බාලිකා රග්බි තරගාවලියේ වැඩි ගෞරව කුලියාපිටියට සහ ගිංතොටට

314

මයිලෝ සත් සාමාජික බාලිකා රග්බි තරගාවලිය පසුගිය 24 සහ 25 දෙදින පැවැත්වුණු අතර එහි දී ශූරතා දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය සහ ගිංතොට මහා විද්‍යාලයීය කණ්ඩායම් සමත් විය.

ඒ අනුව තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ හා 18න් පහළ වයස් කාණ්ඩ වල ශූරතා දිනා ගැනීමට ගිංතොට මහා විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූ අතර වයස අවුරුදු 16න් පහළ හා 20න් පහළ වයස් කාණ්ඩ වල ශූරතා දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් සමත් විය. තරගාවලිය පැවැත්වුණේ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී ය.

රග්බි ක්‍රීඩාවේ මීළඟ ගමනාන්තය කළුතර දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කය තුළ රග්බි ක්‍රීඩාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ දක්‍ෂයින් බිහිකිරීමේ මීළඟ..

වයස අවුරුදු 20න් පහළ තරග අංශයේ අවසන් මහා තරගය සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර බණ්ඩාරනායක බාලිකා පාසල සුදුසුකම් ලැබූ අතර එම තරගය ලකුණු 19-00ක් වශයෙන් ජයග්‍රහණය කළ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ශූරතාවය දිනාගනු ලැබීය. ඊට පෙර පැවති තරග වට වලදී ඔවුන් දෙහිඕවිට ජාතික පාසල සහ අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලය පිළිවෙළින් ලකුණු 10-00ක් වශයෙන් පරාජය කිරීමට සමත් විය. මෙම වයස අවුරුදු 20න් පහළ තරග අංශයේ පළමු වටයේ තරග කාණ්ඩ 2ක් යටතේ පැවැත්වුණු අතර එහි දී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ එම කාණ්ඩ දෙකේ පළමු ස්ථාන දිනාගත් කණ්ඩායම් දෙකයි.

වයස අවුරුදු 14න් පහළ තරග අංශයේ දී කණ්ඩායම් 10ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින ලදි. ඒ අනුව පළමු වටයේ තරග අවසානයේ සිය කාණ්ඩවල පළමු ස්ථාන දිනා ගැනීමට ගිංතොට මහා විද්‍යාලය, කළුතැන්න මහා විද්‍යාලය, අම්පාර බණ්ඩාරනායක බාලිකා පාසල සහ පල්ලෙකළුගල්ල මහා විද්‍යාලය සමත් වූ අතර ඒ අතරින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට ගිංතොට මහා විද්‍යාලයීය සහ පල්ලෙකළුගල්ල මහා විද්‍යාලයීය කණ්ඩායම් සමත් විය. ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 07-00ක් වශයෙන් ජයග්‍රහණය කරමින් එහි දී ශූරතාවය දිනා ගැනීමට ගිංතොට මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් විය. එහි දී පළඟ, බඳුන සහ පළිහ ශූරතා දිනා ගැනීමට පිළිවෙළින් කළුතැන්න මහා විද්‍යාලය, උඩුදුම්බර මහා විද්‍යාලය සහ ඩී. බී. වෙලගෙදර විද්‍යාලය සමත් විය.

තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ තරග අංශයේ දී කණ්ඩායම් 21ක් කාණ්ඩ 8ක් යටතේ තරග කළ අතර එහි දී අවසන් මහා තරගයේ දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව පල්ලෙකනුගල මහා විද්‍යාලය ලකුණු 07-00ක් වශයෙන් පරාජයට පත්කළ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහි දී පළඟ ශූරතාවය කාසියේ වාසියකින් ජයග්‍රහණය කිරීමට දෙහිඕවිට ජාතික පාසල සමත් වූ අතර බඳුන සහ පළිහ ශූරතා දිනාගනු ලැබුවේ පිළිවෙළින් දෙමටගොඩ අනුරුද්ධ බාලිකා පාසල සහ වීර කැප්පෙටිපොළ විද්‍යාලය යි.

වයස අවුරුදු 18න් පහළ තරග අංශයේ ශූරතාවය එහි අවසන් මහා තරගයේ දී පල්ලෙකනුගල මහා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් දිනාගනු ලැබුවේ ගිංතොට මහා විද්‍යාලයීය කණ්ඩායමයි. පළඟ, බඳුන සහ පළිහ ශූරතා දිනා ගැනීමට පිළිවෙළින් පඬුවස්නුවර මහා විද්‍යාලය, දෙහිඕවිට ජාතික පාසල සහ වීර කැප්පෙටිපොළ විද්‍යාලය සමත් විය. මෙම තරග අංශය සඳහා කණ්ඩායම් 8ක් පමණක් සහභාගී වූ බැවින් කාණ්ඩ වටයේ තරග පැවැත්වීමකින් තොරව අර්ධ අවසන් පූර්ව වටයේ තරග පවත්වන ලදි.

මෙම තරගාවලිය තුළ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් වයස අවුරුදු 17න් පහළ ශූරතාවය සඳහා සහභාගී වන ජාතික කණ්ඩායම තේරීමේ තරග සඳහා තෝරාගනු ඇත.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<