කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් වර්ධනයට වැඩ අරඹයි

116

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද වූ විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර පසුගිය මැයි මාසයේ එංගලන්තයේ  Marylebone Cricket Club හි නව සභාපති ලෙස පත් වූ අතර ඔහු අද (01) සිට නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලදි. 

කමිඳුගේ සුපිරි ඉනිමත් සමඟම තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ…

මෙහි විශේෂත්වය වන්නේ මහා බ්‍රිතාන්‍යයේ නොවන පුද්ගලයෙකු මෙම තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන නිසාවෙනි. Marylebone Cricket Club හි නිල ක්‍රීඩාංගණය වන්නේ ලෝක ප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩාංගණයයි.

Marylebone Cricket Club හි වර්තමාන සභාපති වන Anthony Wreford විසින් පසුගිය මැයි මාසයේ දී ලෝඩ්ස් හිදී පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී 2019-20 නව සභාපති ලෙස කුමාර් සංගක්කාරගේ නම යෝජනා කළ අතර එය වැඩි මනාපයෙන් සම්මත විය. 

සංගක්කාරව වෙත නිල වශයෙන් වැඩ පැවරීම වෙනුවෙන් පැමිණ සිටි හිටපු සභාපති වන Anthony Wreford මහතා මෙසේ සිය අදහස් පවසා තිබුණි.

“අපි MCC විදිහට එංගලන්තයේ හා ජාත්‍යන්තරයේ නම සටහන් කරමින් තිබෙනවා. මම සතුටු වෙනවා කුමාර් මෙම ආරාධනය පිළිගැනීම ගැන. ඔහු ඔහු සතුව තිබෙන දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන මේ සභාපති තනතුර ඉතාමත් සාර්ථකව කරයි කියලා මම විශ්වාස කරනවා.”

MCC හා සංගක්කාර අතර පවතින සම්බන්ධය ආරම්භ වූයේ 2002 වසරේ දී ය. ඒ ඔහු ආරම්භ පිතිකරුවෙක් ලෙස එම කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමත් සමඟිනි. ඒ Chesterfield හි Queens Park හිදීය.

2011 වසරේ MCC Spirit of Cricket Cowdrey දේශනය පැවැත්වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය. 2012 වසරේ දී MCC විසින් ජීවිත කාලය සඳහාම පවතින ගෞරව සාමාජිකත්වය සංගක්කාර හට පිරිනැමූ අතර එම වසරේ සිටම ඔහු එම ක්‍රිකට් ආයතනයේ කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කරන ලදි. 

නිර්මාල් තුන් ඉරියව් දස්කම් දක්වද්දී, කරුණාරත්නගෙන් ශතකයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් …

2005 වසරේ සුනාමි ව්‍යසනයෙන් අනාථ වූවන්ට ආධාර පිණිස ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වූ ක්‍රිකට් තරගයේ දී ද සංගක්කාර MCC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. එම තරගයේ සියලු ආධාර මගින් සීනිගම ප්‍රදේශයේ MCC Center for Excellence නම් ආයතනයක් පිහිටුවා එම ප්‍රදේශයේ අසරණ ජනතාවට ආධාර සැපයීමක් සිදු කෙරෙනි.

“MCC හි නව සභාපති ලෙස පත්වීමට ලැබීම මට ලැබුණු ලොකු ගෞරවයක්. මට ලෝකේ හොඳම ක්‍රීඩා සමාජය MCC කියලා කියන්න පුළුවන්. මෙම ක්‍රීඩා සමාජය අන්තර්ජාතික මට්ටමෙන් ගොඩක් දේවල් කරන සමාජයක්. ක්‍රිකට් පිටියේ විතරක් නෙමෙයි. ක්‍රිකට් පිටියෙන් පිටත පවා ක්‍රිකට් වෙනුවෙන් කැපවූ සමාජයක්. 2020 වසර ලෝක ක්‍රිකට්වලට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ලෝඩ්ස් වලටත්. මම ගොඩක් සතුටු වෙනවා මේ MCC හි සභාපති ලෙස ඒකට දායක වෙන්න ලැබුණු අවස්ථාවට.” යැයි සංගක්කාර සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කරමින් පැවසීය. 

සංගක්කාර MCC ආයතනයේ සභාපති ලෙස අද (1) සිට 2020 වසරේ සැප්තැම්බර් 30 දක්වා සභාපති ලෙස කටයුතු කරනු ඇත. එම වසරේ දී පාකිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ලෝඩ්ස් පිටියේ දී එංගලන්තය සමඟ තරග කිරීමට නියමිතව ඇත. The Hundred Competition වැඩසටහන ද සංගක්කාරගේ ධූර කාලයේ දී ආරම්භ වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<