වේග පන්දුවේ සවියට ලහිරු කුමාර

1500
LAHIRU KUMARA

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින ජාත්‍යන්තර තරඟ තුන සඳහා නවක දකුණත් වේග පන්දු යවන තරුණ ක්‍රීඩක ළහිරු කුමාරව කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: ඩිල්ස්කූප් නිර්මාතෘ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යයි

ආක්‍රමණශීලී හා ආකර්ෂණීය ක්‍රීඩා රටාවකට හිමිකම් කියන ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන හා වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩක ළහිරු කුමාරව හඳුන්වාදිය හැකිය. පසුගිය දා එංගලන්ත තරුණ කණ්ඩායම සමඟ නිමාව දුටු ටෙස්ට් තරඟවලදී හා තරුණ එක්දින තරඟවලදී දැක්වූ විශිෂ්ට දස්කම් පදනම් කරගනිමින් මෙම තරගාවලිය සඳහා ඔහුට අවස්ථාවක් ලැබී ඇත.

ත්‍රිත්ව විද්‍යාලය මගින් බිහිකළ වයස අවුරුදු 19ක් වන  මෙම තරුණ ජවසම්පන්න ක්‍රිකට් ක්‍රීඩකයා දැක්වූ ඉහළ දස්කම් නිසා තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති අතර අනතුරුව එක්දින සංචිතය සඳහා මිලින්ද සිරිවර්ධන වෙනුවට ළහිරුව කැදවීමට තීරණය කර ඇත.

ළහිරු නිමාවූ එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරඟ දෙක තුල කඩුලු 13ක් දවාලීමට සමත්ව ඇති අතර එම තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. අනතුරුව පැවති තරුණ එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස ජයග්‍රහණය කල අතර එම තරගාවලියේ දී ද කඩුලු 6ක් දවාලීමට ඔහු සමත්ව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට