කෝලි – විලියම්සන් ද්වන්ද සටන ගැන කෝලිගෙන් අදහසක්

599

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වරෙක නවසීලන්ත නායක කේන් විලියම්සන් ගේ කඩුල්ල දවාගත්තේ ඔවුන් දෙදෙනාම යොවුන් වියේ පසුවෙද්දී ය. එම සිදුවීමම එළඹෙන ඉන්දියා – නවසීලන්ත ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩු වුවත් මෙම තරගය නම් ඉතා සුවිශේෂී තරගයක් වනු නොඅනුමානය.

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග නිලධාරීන් නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා ….


මෙම තරු පිතිකරුවන් දෙදෙනා පළමු වරට හමුවන්නේ යොවුන් ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කරන විටය. 2008 වසරේ මලයාසියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසාන පූර්ව තරගයේ දී මද වේගපන්දු යැවූ විරාත් කෝලි, කේන් විලියම්සන් ව දවා ගත්තේ ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමිනි.

ඉන්දියාව එම තරගය ජයගත් අතර පසුව ඔවුන් අවසාන මහා තරගයේ දී දකුණු අප්‍රිකාව ද පරාජයකිරීමට සමත් විය.

“අපි හෙට හමුවුනාම මම ඇත්තටම කේන් ට මතක් කරනවා.” යයි 30 වියැති කෝලි තරගයට පෙර දින පැවති මාධ්‍ය හමුවේ දී වයස අවුරුදු 19න් පහළ තරගය පිළිබඳ මතක් කළ විට පවසා සිටියේය.

“මට හොඳටම විශ්වාසයි ඔහුට මතකයි. වසර 11කට පෙර යොවුන් කණ්ඩායම් මෙහෙය වූවාට පසුව නැවතත් ජ්‍යෙෂ්ඨ ලෝක කුසලානයක දී කණ්ඩායම මෙහෙය වීමට ලැබීම අප දෙදෙනාටම සතුටක්.”

“අපි මේ පිළිබඳව කලිනුත් කතා කරලා තිබෙනවා. එම ලෝක කුසලානයේ ක්‍රීඩා කළ, අපගේ වයස් මට්ටම් වල අනෙක් ක්‍රීඩකයින් බොහොමයක් තම තමන්ගේ ජාතික කණ්ඩායම් වල මේ වනවිට ක්‍රීඩා කරනවා. එය දැකීම බොහොම සතුටක්.”


“ඒක හොඳ මතකයක්, අප දෙදෙනාටම මේ තරගයේ දී ඒ මතකය සුන්දර මතකයක් වේවි. ඒ දිනවල අපි මෙය මෙසේ වෙයි කියලා අපේක්ෂා කළේ නැහැ. නමුත් ඒක හරිම සුන්දර දෙයක්.”

විලියම්සන් ගේ කඩුල්ල දවා ගැනීම පිළිබඳව විමසා සිටි විට කෝලි මෙසේ පැවසීය. 

“මම කේන් ගේ කඩුල්ල දවා ගත්තා ද? මම හිතන්නේ නැහැ එය යලිත් වෙයි කියලා.”

කෝලි පළමු වරට කේන් විලියම්සන් ගේ දක්ෂතා පිළිබඳ දැන ගන්නේ මලයාසියාවේ පැවැත්වුනු ලෝක කුසලානයට වසරකට ප්‍රථමය.

“මට මතකයි අපි 2007 වසරේ දී නවසීලන්තයේ සංචාරයක යෙදුනා. එහිදී අපි ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළා. අපේ ඉතා වේගයෙන් පන්දු යැවූ වේගපන්දු යවන්නෙක් ට ඔහු පසු පාදයේ අලංකාර පහරක් ක්‍රීඩා කළා.”

“මට මතකයි මම ස්ලිප් ස්ථානයේ හිඳිමින් මගේ අනෙක් ක්‍රීඩකයින්ට කියනවා මම කවදාවත් එහෙම පහරක් දැකලා නැහැ කියලා.”

“ඔහු හැම වෙලාවකම කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. අපි නවසීලන්තයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කළ කාලයේත් ඒක කැපී පෙනුනා. ඔහු නවසීලන්තය වෙනුවෙන් විශේෂ පුද්ගලයෙක්.”

විලියම්සන් මෙවර ලෝක කුසලානයේ දී විශිෂ්ට ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව වාර්තා කළ ශතකත් ඒ අතර ඇත. ඔහු මේ වනවිට තරගාවලිය පුරා ලකුණු 481 ක් රැස්කර ගෙන සිටින අතර එය නවසීලන්තය වෙනුවෙන් වාර්තා වූ මුළු ලකුණු වලින් 29% ක ප්‍රතිශතයකි.

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එන්න කැමති වෙයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හා ….

“අපි දැනගෙන සිටියා ඔහුට දිගු ඉනිම් ක්‍රීඩා කරන්න හැකියි කියලා. දැන් ඔහු නවසීලන්තයේ ලකුණු රැස් කිරීමේ වේගය හොඳින් පාලනය කරමින් නවසීලන්තය වෙනුවෙන් හොඳින් ලකුණු රැස් කරනවා.” යයි කෝලි පවසා සිටියේය.

“ඔහු ඉතාම ආදරණීය පුද්ගලයෙක්, අපි හොඳම මිතුරන්. රොස් ටේලර් සමඟ ඔහු තමයි නවසීලන්තයේ ප්‍රධානතම පිතිකරුවා.”

“අපේ සැලසුම් දෙස බලන විට ඔවුන් දෙදෙනා ඉක්මණින්ම දවා ගැනීම ඉතා වැදගත්. මොකද අපි දන්නවා ඔවුන් දෙදෙනාට පුළුවන් සාර්ථක සබඳතා ගොඩ නගන්න.” යයි ඉන්දීය නායක විරාත් කෝලි වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<