තියුණු සටනකට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කම අහිමි වේ

133

පුරා දින පහක් මුළුල්ලේම SSC ටෙනිස් පිටියේ පැවැත්වූ ITF Futures Series රෝදපුටු ටෙනිස් තරගාවලියේ කොළඹ අදියරේ, ඒකල හා යුගල පිරිමි අවසන් මහා තරග දෙකම තියුණු තරග වට කිහිපයකට පසුව පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

යුද විරුවා හමුවේ ලොව දෙවැන්නා අසරණ වෙයි

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ රෝද පුටු ක්‍රීඩකයෙකු වන සුරේෂ් ධර්මසේන 2018 වසරේ පැවැත්වූ…

පිරිමි ඒකල තරග වටය තුළ හොඳින් දස්කම් දක්වමින් අවසන් මහා තරගය වෙත පැමිණි ගාමිණී දිසානායක හට මුණ ගැසුණේ කොරියානු ප්‍රබල රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයෙක් වන හා ගෙල් ලී ය. ලී ඔහුගේ ක්‍රීඩා විලාසය පසුගිය තරග වටවලට වඩා මදක් වෙනස් කරමින් අවසන් තරගයට අවතීර්ණ වී සිටියේය.

කෙසේ නමුත් ගෙල් ලී හමුවේ ලකුණු 7/6 (4)ක් හා ලකුණු 6/2ක් ලෙස (තරග වට 2-0) පරාජයක් ලබා ගැනීමට දිසානායකට සිදු විය. එම තරග අංශය යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු සුපිරි 32 දෙනාගේ වටයට තරග වැදුණ ද ඒ අතරින් හොඳම 8 දෙනාගේ තරග වටයට පිවිසියේ ආර්. රණවීර හා දිසානායක පමණි.

පිරිමි ඒකල තරග වටයේ දී ධර්මසේන හා රණවීර අවසන් මහා තරගයට පිවිසියේ හා ගෙල් ලී හා සැන් හෝ ඕ සමඟිනි. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යුගලය ලකුණු 7/5ක් හා ලකුණු 6/3ක් ලෙස පරාජය විය. ඒ අනුව එහි රන් පදක්කමත් දකුණු කොරියාවට හිමි විය. මෙහි අවසන් පූර්ව තරග වටයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු කණ්ඩායම් දෙකක් නියෝජනය කරමින් සුදුසුකම් ලබාගෙන තිබුණි. නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අතරම අවසන් පූර්ව තරගය පැවති නිසා අවසන් සටනට පිවිසීමට අවස්ථාව ලැබුණේ එක් ශ්‍රී ලංකා කණ්ඩායමකට පමණි.

රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉහළ දස්කම්

දින 5ක් පුරාවට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ පැවති ‘ITF Futures’ විවෘත රෝදපුටු ටෙනිස්..

මෙම තරගාවලියේ දෙවන සතියට වඩා තෙවන සතිය තුළ කොරියානු කණ්ඩායම ඉදිරියට පැමිණි අතර ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු වන ජගත් වැලිකල මහතා හා විශේෂඥ ආද් ස්වාන් මහතා පැවසුවේ අප ක්‍රීඩකයින්ගේ දස්කම් පිළිබඳව පසුතැවිලි වීමට අවශ්‍ය නොවන බවත් ඔවුන් මේ තරගාවලිය හරහා හොඳ ප්‍රසාද ලකුණු මට්ටම්වලට පැමිණි බව යි. එය ඉදිරියේ දී පැවැත්වෙන ටෙනිස් තරගාවලි සඳහා ඔවුන්ට බෙහෙවින් වැදගත් වනු ඇති බවත් ඔවුන් පැවසූවේය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<