යලිත් වරක් අංක එකේ විනිසුරු වූ ‘උනන්දුවා’

202

පසුගිය වසර පුරාවට ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට තම දායකත්වය ලබා දුන් විනිසුරුවරුන් ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන රාත්‍රිය සඳහා වන ජයග්‍රාහකයින්ගේ නාමාවලිය මේ දිනවල එළිදක්වමින් පවතියි.

දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් අද (22) නිවේදනය කළ අතර ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා පිළේ නිත්‍ය ආරම්භක පිතිකරු දිමුත්…

ICC වසරේ නැඟී එන ක්‍රීඩකයා සම්මානය හිමික රගැනීමට වර්තමාන ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ක්‍රියා කරන රිෂාබ් පන්ට් සමත් වී ඇති අතර ක්‍රීඩාවේ ජීවගුණය රැකගනිමින් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ අභිමානය එලෙසින්ම පවත්වා ගෙන යාමට දායක වූ ක්‍රීඩකයා ලෙසින් නවසීලන්ත නායක කේන් විලියම්සන් නම් කර තිබේ.

මීට අමතරව වසරේ හොඳම විනිසුරුවරයා  වෙනුවෙන් පිරිනමන ඩේවිඩ් ශෙපර්ඩ් කුසලානය තමන් සතුකර ගැනීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් ධර්මසේන මහතා සමත් වී ඇති අතර පසුගිය වසරේ විශිෂ්ටතම විස්සයි විස්ස දක්ෂතාව සඳහා පිරිනැමෙන සම්මානයෙහි හිමිකාරත්වය දෙවන වරටත් දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඒරෝන් ෆින්ච් සමත් වීම කැපී පෙනුණි.

සීමිත පන්දුවාර තරග හී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ කාර්යභාරය ඉටු කරන ඒරෝන් ෆින්ච් එංගලන්තයට එරෙහිව සවුත්හැම්ප්ටන් හීදී ලකුණු 156 සීමාව අභිබවා යමින්, පන්දු 76ක් පමණක් වැය කරමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 10කින් ඉනිම හැඩ කර ගත් ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 172ක් වාර්තා කළේ එදා මෙදාතුර ක්‍රීඩකයෙකු විස්සයි විස්ස තරගයක එක් ඉනිමක දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමිනි.

ඒරෝන් ෆින්චි

තම පැරණි මතකයන් අවදි කරමින් හරාරේ ක්‍රීඩාංගණය දෙවනත් කළ ඒ සුවිශේෂී ඉනිම පිළිබඳ සිය අත්දැකීම් ඔහු බෙදා හදා ගත්තේය.

“එදා දවසේ හැමදෙයක් වගේ මගේ කැරකුණේ මගේ පැත්තට. ඉතින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් මගේම වාර්තාවක් බිඳින්න හැකි වීම ගැන ගොඩක් සතුටුයි. ශතකය ලබාගත්ත ගමන් තේරුණා මට පන්දුව පිත්තේ මැද්දට අරගෙන ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් බව.”

ටෙස්ට් පිටියට තවමත් කෝඩුකාරයෙකු වුවත් දැනට සහභාගී වී ඇති සීමිත ටෙස්ට් තරග අතලොස්ස තුල දී අගනා ඉනිම් කිහිපයකින්ම ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව වර්ණවත් කිරීමට වමත් පිතිකරු රිෂාබ් පන්ට් හට හැකි විය.

රිෂාබ් පන්ට්a

ටෙස්ට් පිටියට තම සම්ප්‍රාප්තිය හයේ පහරකින් සටහන් කළ, මෙම සම්මානය සඳහා නිර්දේශව පැවති කාලසමයේ දී පමණක් තමන් සහභාගී ටෙස්ට් තරග අට තුල දී එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද සමඟින් ලකුණු 537ක් වාර්තා කිරීම වඩාත් කැපී පෙණුනි. කඩුල්ල පිටුපස සිට තම සඟයන් නොමඳව දිරිමත් කරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ඉතිහාසගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් සුවිසල් සේවයක් ඉටු කළ පන්ට්  උඩපන්දු 40ක් සහ එක් ස්ටම්ප් කිරීමක් සමඟින් ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙකුම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

