ම්බාපේ එංගලන්තයට එයි ද?

110
©independent.co.uk

ලෝක ශූර ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩක කිලියන් ම්බාපේ තමන්ගේ පාපන්දු ජීවිතයේ ඉතිහාසය සහ අනාගතය ගැන අදහස් දක්වා තිබෙනවා. ඒ BBC මාධ්‍ය වෙතයි. එහි දී ඔහු එංගලන්ත ප්‍රීමියර් ලීගය වෙත පැමිණෙන්නේ ද නැද්ද යන්න ගැන ද ඔහුගෙන් ප්‍රශ්න කොට තිබුණා.

වයස අවුරුදු 14 සිට මොනාකෝ කණ්ඩායම සමඟ වෘත්තීය පාපන්දු පිටියේ සිටීමට තරම් වාසනාවන්ත වූ ම්බාපේ, වයස අවුරුදු 17 දී ලෝක ශූරයෙකු බවට පත්වුනේ 2018 පාපන්දු ලෝක කුසලාන ශූරයන් වූ ප්‍රංශ කණ්ඩායම සමඟින්.

ඒක මගේ ජීවිතයේ මට ලැබුණු ලොකු අවස්ථාවක්. මගේ තාත්තත් මා එක්ක ආවා. අවුරුදු 14 දී පවුලෙන් ඉවත් වීම හරිම අමාරු දෙයක්. මම ගොඩක් ඇඬුවා. මට තනිකමක් දැනුණා. ක්‍රීඩාව ගැන තිබුණු ආදරය නිසා පමණයි මම ඒක කළේ. මට ඕන වුනේ මගෙ සිහිනය හඹාගෙන යන්න.”

© Kylian Mbappe talks about his future – Sinhala news article

නව යොවුන් අවධියේදීම ඉහළ මට්ටමේ පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා නිවසින් පිටත ගත කිරීම ගැන ඔහුගෙන් විමසීමේ දී ඔහු එසේ පැවසුවා.

කෙසේ වෙතත් මේ වන විට දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කරමින් සිටින ඔහු ගැන මැවී තිබෙන ප්‍රමුඛ පුවත වන්නේ ඔහු එංගලන්ත ප්‍රීමියර් ලීගය වෙත පැමිණේවි ද යන්නයි. වත්මන් ප්‍රීමියර් ලීග් ප්‍රබලයන් වන ලිවර්පූල් කණ්ඩායම ඔහු ගැන අවධානයෙන් පසුවන බව සඳහන්.

දැන් මම ඉන්නේ PSG (පැරිස් සෙන්ට් ජර්මේන්) එක්ක. මම 100%ක්ම ඔවුන් එක්ක ඉන්නවා. මට ඕන ඔවුන් ශූරතා ගොඩක් දිනනවා දකින්නයි. මම දක්ෂයෙක් තමයි, ඒත් මම සුපිරි තරුවක් වෙලා හිටියේ නැහැ. ඒත් දැන් මම සුපිරි තරුවක්. PSG එකට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි තරග වාරය අවසාන වෙනකොට බලමු. දැනට මම මගේ ක්‍රීඩාව ගැන අවධානයෙන් ඉන්න ඕන.”

©psgtalk.com – “අපි තරගවාරය අවසාන වෙනකොට බලමු.”

ඔහු එසේ පැවසුවත් මේ සති කිහිපය පුරා වාර්තා වූ පරිදි ලිවර්පූල් කණ්ඩායම ඔහුව මිල දී ගැනීමට උත්සාහ කර ඇති අතර ඔහුගේ මිල තරමක් වැඩි බවයි සඳහන් වුනේ.

මේ තරගවාරයේ දී ලිවර්පූල් කණ්ඩායම කරන දේවල් පුදුමාකාරයි. ඔවුන් සෙල්ලම් කරනවා, දිනනවා, දිනනවා, දිනනවා…” ඔහු ලිවර්පූල් කණ්ඩායම ගැන එසේ අදහස් පල කළා. ආසන්න තරගයක දී ලිවර්පූල් ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් ආනෝල්ඩ් කිලියන් ම්බාපේ හටම විශේෂ වූ ගෝල සැමරුම දැක්වීම ගැන ද BBCය ඔහුගෙන් විමසා සිටියා.

“(සිනාසෙමින්) ඔව් ඔව් මම දැක්කා. මට ආඩම්බරයි. ඒත් ඔහු (ආනෝල්ඩ්) පුදුම දක්ෂයෙක්.”

නව යොවුන් අවධියේ දී ම ලෝක ප්‍රකට පාපන්දු තරුවක් වීමේ දී ඔහුගේ පවුලේ වැඩිහිටියන් ඔහුට අවවාද ලබා දුන්නේ කෙසේ දැයි විමසීමේ දී ඔහු මෙසේ පැවසුවා.

ඔවුන් කිව්වා මට තැන්පත් වෙන්න කියලා. ඔයාගේ ගානට ඉන්න කියලා. ඔයා වටිනා නිසයි ඔයා මෙතෙන්ට ආවේ, ඒ නිසා ඔයා ඒ වටිනාකම එක්ක ඉන්න ඕන කියලා.” එය ඕනෑම නවක ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩකයෙකුගේ පවුලකට ගත හැකි ආදර්ශයක්. ඔවුන් එලෙස ඔහුව රැක ගත් නිසා මේ වන විට ම්බාපේ හට ලැබී ඇති තක්සේරුව ඉතා ඉහළ එකක්.

දැන් හැමෝම දන්නවා මම කවුද, කොහොමද සෙල්ලම් කරන්නේ, මට කොච්චර හොඳට කරන්න පුළුවන් ද කියලා. දැන් මම වැඩියෙන් වැඩ කරන්න ඕන. මම තව හොඳ වෙන්න ඕන. අපිට (PSG) ලොකු ඉතිහාසයක් නෑ, ඒත් අපි ඉතිහාසයක් හදන්න ඕන. අපි අවධානයෙන් ක්‍රීඩා කරලා 100%ක්ම දෙන්න ඕන.” මෙසේ කියන්නේ කිලියන් ම්බාපේය. 

ලෝක ශූරයෙකු මෙන්ම යුරෝ මිලියන 40කට වැඩි දල වත්කම් ඇති ම්බාපේ ය. පාපන්දු ක්‍රීඩාවේ මීළඟ පරපුරේ ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු වන ම්බාපේය. ඒ ඔහුය. ම්බාපේ නොවන ක්‍රීඩකයන් ම්බාපේගෙන් ගත යුතු පණිවිඩය ගැනීම හෝ නොගැනීම ඔවුන් සතුය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<