රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

1057

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලසන්ත බස්නායක හට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා රග්බි කමිටුව තීරණය කර ඇත.

මහනුවර ප්‍රසිද්ධ පාසල් රග්බි කණ්ඩායමකට නව නායකයෙක්

2018 වසරේ කිංග්ස්වුඩ් ඉදිරිපෙළ සවිමත් කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මිලාන් …

පසුගිය සතියේ පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම අතර තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු කරුණාතිලක තම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හට පහරදීම හේතුවෙන් මෙසේ තරග තහනමකට ලක්වී ඇත. ඒ අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු හට තරග දෙකක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි කමිටුව තීරණය කර ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම අතර පැවති “මැතියිස් කුසලානය” සඳහා වන තරගයේ 67 වැනි මිනිත්තුවේ දී මෙම සිදුවීම සිදු වී තිබේ. CR&FC කණ්ඩායමේ ශමාල් වීරසේකර මෙසේ පහරකෑමට ලක්වී ඇති අතර එම අවස්ථාවේ දී ම තරග විනිසුරු විසින් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු කරුණාතිලක හට කහ කාඩ්පතක් පිරිනමා තරගයෙන් ඉවත් කර ඇති අතර CR&FC කණ්ඩායමේ ගයාන් ජයමාන්න හට ද කහ කාඩ්පතක් පිරිනමා තරගයෙන් ඉවත් කරනු ලැබුවේ අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම (Infringement) හේතුවෙනි.

හැව්ලොක් ක්‍රීඩා සමාජය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ඉදිරි සති දෙක තුළ දී ඔවුන් පිළිවෙළින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔමල්කගේ උත්සාහය වතුරේ යවමින් හැව්ලොක් ඉදිරිපෙළ කුසලානය උදුරා ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සති අන්තයේ ….

මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලෙස කටයුතු කරන ලසන්ත බස්නායක හට එක් තරග තහනමක් පනවා ඇත්තේ පොලිස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී තරග වෛද්‍යවරයා (Match-day Doctor) හට තම රාජකාරි නිසි ලෙස කිරීමට බාධා පැමිණවීම හේතුවෙනි.

ඒ අනුව මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලසන්ත බස්නායක හට මෙම සතියේ පැවැත්වීමට නියමිත මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය මඟ හැරෙනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<