සුක්කානම අතට ගන්න හිටපු ඕස්ට්‍රේලියානු නායකයා සූදානම් ද?

76

වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටිය තහනම් කලාපයක් වුනු ස්ටිව් ස්මිත් හට නැවත වතාවක් ඕස්ට්‍රේලියානු වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ය.

කෝලිගේ පිත්ත තවත් වාර්තාවකට ඔහුව රැගෙන යයි

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාත් කෝලි දකුණු අප්‍රිකානු සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු….

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව තරග බිමට පිවිසි හිටපු ඕස්ට්‍රේලියානු නායකයා හට එක්වරම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට හැකි වේ දැයි යන්න පිළිබඳ බොහෝ දෙනෙකුගේ සිත් තුල යම් දෙගිඩියාවක් තිබුනා ද නොවේ. 

ඒ සියල්ලම කාලයට බාර දුන් ස්මිත් ඔහුට වෛර කළ, ඔහුව විවේචනය කළ සියලු දෙනා හට පිත්තෙන් නිසි පිළිතුරු ලබා දුන්නේ ඉනිම හතක් තුල දී වාර්තාගත ලකුණු 774ක් තම ගිණුමට හර කරමිනි.

අළුබඳුනේ හිමිකාරත්වය නැවත වතාවක් ඕස්ට්‍රේලියාවට හිමිකර දෙමින් කණ්ඩායමේ බර තම කර මතට පටවා ගත් ස්මිත් හට නායකත්වයේ වගකීම නැවත හිමිවන්නේ කවදාද යන්න පිළිබඳ මේ වන බොහෝ දෙනා තුල ඇත්තේ දැඩි කුතුහලයකි.

මේ පිළිබඳ තම හඬ අවදි කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා සඳහන් කර සිටියේ තවමත් එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට සුදුසු මානසික මට්ටමක ස්මිත් නොමැති බවයි. තවද ඔහු තම පිතිකරණ හැකියාව තවදුරටත් මුවහත් කරගැනීම සඳහා දක්වන වැඩි අවධානය නිසාවෙන් බොහෝ දුරට නායකත්ව වගකීම භාරගැනීමට ඇත්තේ ඉතාමත් අඩු ඉඩකඩක් බව ද ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී ඒ මහතා ප්‍රකාශ කළ සිටියේය. 

“ගෙවුණු මාස 18ක කාල සීමාව පුරාවට මම ඔහුත් සමඟ සමීපව ඇසුරු කළා. එකිනෙකා අතර  ගොඩනගා ගත්ත ඒ අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක මම දන්නවා මේ අවස්ථාවේ දී ඔහුට වඩාත් සුදුසුම සහ අවශ්‍යම දේ මොකක්ද කියන එක ගැන.”

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ: බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට අද (13) අලුයම බාබඩෝස්…

“ඔයලා හැමෝම දකින්න ඇති අළුබඳුන තරගාවලිය පුරාවට ස්මිත් කොච්චර සේවාවක් කණ්ඩායම වෙනුවෙන් ඉෂ්ට කළා ද කියලා. ක්‍රියාවලිය කොතරම් වෙහෙසකර වුනත් ඔහුට හැකි උපරිමය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන්නා. එම නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා නායකත්වයේ වගකීම එකපාරටම ස්මිත්ගේ කර මතට පැටෙව්වොත් අනිවාර්යයෙන්ම ඒක ඔහුට අමතර පීඩනයක් ගෙන දෙයි කියලා. මේක හදිසි වෙලා කරන්න බැහැ, ක්‍රමානුකූලව අවශ්‍ය මානසික පසුබිම සකස් කළාට පස්සේ තමයි නිසි වෙලාවේ දී ඔහුට නායකත්වය ලබා දිය යුත්තේ.”

“කණ්ඩායම තෝරද්දී මමත් තේරිම් කමිටු භාර නිලධාරියෙක් හැටියට කටයුතු කරන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී වඩාත් සුදුසුම සේ කරන්න.”

වත්මන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ සුක්කානම කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් අතැති වන අතර ඇතැම් අවස්ථාන්හී ඔහුගේ පිතිහරඹයේ සහ නායකත්වයේ යම් යම් අඩුපාඩු දක්නට ලැබෙන නමුත් සමස්තයක් වශයෙන් සලකා බැලූ විට ඔහු ඉතාමත් හොඳින් කණ්ඩායම මෙහෙයවා ඇති බව බොහෝ විචාරකයින්ගේ මතයයි.

කෙසේ නමුත් නමුත් ඉදිරි මාස කිහිපයේ දී පාකිස්තානයට සහ නවසීලන්තයට එරෙහිව තමන් සත්කාරකත්වය දරමින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සඳහා ටිම් පේන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන අතර මේ පිළිබඳව ද වචන කිහිපයක් සඳහන් කිරීමට ලැන්ගර් මහතා අමතක නොකළේය.

ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට ලක්වුණා වගේ…..

“ගෙවුණු කාලසීමාවේ දී පේන් ඔහුට නියමිත කාර්‍යභරය ඉතාමත් හොඳින් ඉටු කළා, නමුත් මූලිකවම ඔහුගේ ඉදිරි අනාගතය තීරණය වෙන්නේ ඔහු ක්‍රීඩකයෙකු වශයෙන් පෙන්වන සාර්ථකත්ව මතයි.”

ස්ටිව් ස්මිත්ට අමතරව හිතාමතා පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ වරදකරුවෙකු බවට පත්වූ තවත් පුද්ගලයෙකු වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අළුබඳුන තරගාවලිය පුරාවට පෙන්නුම් කළ දුර්වල තරග විලාසය දෙස මේ වන විට බොහෝ විචාරකයින්ගේ අවධානය යොමුව තිබේ. නමුත් දැඩි පසුබෑමකට ලක්වූ වෝනර්ගේ ප්‍රවේගකාරි ලකුණු ලබා ගැනීමේ ක්‍රියාදාමය යලිත් වතාවක් නිවැරදි මාවතට එළඹෙනු ඇතැයි ලැන්ගර් මහතා දැඩි විශ්වාසයකින් පසුවේ.

“මම පිළිගන්නවා අළුබඳුන තරගාවලියේ දී ඔහුගේ පිතිකරණය විශාල පසුබෑමකට ලක්වුණා. ඒක ඔහු ඇතුළුව අපි හැමෝම දන්න කාරණයක්.”

“එහෙමයි කියලා ඔහුගේ හැකියා දක්ෂතාවන්ගේ කිසිම අඩුවක් නැහැ. අළුබඳුනට සති දෙකකට කලින් නිමා වුනු ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වගේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීත් වැඩිම ලකුණුලාභියා වීමේ ගෞරවය ඔහු හිමිකර ගත්තා.”

“මගේ අත්දැකීම්වලට අනුව නම් වෝනර් වගේ දක්ෂ ක්‍රීඩකයෙක්ව එහෙම එක තරගාවලියක් විතරක් පදනම් කරගෙන කණ්ඩායමෙන් ඉවත් කරන එක එච්චර නුවනට හුරු දෙයක් නෙමෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<