කුසල් විස්ඩන් සඟරාවේ නැගී එන ක්‍රීඩකයින් 10 දෙනා අතරට

2473

වයස අවුරුදු 23න් පහළ දක්ෂතම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන විස්ඩන් ‘Golden Boy’ සම්මානය 2018 වසර සඳහා දිනා ගැනීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත් විය.

මේ දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා සිය අන්තර්ජාතික ක්‍රීඩා දිවියට සුපිරි ආරම්භයක් ලබා ගත් අතර 2015 දී සිය මංගල තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මේ වන විට ICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිටින රබාඩා මේ වන විට ටෙස්ට් තරග 32ක දී කඩුලු 151ක් දවා ගෙන තිබේ.

එංගලන්තයෙන් ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එංගලන්ත – ඉන්දියා …

මේ වසරේ මුලදී 23 හැවිරිදි රබාඩා, ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ ළාබාලම ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වූ අතර ඔහු මීට දින කිහිපයකට පෙර හර්බජාන් සිං පසු කරමින් ටෙස්ට් කඩුලු 150 සීමාවට ළඟා වූ ළාබාලම ක්‍රීඩකයා බවට ද පත්වීමට සමත් වුනා.

“දකුණු අප්‍රිකාවේ අපි සියලු දෙනාම දන්නවා කගිසෝ රබාඩා අනාගතයේ ලොකු දේවල් කරයි, මම දැනන් හිටියා මේ දෙය වෙයි කියලා, එනමුත් මම සිතුවේ නැහැ මෙච්චර ඉක්මනට ඔහු මේ තත්වයට පත්වෙයි කියලා” හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වූ ඇලන් ඩොනල්ඩ් විස්ඩන් සඟරාවට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

ඩේල් ස්ටේන් මෙන්ම සිය කඩුලු ලබා ගැනීමේ දක්ෂතාව දිගින් දිගටම රඳවා ගත් රබාඩාගේ පන්දු යැවීමේ උපක්‍රම ඉතා විශිෂ්ටය.

මැතිව්ස් එක වී ශ්‍රී ලංකාව දෙක වූ එක්දින තරගාවලිය

තරගාවලියක නිමාව ගණිත විජ්ජාවකි. ඉලක්කම් මත යැපෙන තරගයක වාර්තාවන් ලියැවෙන්නේ …

“කගිසෝ කවදාහරි දකුණු අප්‍රිකාවේ විශිෂ්ටතම පන්දු යවන්නා වේවි, මේ ඔහු ක්‍රීඩා කරන විදියට දිගටම ක්‍රීඩා කළොත් ඔහු අපේ රටේ වැඩිම කඩුලු ලාභියා වීමටත් ඉඩ තිබෙනවා, දකුණු අප්‍රිකාවේ සියලු කළු ජාතික පන්දු යවන්නන් හට ඔහු ආදර්ශයක්.”

මෙම ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයින් 10 දෙනා ඇතුළත දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින අතර ඒඩන් මාර්කම් තෙවැනි ස්ථානයේ ද, ලුන්ගි න්ගිඩි නවවැනි ස්ථානයේ ද සිටියි.

රෂිඩ් කාන් දෙවන ස්ථානයේ ද, බාබර් අසාම් සිව්වැනි ස්ථානයේ ද, කුල්දිප් යාදව් පස්වැනි හා රිශ්බාහ් පන්ට් හයවැනි ස්ථානවල සිටියි.

ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් මෙම ලැයිස්තුවේ හත්වැනි ස්ථානයේ සිටින අතර මැට් රේන්ෂෝ අටවැනි හා ෂඩාබ් කාන් දසවැනි ස්ථානයේ ද රැඳී සිටියි.

පළමු ක්‍රීඩකයින් 50 ඇතුලත රටවල් 13ක ක්‍රීඩකයින් අන්තර්ගත වන අතර මේ වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද මේ ලැයිස්තුවට අඩංගුය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<