පැට්‍රික් ක්‍රීඩකයෝ අර්ධ අවසන් වටයට

514
Kotmale Chox Schools U19 Football Championship Hameedia Al Husseine College vsSt.Patrick’s College

කොත්මලේ චොක්ස් වයස අවුරුදු 19න් පහල පාසල් පාපන්දු ශූරතාවලියේ අද (26) පැවති ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගයේ දි දඬුවම් පහර 3-1ක් ලෙසින් සාර්ථක කරගනිමින් අර්ධ අවසන් තරගයේ අසුන් වෙන්කර ගැනීමට සාන්ත පැට්‍රික් විදුහල සමත් විය.

තරගයේ නියමිත මිනිත්තු 90 අවසානයේ දි ගෝල 01-01 ලෙසින් ලබා සිටි පාසල් ද්විත්වයේ, ජයග්‍රහකයින් තේරීම දඬුවම් පහර අවස්තාව දක්වා ඇදි ගිය අතර හමීඩ් අල් හුසේනී විදුහලට එහිදි සාර්ථක කර ගැනීමට හැකි වුයේ එක් ගෝලයක් පමණි.

Photos: St.Patrick’s v Hameed Al Husseinie | Kotmale Chox U19 QF 1

සවස 03.00ට පමණ කොළඹ සිටි ලීග් පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි තරගය ආරම්භ වුයේ තරග තීරකවරයාගේ නලා නාදයත් සමඟිනි. තරගාරම්භයේදීම අල් හුසේනි විද්‍යාලය සිය දක්ෂතාවයන් මනාව විදහා දක්වමින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. එම ගෝල තරගයේ 6වැනි මිනිත්තුවේදි ලබා ගත්තේ මොහොමඩ් අමාන් විසිනි (00-01).

ඉන්පසුව කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට තිබුනු අවස්තාවන් කිහිපයක්ම වැලකී ගියේ කණ්ඩායම් දෙකේම පන්දු රකින ක්‍රීඩකයා විසින් ගෝලය දැලෙන් එලියට හරවා යැවීම නිසාවෙනි. කෙසේවෙතත් ප්‍රථම අර්ධයේ අවසාන මිනිත්තුවේදි ලකුණු පුවරුව සම කිරීමටසාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩක අබීෂාන් සමත් විය (01-01). ඒ සමඟින් තරගයේ ප්‍රථම අර්ධය නිමාවට පත්විය.

තරගයේ ප්‍රථම අර්ධයේ 20 වැනි මිනිත්තුවේදි තරග තීරකවරයා සමඟින් යම් කිසි වාදයකට ගිය අල් හුසේනි ක්‍රීඩක මොහොමඩ් රිෂාන් හට තරග තීරකවරයා කහ කාඩ්පතක් නිකුත් කරන ලදි. තරගයේ 33වැනි මිනිත්තුවේදි සාන්ත පැට්‍රික් ක්‍රීඩක අබිෂාන් හටද තරග තීරක කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.

තරගයේ 42වැනි මිනිත්තුවේදි දනහිසේ ආබාධයකට ලක්වු මොහොමඩ් සාජිත් පිටියෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදි. ඒ සමඟින් අල් හුසේනි කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණන 10ක් දක්වා අඩුවිය.

ප්‍රථම අර්ධය – සාන්ත පැට්‍රික් විදුහල 01 : 01 හමීඩ් අල් හුසේනී විදුහල

විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේදි කිසිදු අතිරේක ලකුණක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකටම නොහැකි විය. තරගයේ 61වැනි මිනිත්තුවේදි නිදහස් පහර අවස්තාවක් අල් හුසේනි විදුහලට ලැබුනත් සාර්ථකව එය වලකාලන්නට පැට්‍රික් ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ 68වැනි මිනිත්තවේදි නැවතත් නිදහස් පහරක් ඔවුන්ට හිමි වූ නම් එය සාර්ථක කරගැනීමට මොහොමඩ් ෆාසිල් නොහැකි විය.

තරගයේ 75වැනි මිනිත්තුවේදි තරග තීරකවරයා සාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩක නිර්මල ක්‍රිස්ටිපාන් හට කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – සාන්ත පැට්‍රික් විදුහල 01 : 01 හමීඩ් අල් හුසේනී විදුහල

තරගයේ නියමිත කාලය අවසන් වීමෙන් පසුව ජය පරාජය තීරණය කිරීම සඳහා දඬුවම් පහර අවස්තාව ක්‍රියාත්මක කරන ලදි. එහිදි ප්‍රථම අවස්තාව සාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩක ඇන්ටන් සුබාෂ් හට හිමි වූ අතර එම අවස්තාවෙන් ලකුණක් ලබා ගැනීමට පැට්‍රික් ක්‍රීඩකයෝ අසමත් වූහ (00-00).

ඉන්පසුව අවස්තාව ලබා ගත් අල් හුසේනි විදුහල් ක්‍රීඩක මොහොමඩ් සාජිත් දඬුවම් පහරක් සාර්ථක කරගන්නා ලදි (00-01).

ඉන්පසුව අල් හුසේනි ක්‍රීඩකයින් කිසිදු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට අපොහොසත් වු අතර සාන්ත පැට්‍රික් විදුහලේ දෙවැනි සහ තෙවැනි දඬුවම් පහර අවස්තාවන් සාර්ථක කරගැනීමට සමත් විය. ඒ සමඟින් දඬුවම් පහර අවස්තා 03-01 ලෙස ජයග්‍රහණය යාපනය සාන්ත පැට්‍රික් විදුහලට හිමිවිය.

දඬුවම් පහර අවස්තාව -සාන්ත පැට්‍රික් විදුහල 03 : 01 හමීඩ් අල් හුසේනී විදුහල

ThePapare.com තරගයේ වීරයා – ඒ. පිරුන්තපන් (සාන්ත පැට්‍රික් විදුහල)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට