සංගාට ශූරයින්ගේ කුසලානයේ තානාපති ධූරයක්

1037
ICC Champions Trophy Ambassador

එළඹෙන ජුනි මස 1 දා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේ හා වේල්සයේ සත්කාරකත්වය ඇතිව පැවැත්වෙන ශූරයින්ගෙන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තානාපතිවරුන් 8 දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය බදාදා (12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි. එ් අතර ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද වේ.

සුනිල් නරෙයින් ඊඩ්න් ගාර්ඩ්න් පිටිය දෙවනත් කරයි; ජය කල්කටාවට

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඊයේ (13) කල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉදිරියේ පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

පකිස්තානු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩි, බංග්ලාදේශය වෙනුවෙන් හබිබුල් බශාර්, ඉයැන් බෙල් එංගලන්තය වෙනුවෙන් ද, නවසීලන්ත වෙනුවෙන් ශේන් බොන්ඩ්, ඕස්ට්‍රේලියාවේ මයික් හසී, ඉන්දියාව වෙනුවෙන් හර්බජාන් සිං, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ග්‍රැහැම් ස්මිත් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර ශූරයින්ගේ කුසලානයේ තානාපතිවරුන් ලෙස පත්කර තිබේ. තවද මෙම තරගාවලියේ පළමු තරගය පැවැත්වීමට තවත් දින 50ක් පමණක් ඇති මොහොතක මෙසේ තානාපතිවරුන් 8 දෙනෙකු පත් කිරීම සුවිශේෂී සිදුවීමකි. තරගාවලියේ පළමු තරගය එංගලන්තය හා බංග්ලාදේශය අතර ඕවල් පිටියේ දී පැවැත්වෙනු ඇත.

මෙම තානාපතිවරුන් 8 දෙනා ජාත්‍යන්තර එක්දින තරග 1774කට තම දායකත්වය දක්වා ඇති අතර, මොවුන් ලකුණු 51,906ක් හා ශතක 48ක් ලබාගෙන ඇත. එසේම පන්දු යැවීමේ දී කඩුලු 838ක් ද දවා ගැනීමට සමත් වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන ඩේවිඩ් රිචර්ඩ්සන් මහතා මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.

“ශූරයින්ගෙන් කුසලානය ආරම්භ වීමට තවත් දින 50ක් පමණ ඇති වේලාවක මෙවන් විශිෂ්ට ඝනයේ තානාපතිවරුන් 8 දෙනෙකු පත්කිරීමට හැකි වීම ගැන මා සතුටට පත්වෙනවා. මෙම වැඩසටහන මගින් ප්‍රේක්ෂකයින් හා තරුණ පරම්පරාව, මෙවන් විශිෂ්ට ක්‍රීඩකයින් පිරිසක් සමඟින් ක්‍රීඩාවේ සැබෑ උරුමය රැකගෙන ඉදිරියට යනු ඇත.“

“මෙම කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රේක්ෂකයින්ට අගනා දැනුමක් ද ලබා දෙන අතර, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඔවුන්ගේ විශ්ලේෂණය අප හැම දෙනාටම නවමු අත්දැකීමක් වනු ඇත. “

කුමාර් සංගක්කාර 2002 වසරේ සිට 2013 වසර දක්වා ශූරයින්ගෙන් කුසලාන තරගාවලි 6ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. සිය අදහස් දක්වමින් සංගක්කාර මෙසේ පැවසීය.

“මම ඇත්ත වශයෙන්ම සතුටට පත්ව‍ෙනවා මට මෙවන් තනතුරක් ලබා දීම සම්බන්ධව. එය මා හට විශාල ගෞරවයක් වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාගේ ස්තුතිය ද පළ කර සිටිනවා, එසේම සමීපව වැඩ කරමින් මෙම තරගාවලියේ සාර්ථකත්වයට මාගේ හැකි උපරිම සහාය ලබා දෙනවා.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරුණ ජවයකින් යුතු ආකර්ෂණීය කණ්ඩායමක් වන අතර, තවත් වසර දෙකකින් පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද මෙය විශාල රුකුලක් වනු ඇත.”

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට