වහාම ක්‍රියාත්මක වන පරිදි ලහිරු කුමාර ටෙස්ට් සංචිතයෙන් ඉවතට

5185

හෙට (6) සිට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චර්යාත්මක නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම නිසාවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරිත්වය තීරණය කර ඇත.

හේරත්ට ජයග්‍රාහී නික්ම යෑමක් ලබා දෙන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 16 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයෙන් ලහිරු කුමාරව වහාම ඉවත් කළ බව තහවුරු කළේය.

21ක් හැවිරිදි ලහිරු කුමාර මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 12කට ක්‍රීඩා කර ඇති අතර නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී තරග 3ක් තුල කඩුලු 17ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත් වූයේ ශ්‍රී ලංකාවෙන් පිට පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා වෙමිනි.

ලහිරු කුමාරගේ මේ හදිසි ඉවත් කිරීම නිසා හිස්වන තැනට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමිරව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය තීරණය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<