නවසීලන්තයෙන් වේගපන්දුවට බර ටෙස්ට් සංචිතයක්

64

පසුගියදා නිමාව දුටු ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය පුරාවට වේගපන්දුවෙන් කැපී පෙනෙන දස්කම් පාමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ නවක වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් හට සිය ක්‍රීඩා දිවියේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදා වී ඇත. 

එංගලන්තයේ දරුණු ප්‍රහාරය අප්‍රිකානු කුසලාන සිහිනය බොඳ කරයි!

වර්තමානයේ ක්‍රිකට් පිටිය තුල වඩාත්ම ආක්‍රමණශීලී කණ්ඩායම කුමක්දැයි ඔබෙන් විමසුවහොත් ඔබට …

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයින් දහතුන් දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් වීමේ වරම හිමිකර ගැනීමට කයිල් සමත් වූයේ දේශීය පළමු පෙළ තරග බිමේ සහ නවසීලන්ත A කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය කාල සීමාව පූරාවට විදහා දැක්වූ දක්ෂතාවන් සියල්ල පිළිබඳ තේරීම් කමිටුව සෑහීමකට පත්වීමත් සමඟිනි. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් වරට ක්‍රියාත්මක වූ ට්‍රාන්ස් තස්මන් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අතරතුර දී දකුණතේ හටගත් ආබාධයක් නිසාවෙන් අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් හට මාසයකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. නමුත් මේ වන විට ඔහුගේ ආබාධ තත්වය යහපත් අතට හැරී ඇති බැවින් යළිත් වරක් කණ්ඩායමත් සමඟ එක්වීමේ අවස්ථාව ඔහුට හිමිව තිබේ. 

ටිම් සවුති, නීල් වැග්නර්, ට්‍රෙන්ට් බෝල්ට් සහ නවක ක්‍රීඩක කයිල් ජේමිසන් යන අයගෙන් සැදුම්ලත් නවසීලන්ත වේගපන්දු බලඝනය ප්‍රතිවාදී ඉන්දීය පිතිකරුවන් හට දැඩි හිසරදයක් වනු ඇතැයි බොහෝදෙනෙකු අපේක්ෂා කරයි. පසුගිය කාලසීමාව පුරාවට ලැබුනු අවස්ථාවන්ගෙන් නිසි ඵල නෙලා ගැනීමට අපොහොසත් වූ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් වෙනුවට අජාස් පටෙල්ගේ දඟපන්දුවෙහි සහයෝගය ලබා ගැනීමට ද නවසීලන්ත තේරීම් කමිටු නිළධාරීන් තීරණය කර ඇත. 

ලෝක ක්‍රිකට් බලවතුන්ගේ ආසියානු ආක්‍රමණයට දින නියම වෙයි

ලෝක ක්‍රිකට් පිටියේ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සමඟින් ආසියානු කලාපීය විශිෂ්ටයින් එකොළොස් දෙනෙකු …

මිචෙල් සැන්ට්නර්ගේ දඟපන්දුව ලකුණු රැස් කිරීම සඳහා කදිම අවස්ථාවක් බවට පරිවර්තනය කර ගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඔවුන්ට සිතු සේ පහර දෙමින් සැන්ට්නර්ගේ දුර්වල පන්දු යැවීමට සංග්‍රහ කළේ තම මංගල තරගයේ දීම කඩුලු 5ක් බිඳ හෙළූ අජාස් පටෙල් හට ටෙස්ට් කණ්ඩායමේ දොරටුව යළිත් විවෘත කර දෙමිනි. සැන්ට්නර්ට අමතරව ආරම්භක පිතිකරු ජීට් රාවල් සහ වේගපන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි හටද කණ්ඩායමේ තම ස්ථානයන් අහිමි වී ගොස් තිබෙන්නේ අවසන් ටෙස්ට් තරගාවලි කිහිපය තුළදී සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ඔවුන් හට නොහැකි වූ නිසාවෙනි. 

නවසීලන්ත ටෙස්ට් සංචිතය: 

කේන් විලියම්සන්(නායක), ටොම් ලේතම්, ටොම් බ්ලන්ඩල්, රොස් ටේලර්, හෙන්රි නිකල්ස්, බී.ජේ. වොට්ලින්, කොලින් ඩි ග්‍රන්ඩ්හෝම්, ටිම් සවුති, නීල් වැග්නර්, ට්‍රෙන්ට් බෝල්ට්, අජාස් පටෙල්, කයිල් ජේමිසන්, ඩැරිල් මිචෙල්. 

තරග කාලසටහන 

  • පළමු ටෙස්ට් තරගය  – පෙබරවාරි 21 වනදා – වෙලිංටන් හිදී 
  • දෙවන ටෙස්ට් තරගය – පෙබරවාරි 29 වනදා – ක්‍රයිස්ට්චර්ච් හිදී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<