තාව විය. ඒ අනුව මෙම තරගයේ දී මාලිංග විසින් දවා ගන්නා ලද කඩුලු 4ත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 30ක් ලෙස සටහන් වේ. මෙම සටහනේ පළමු ස්ථානය මාලිංගට හිමි වද්දී, කඩුලු 28ක් බිඳ හෙළමින් මෙතෙක් කල් දෙවැනි ස්ථානයේ සිටි චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඩ්වයින් බ්‍රාවෝ තෙවැනි ස්ථානයට පත්ව සිටියි.

චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩා නොකිරීම නිසා සුරේෂ් රයිනාගේ නායකත්වය යටතේ තරග වැදි මෙම තරගයේ මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දු වාරයේ දී ම ෂේන් වොට්සන්ව ද අනතුරුව ඩ්වයින් බ්‍රාවෝ, මිචෙල් සැන්ට්නර් සහ හර්බජාන් සිංගේ කඩුලු දවා ගැනීමට සමත් විය. මෙම දක්ෂතාව හේතුවෙන් ලකුණු 156ක ඉලක්කයක් හඹා චෙන්නායි සුපර් ගිංග්ස් පිල පන්දුවාර 17.4ක දී ලකුණු 109කට සීමා විය.

වැස්ස වලාහක දෙවියන් අපට පිහිට වූ හැටි

1979 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දෙවැනි වරටත් පැවැත්වුණේ එංගලන්තයේ දී. මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව්වන්….

මෙවර තරගාවලියේ තරග 7කට සහභාගි වෙමින් මේ දක්වා කඩුලු 12ක් බිඳ හෙළීමට සමත්ව සිටින මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නාගේ වාර්තාවට ද හිමිකම් කියයි. මේ දක්වා අයි. පී. එල්. තරග 117ක ක්‍රීඩා කර ඇති මාලිංග කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.06ක් රඳවා තබා ගනිමින් බිඳ හෙළා ඇති මුළු කඩුලු සංඛ්‍යාව 166ක් වේ. ඔහුට පසුපසින් සිටින්නේ ඉන්දීය පිට දඟපන්දු යවන අමිත් මිශ්රා වන අතර හේ තරග 142ක දී කඩුලු 150ක් ද, තෙවැනි ස්ථානයේ පසුවන පියුෂ් චවුලා තරග 155ක දී කඩුලු 149ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටිති.

ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ ඉඳන් මේ දක්වා පැවති තරගාවලි වලදී එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් පසුවන්නේ ඉතාම අතළොස්සක් වන අතර ඒ අතරින් එක් අයෙකු වන්නේ ලසිත් මාලිංගය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<