මෙන්ඩිස් සහ මධුශංකට ‘බෝනස්’ චාන්ස් එකක්

6434

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ සාමාජිකයින්ට අමතරව අතිරේක ක්‍රීඩකයින් ලෙස කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් මධුශංකට කණ්ඩායම සමඟ රැඳී සිටීමේ පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

වර්ෂාව හේතුවෙන් දෙවැනි පුහුණු තරගය අතහැර දමයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (06) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු එක් දින තරගය…

ලබන 2019 වසරේ දී එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් සිදුකරන සැලසුම් සඳහා කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් මධුශංක ඇතුළත් කරන්නට ඇතැයි අනුමාන කළ ද, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා සඳහන් කර සිටියේ කණ්ඩායම සමඟ පුහුණු කිරීම සඳහා වැඩි අවස්ථාවක් සලසා දීමේ අරමුණ ඇතිව ඔවුන් දෙපළව කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාම එක්දින තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම සහභාගි වන පුහුණු තරග 2 සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර එම තරග අවසානයේ තරගයට පෙර පැවැත්වෙන පුහුණුවීම්වල සිටම කණ්ඩායමට එක්වීමට නියමිතව සිටියි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන ලද තරග 2 ටම කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කළ ද එම අවස්ථා ද්විත්වයේ දී ම ඔහු ලකුණු නොලබා දැවී ගියේය. මෙන්ඩිස් අවසන් වරට ක්‍රීඩා කර ඇති තරග 20 ගෙන බැලීමේ දී රැස් කරගෙන ඇත්තේ ලකුණු 239ක් පමණි. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ 11.95ක් ලෙසිනි. අවසන් වරට අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට මෙන්ඩිස් සමත්ව ඇත්තේ මීට වසරකට පමණ ඉහත දී පැවති සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයක දී ය. මෙකී කරුණු සියල්ල සලකා බලා කුසල් මෙන්ඩිස්ව එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.

එංගලන්ත ක්‍රීඩකයෝ පුහුණු තරගයේ දී ම ශ්‍රී ලංකාවට අනතුරු හඟවයි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සමඟ අද (05) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ පළමු පුහුණු එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කරද්දී ශ්‍රී ලංකා…

සංචිතයට එක්වී සිටින අනෙක් අතිරේක ක්‍රීඩකයා වන ෂෙහාන් මධුශංක, එක්දින තරග සඳහා භෞතීස්ම ලද පළමු තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. බංග්ලාදේශයේ පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සමඟ පැවති අවසන් මහ තරගයේ දී එම දස්කම දැක්වීමට ෂෙහාන් සමත් වුවද විටින් විට ඇතිවන ආබාධ, කණ්ඩායමට පැමිණීමට බාධාවක් වී තිබේ.

මෙහි දී වැඩිදුරටත් ThePapare.com වෙත අදහස් දක්වා සිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා, “ඕක ගිය ටුවර් දෙක තුනේදීත් අපි කළා. ලෝක කුසලාන තරගාවලිය කියලා නොවෙයි. ඒ සඳහා තව සංචාර 3ක් විතර තියෙනවා. මේක අලුත් දෙයක් නොවෙයි. ඒත් මොවුන් දෙදෙනාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයින්. කණ්ඩායමට ක්‍රීඩා නොකළත් මේ හරහා ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගෙයි කියන තැන අපි සිටිනවා. ඒකයි අපි ඔවුන්ට කණ්ඩායම සමඟ රැඳී සිටිමින් පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාව සලසා දුන්නේ. මේක මගේ තීරණයක් නොවෙයි. පුහුණු අංශයේ සියලුම දෙනා කරන ලද ඉල්ලීමකට අනුව ගන්නා ලද තීරණයක්” යැයි පැවැසීය.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 10 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර දෙවැනි තරගය ද දඹුල්ලේදීම පැවැත්වෙනු ඇත. අනතුරුව පැවැත්වෙන තෙවැනිසහ සිව්වැනි තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ද අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<