දෙවන බැග්ඩෑඩ් අර්ධ මැරතන් තරගාවලියට කුමාර් හා සජිනි

233
Baghdad Half Marathon

එළඹෙන පෙබරවාරි මස 4 වෙනිදා ඉරාකයේ, බැග්ඩෑඩ් අගනුවර දී පැවත්වීමට නියමිත දෙවන බැග්ඩෑඩ් අර්ධ මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර් ශන්මුගේෂ්වරන් හ සජිනි වික්‍රමසූරිය එක්වීමට නියමිතයි.

ශරීර සුවතා ජාතික සතිය 6 වැනිදායින් ආරම්භ වේ

ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පාලනය කිරීම අරමුණු කරගනිමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ක්‍රීඩා හා ශරීර සුවතා…

පසුගිය වසරේ ආරම්භ වූ ” බැග්ඩෑඩ් මැරතන් තරගාවලිය” පවත්වන්නේ, බැග්ඩෑඩ් නගරයේ කිතුගොස  වර්ධනයට මෙන්ම මලල ක්‍රීඩාවේ අභිවර්ධනය සඳහා තම නගරය සතු හැකියාව ඔප් නැංවීමේ අරමුණෙනි. 70′ හා 80’ දශක වල ධාවන තරග රට තුල ප්‍රසිද්ධ ක්‍රීඩාවක්  වූ අතර පසුව රට මුහුණදුන් අභ්‍යන්තර හා බාහිර ඝට්ටනයන් හේතුකොට ගෙන ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම මව් රටේ තරග වැදීමට තිබූ බොහෝ අවස්ථාවන් අහිමි වුනි. පසුගිය වසරේ පැවැත්වූ තරගය නමට පමණක් සීමා වූ මැරතන් තරගයක් වූ අතර එහි ධාවනය සඳහා යෙදී තිබුනේ  කිලෝමීටර් 10ක දුරක් පමණි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කගෙන්  සමන්විත වූ ගියවර තරගාවලියේ බහුතරය ඉරාකය නියෝජනය කල අතර 30 දෙනෙක් පමණ සිරියාව, ඊජිප්තුව, ඉතියෝපියාව, සෝමාලියාව, යෙමනය හා ලෙබනනය නියෝජනය කරමින් තරග වැදුනි. තරග සංවිධායකවරුන් මේ වසරේ තරගාවලිය අර්ධ මැරතන් ධාවන තරගයක් බවට පත්කොට කිලෝමීටර් 21.097ක දුරක් පුරා පැවැත්වීමට කටයුතු කොට ඇති අතර මෙවර ධාවන තරගයට විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැඩි නියෝජනයක් අපේක්ෂා කරයි.

තරග නියෝජනය සඳහා ශ්‍රී ලංකාව එක් ක්‍රීඩකයෙක් හා එක් ක්‍රීඩිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් දෙදෙනා තෝරාගැනුනේ 2016 LSR කොළඹ මැරතන් තරගාවලියේදී ඔවුන් පෑ දස්කම් අනුසාරයෙනි.

හැටන් ප්‍රදේශයෙන් එක්වන 26 හැවිරිදි කුමාර් ශන්මුගේෂ්වරන් LSR කොළඹ අර්ධ මැරතන් තරගාවලියේදී පළමු ස්ථානය දිනා ගැනීමට සමත්වූයේ පැය 1.10.12ක කාලයක් වාර්තා කිරීමෙන් වන අතර මෙම තරගාවලියේදී තම තරග කාලය තවත් දියුණු කර ගැනීම ඔහුගේ අභිප්ප්‍රායයි.

24 හැවිරිදි සජිනි වික්‍රමසූරිය LSR කොළඹ අර්ධ මැරතන් තරගාවලියේදී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වූයේ නයිජීරියානු ක්‍රීඩිකා නඕමි  මුනුකුයිට පමණක් පසුපසින් පැය 1.27.58ක කාලයක් වාර්තා කිරීමෙනි.

උපාලි ලියනගේ මහතා ඔවුන්ගේ පුහුණුකරු හා නිල නිළධාරියා ලෙස කටයුතු කරන අතර කණ්ඩායම පෙබරවාරි 03 වැනිදා ඉරාකය බලා පිටත් වීමට නියමිතය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<