ක්‍රීඩා පිටියේ දී මෙන්ම ඉන් පිටදීත් මහත්මා ගතිගුණයන්ගෙන් හෙඹි, ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්ම පද්ධතීන් නිසි පරිදි සුරකිමින් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා දායක වූ ක්‍රීඩකයා සඳහා ICC තරග තීරකවරුන්ගේ සහ සභාපතිතුමන්ගේ නිර්දේශයන් පරිදි ලබා දෙන සම්මානය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් මෙසේ එහි සතුට බෙදාහදා ගන්නා ලදි.

කේන් විලියම්සන්

ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට අපි මෙම ක්‍රීඩාව ලෝකය ඉදිරියට ගෙන යන තානාපතිවරුන් ලෙස කටයුතු කරනවා. ඉතින් පෞද්ගලිකව සෑම ක්‍රීඩකයෙකු මෙන්ම සෑම කණ්ඩායමකම විනය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගෙන ඉදිරියට ගමන් කිරීම අතිශය වැදගත්. මේ සම්මානය ලබාගැනීමට පුළුවන් පිළිබඳ මම ඉතාමත් සතුටු වෙනවා.”

මේ අතර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් මව්බිම වෙනුවෙන් යලිත් වතාවක් අත්කර දීමට සමත් වූ කුමාර් ධර්මසේන මහතා විනිසුරු දිවියේ තමන් ආ ගමන් මග පිළිබඳ සිය මතකයන් වදන් වලට මෙසේ පරිවර්තනය කිරීමට අමතක නොකළේය.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන සිංහ-කැන්ගරු ටෙස්ට් සටනේ ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර වෝන්-මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජනවාරි 24 වැනිදා…

“පසුගිය වසර මගේ විනිසුරු දිවියේ ඉතාමත් සුවිශේෂී වගේම වැදගත් අවුරුද්දක්. මේ වගේ සම්මානයකට පාත්‍ර වීමට හැකි වීම මට විශාල ගෞරවයක් වගේම අභිමානයක්. වසර හයකට පසුව නැවත මේ සම්මානය දිනා ගැනීම පිළිබඳ තියෙන්නෙ විශාල සතුටක්. කලින් වතාවේ දී සම්මානය දිනා ගැනීමත් එක්ක මම තවත් දිරිමත් වුනා මගේ උපරිම දායකත්වය  ක්‍රීඩාව හොඳින් කරගෙන යාමට ලබා දෙන්න. හිටපු ක්‍රීඩකයෙකු විදියට වගේම විනිසුරුවරයෙකු වශයෙන් ඉතා උනන්දුවෙන් සහ කැප වීමෙන් වැඩ කරලා ක්‍රීඩාවේ දී එන සියලුම අභියෝග ජයගෙන ක්‍රිකට් නාමය ලෝකයට ගෙන යන්න මම ඉදිරියේ දී තවදුරටත් බලාපොරොත්තු වෙනවා.”

“මගේ මෙම ජයග්‍රහණය පිටුපස විශාල කාර්යභරයක් ඉටු කළ මගේ බිරිඳ සහ දරුවන්ට වෙත මාව තේරුම් ගනිමින් මට ලබා දුන්න සහයෝගයට ස්තූති පළ කරන්න අවස්ථාවක් කරගන්නවා වගේම මගේ විනිසුරු ජීවිතය ආරම්භ කරන්න මට මහත් ශක්තියක් වුන පීටර් මැනුවෙල් මහතා සහ අනෙකුත් පුහුණුකරුවන් වෙතත් මේ අවස්ථාවේ දී මගේ ගෞරවය පුද කරනවා. ඒ වගේම සඳහන් කළ නොකළ මගේ අනෙකුත් සියලුම නැදෑ හිතමිත්‍රාදීන්ට මගේ ප්‍රණාමය පළ කරනවා. මොකද ඔවුන් සියලුම දෙනාගේ සහයෝගය නොවන්න මට මෙතරම් දිගු ගමනක් එන්නට ඉඩ නොලැබෙන්න තිබුණා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<