කුසල්, ඕෂද සමඟින් තවත් ක්‍රීඩකයින් රැසක් ඉහළට

1742

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබේ. ඒ නිමාවට පත්වූ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුකර ගෙනයි.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ ලොව ටෙස්ට්…

ඒ අනුව දකුණු අප්‍රිකාවට  එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේ දී සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ කුසල් මෙන්ඩිස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළ කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 11ක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව කුසල් මෙන්ඩිස් නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හී 18 වැනි ස්ථානයේ රැඳී සිටියි.

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේ දී කුසල් මෙන්ඩිස් සමඟ නොබිඳුණු ලකුණු 163ක සබඳතාවයකට හිමිකම් කී නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 35ක් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ වන විට ශ්‍රේණිගත කිරීම් හී 65 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මේ අතර ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද නවතම  ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 8කින් ඉදිරියට පැමිණි පැමිණ ඇති අතර ඔහුට මේ වන විට 37 වැනි ස්ථානය හිමිව තිබේ.

පිතිකරුවන් මෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ඉදිරියට පැමිණ තිබෙන අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට  අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල් නවතම ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 30 වැනි ස්ථානය දිනාගෙන සිටියි.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නන් අතර හතළිස් තුන් වැනි ස්ථානය දක්වා ස්ථාන හයක් ඉදිරියට පැමිණ තිබේ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර් සහ ටෙම්බා බවුමා ශ්‍රේණිගත කිරීම් හි පහතට ඇද වැටී තිබෙන අතර දකුණු අප්‍රිකාවේ ඩී. ඔලිවියර් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී 19 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය  පරාජය වීමත් සඟග දකුණු අප්‍රිකා කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී තුන්වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ.

ඊට පෙර ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය රැඳී සිටියේ ප්‍රසාද ලකුණු 110ක්  ලබා ගනිමිනි. නමුත් මේ වන විට දකුණු අප්‍රිකාවට හිමි වී ඇත්තේ ප්‍රසාද ලකුණු 105ක් පමණයි .

නවසීලන්තය ප්‍රසාද ලකුණු 107ක් ලබා ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ. ශ්‍රී ලංකාව තවදුරටත් හය වැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 93ක් සමඟිනි. තරගාවලිය ආරම්භයට පෙර ඔවුන්ට හිමිව තිබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 89ක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<