ලොකු කුසල්ගේ අඩුව පුරවන්න පොඩි කුසල් පිටියට

627

වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා කලව ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග දෙකද ඔහුට අහිමිව යනු ඇත. ඒ නිසාවෙන් ජනිත් එක්දින සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබේ.

දඹුල්ලෙන් නුවරට යද්දී දෙපිලේම වෙනස්කම්

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමූ …

දඹුල්ලේ නිමා වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු 30ක් තුල ලකුණු 37ක් රැස්කර ගනිමින් කුසල් ජනිත් ඉතාමත් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත විය. එම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත් නිසා මේ වන විට තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සංචාරක එංගලන්ත කණ්ඩායමයි.  

එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයට  ඇතුලත්ව නොසිටි කුසල් මෙන්ඩිස් හා ශෙහාන් මධුශංක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය සමඟ සිටිමින් පුහුණුවීම්වල නිරත විය.

ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට …

නිමා වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දුර්වල දස්කම් නිසා ඔහුව පළමුව නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් නොකළ අතර අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 21ක තුල අර්ධ ශතකයක් ලබාගැනීමට මෙනිඩිස් අපොහොසත් වී තිබේ.  2017 වසරේ ජුනි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වාර්තා කරගත් අර්ධ ශතකය මෙන්ඩිස් අවසන් වරට ලබාගෙන තිබෙන එක්දින අර්ධ ශතකයයි.

එසේම දක්ෂ ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න ද ඉදිරි එක්දින ක්‍රිකට් තරග දෙක තුල පැවැත්වෙන පුහුණු සැසිවල දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පුහුණුවීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<