පාසල් පාපන්දු පිටිය නැවතත් උණුසුම් වෙයි

1254
kothmale chocx

කොත්මලේ ආයතනය මඟින සංවිධානය කරනු ලබන කොත්මලේ  චොක්ස් වයස අවුරුදු 19 න් පහල පාසල් පාපන්දු තරගාවලියේ අාරම්භක තරඟ කිහිපයක් පසුගිය සතියේ දී පැවැත්විණි.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

කොත්මලේ චොක්ස් තරගාවලියේ ආරම්භක තරඟය වු මෙය කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විය. මෙම තරඟය සඳහා වර්ෂාවෙන් තරමක් බාධා ඇතිවිය. මෙම තරඟය ගෝල 2-2 ක් ලෙස තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය. තරගයේ පළමු අර්ධයේ ගෝල 2- 0 ක් ලෙස පීතර විද්‍යාලය පෙරමුණේ පසුවිය.

සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් 21 වන මිනිත්තුවේදී චතුර බුවනක ගෝලයක් වාර්තා කල අතර 46 වන මිනිත්තුවේදී මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් ෂාබීර් ගෝලයක් ලබාගැනීමට සමත් විය.

ThePapare.com තරගයේ වීරයා මොහොමඩ් ෂාබීර්

හමීඩ් අල් හුසේන් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ගෝල 5 0 ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට අල් හුසේන් විද්‍යාලය සමත් විය. පළමු අර්ධය නිමාවන විට ගෝල 2 0 ක් ලෙස දැක්විණි.

අල් හුසේන් විද්‍යාලය වෙනුවෙන් 23 වන මිනිත්තුවේදී හා 83 වන මිනිත්තුවේදී අමාන් විසින් ගෝල වාර්තා කරන ලදි. තවද 32 වන මිනිත්තුවේදී කිතිග් සඳරුවන් ද, 73 වන මිනිත්තුවේදී එස්. අබිෂාන් ගෝලයක් අල් හුසේන් විද්‍යාලය වෙනුවෙන් ලබාගැනීමට සමත් විය. එයින් සුළු මොහොතකට පසු මොහොමඩ් සාජිත් විසින් 74 වන මිනිත්තුවේදී 5 වන ගෝලයත් වාර්තා කරමින් තම පාසල ජයග්‍රහණය වෙත ගෙනයාමට සමත් විය.

ThePapare.com තරගයේ වීරයා මොහොමඩ් ෂාන්

තරගයේ ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය හා  සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කොළඹ CR&FC පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ගෝල 2 1 ජයග්‍රහණයක් ලබාගැනීමට සාන්ත ජෝශප් කණ්ඩායම සමත් විය. පළමු අර්ධයේ දී සාන්ත මරියා විද්‍යාලය ගෝල 1 0 ක් ලෙස පෙරමුණේ පසුවිය.

11 වන මිනිත්තුවේදී තරිදු දිලක්ෂ මරියා විද්‍යාලය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට සමත් විය. ‍ජෝසප් විද්‍යාලය වෙනුවෙන් 84 වන මිනිත්තුවේදී මදුරංග හා 90 වන මිනිත්තුවේදී සචින්ත මදුරංග ගෝලයක් වාර්තා කරමින් ජයග්‍රහණය සාන්ත ජෝශප් විද්‍යාලය වෙත රැගෙන එන ලදි.

ThePapare.com තරගයේ වීරයා ෂමින්ද පෙරේරා

තරගයේ ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා පිළියන්දල හර්මන් මයිස්නර් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මාතර පාපන්දු සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම තරඟය මයිස්නර් විද්‍යාලය ගෝල 4 2 ක් ලෙස ජයග්‍රහණය කරන ලදි. පළමු අර්ධයේ දී ගෝල 2 2 ක් ලෙස දෙපිලම සම තත්ත්වයක පසුවිය.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ෂමිදු ඉෂාර 11 වන මිනිත්තුවේදී හා හිමාල් සිතාර විසින් ගෝල වාර්තා කල අතර මයිස්නර් විද්‍යාලය වෙනුවෙන් අංජන ඉමරංග 14 හා 74 වැනි මිනිත්තු වලදී ද, විදුර තීක්ෂණ 21 වන මිනිත්තුවේදී ද, දුලාන් ඉරංග 57 වන මිනිත්තුවේදී ගෝල වාර්තා කරමින් තම විද්‍යාලයට ජයග්‍රහණය ලබාගැනීමට දායක විය.

ThePapare.com තරගයේ වීරයා අංජන ඉමරංග

කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය හා බදුල්ල ධර්මදූත විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වින්සන් ඩයස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ගෝල 5 0 විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ජෝශප් විද්‍යාලය සමත් විය. පළමු අර්ධයේ 0 0 ක් ලෙස ලකුණු දැක්විණි.

ජේසන් ප්‍රනාන්දු 54 වන මිනිත්තුවේදී ද, සචින්ත මදුරංග 59 වන මිනිත්තුවේදී හා 69 වන මිනිත්තුවේදී ද, අසේල මදුෂාන් 65 වන මිනිත්තුවේදී ද, ධර්මදූත විද්‍යාලය ක්‍රීඩකයෙකු විසින් ඔවුන්ගේ දැලවෙත පන්දුව එල්ල කිරීම නිසා 74 වන මිනිත්තුවේදී ද ගෝල ලබාගැනීමට ජෝශප් විද්‍යාලයට හැකි විය.

කොළඹ ලුම්බිණි විද්‍යාලය හා හැටන් සිරීපාද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වැල්ලවත්ත කුරේ පාර්ක් පිටියේදී පැවැත්විණි. එම තරඟය ගෝල 7 1 ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ලුම්බිණි විද්‍යාලය සමත් විය. පළමු අර්ධයේ දී ගෝල 5 1 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය ඉදිරියෙන් සිටින ලදි.

සිරීපාද විද්‍යාලය වෙනුවෙන් 12 වන මිනිත්තුවේදී දේශාන් දිනුවර ගෝලයක් ලබාගැනීමට සමත් විය. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් 13 සහ 19 වන මිනිත්තු වලදී මාලිංග මදුෂාන් විසින් , ජනිත් චාමර 28 , 35 සහ 67 යන මිනිත්තු වලදී , සිරීපාද විද්‍යාලයේ ක්‍රීඩකයෙකු විසින් ඔවුන්ගේ දැලටම පහරක් එල්ල කිරීම නිසා 40 වන මිනිත්තුවේදී , 57 වන මිනිත්තුවේදී පසිදු හසන්ත විසින් තවත් ගෝලයක් ලබාගැනීමට සමත් විය. මෙම තරගයේ දී ලුම්බිණි ක්‍රීඩක ජනිත් චාමරට විනිසුරුතුමා විසින් රතු කාඩ් පතක් පෙන්වන ලදි. කෙසේ වෙතත් ලුම්බිණි විද්‍යාලය තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න