ලංකා ලයන්ස් මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වේ

177

ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා විවෘත මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (15) දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් මෙම තරගාවලිය අඛණ්ඩව 19 වන වරටත් සංවිධානය කරනු ලබයි. තරගාවලිය වයස අවුරුදු 14න්, 16න්, 18න් සහ 20න් පහළ සහ විවෘත යන වයස් කාණ්ඩ පහ යටතේ පැවැත්වේ.

තේරීම් කමිටු සභාපතිගේ පදක්කම් පහේ අනාවැකිය සැබෑ වෙයි

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගි වූ 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය…

ඒ අනුව තරගාවලිය සඳහා දිවයින පුරා ඇති පාසල්, විශ්ව විද්‍යාල සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. එමෙන්ම ඉදිරි දිනවල දී පැවැත්වීමට නියමිත ජාතික මහා මලල ක්‍රීඩා උළෙලට පෙර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම දක්‍ෂතා උරගා බැලීමට මෙම තරගාවලිය ඉතා හොඳ අවස්ථාවක් විය.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ දිනයේ දී ඉසව් රැසක පළමු වටයේ තරග සහ තවත් ඉසව් කිහිපයක අවසන් වටයේ තරග ද පැවති අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉතා ඉහළ තරගකාරීත්වයක් දැක ගැනීමට හැකි විය.

එමෙන්ම පළමු දිනය අවසාන වූයේ මීට පෙර තබා තිබූ එක් තරග වාර්තාවක් සම වීමත් සමඟයි. වයස අවුරුදු 14න් පහළ උස පැනීමේ තරග ඉසව්ව සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගී වූ ඩබ්. ඩී. කේ. විරාජිත ආකාෂ් මීටර 1.70ක දක්ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් එසේ එම ඉසව්ව සඳහා මීට පෙර තබා තිබූ වාර්තාව සම කිරීමට සමත් විය.

තරගාවලියේ අවසන් දිනයේ තරග අද (16) පෙ.ව. 8.00 ට ආරම්භ වීමට නියමිත යි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<