කෝලි සහ රබාඩා ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට

252

ඉන්දීය නායක විරාත් කෝලි හා දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා 2018 වසර නිමා වන විට ICC පිතිකරණ හා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටීමට සමත් වූයේ විශිෂ්ට වසරක් නිමා කරමිනි.

2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ

මෙල්බර්න් හී තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ලකුණු 82ක් වාර්තා කළ ද කෝලිගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු තුනක් අඩු වූ නමුත් තවදුරටත් ඔහු කේන් විලියම්සන්ට වඩා ලකුණු 34ක් ඉදිරියෙන් රැඳී සිටියි. සිය ක්‍රීඩා දිවියේ වැඩිම ප්‍රසාද ලකුණ ලෙස ලකුණු 937ක් 2018 වසරේ රැස්කර ගත් කෝලි ටෙස්ට් ආකෘතියේ ලකුණු 1322ක් ද රැස් කර ගැනීමට සමත් විය. පසුගිය අගෝස්තු මාසයේ දී ස්ටීවන් ස්මිත් පසුකර ගිය කෝලි මේ වන විට දින 135ක් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටියි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටින්නේ ප්‍රවීණ එංගලන්ත පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට වඩා ලකුණු 6කින් ඉදිරියෙන් සිටිමිනි. ඔහු පළමු ස්ථානයට පත්වූ ළාබාලතමයා වන අතර ඔහු මේ වන විට දින 178ක් පළමු ස්ථානයේ රැඳී සිටියි. 2018 වසරේ තරග 10ක දී ඔහු ලබාගෙන ඇති කඩුලු ගණන 52කි.

කෝලිගේ අඩිපාරේ යන චෙතෙශ්වර් පුජාරා ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ මෙල්බර්න් හී තරගයේ පළමු ඉනිමේ ශතකයක් සමඟිනි. රිශ්බාහ් පන්ට් ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 38 වැනි ස්ථානයේ රැඳී සිටියි. සිය මංගල තරගය ක්‍රීඩා කළ මායන්ක් අගර්වාල් ශ්‍රේණිගත කිරීම්වල 67 වැනි ස්ථානයට පැමිණියේ ඉනිම් දෙකේ දී ලකුණු 76ක් හා 42ක් බැගින් රැස් කරමිනි.

ජස්ප්‍රීත් බුම්රාහ් 28 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානයට පැමිණියේ මෙල්බර්න් තරගයේ දී ලකුණු 86කට කඩුලු 9ක් දවා ගනිමිනි. ඔහු ඉන්දියාව වෙනුවෙන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේම රැඳී සිටින වේගපන්දු යවන්නායි.

Video – නව වසරේ පළමු පැතුම ජයග්‍රාහීව අවසන් කරන්නේ කොහොමද? – පිටියේ කතා

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් ඉහළ දක්ෂතා දැක්වූයේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත් වීම නිසයි. ඔහුත් තෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය. ස්ථාන 13ක් ඉදිරියට පැමිණෙමින් ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 91 වැනි ස්ථානයට පත් විය.

නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 423ක දැවැන්ත ජයක් වාර්තා කළේ ඔවුන්ගේ පන්දු යවන්නන්ගේ දක්ෂතා නිසාවෙනි. ට්‍රෙන්ට් බෝල්ට් එම තරගයේ දී කඩුලු නවයක් දවා ගත් අතර එම දක්ෂතාව නිසා ස්ථාන හතක් ඉදිරියට පැමිණි ඔහු ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානයට පත් වීමට සමත් විය. ටිම් සවුති නවවැනි ස්ථානයේත්, නීල් වෙග්නර් 15 වැනි ස්ථානයටත් පැමිණීමට සමත් විය.

ක්‍රයිස්ට්චර්ච් හිදී ශතක වාර්තා කළ හෙන්රි නිකොලස් හත්වැනි ස්ථානයටත්, ටොම් ලේතම් 14 වැනි ස්ථානයටත්, ජීට් රැවල් 35 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පත් වීමට සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෂීම් අම්ලා 11 වැනි ස්ථානයට පැමිණීමට සමත් විය. ටෙම්බා බවුමා 31 වැනි ස්ථානයට පත් වෙද්දී තරගයේ වීරයා වූ ඩුආන් ඔලිවියර් 36 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් විය.

පාකිස්තානයේ බාබර් අසාම් 27 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී, මොහොමඩ් අමීර් 34 වැනි ස්ථානයටත්, ශහීන් අෆ්රිඩි 73 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට යෑමට සමත් විය.

මේ අතරම නවසීලන්තය දකුණු අප්‍රිකාව පසු කරමින් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයට පත්වන්නට සමත් විය.

ස්ථානය කණ්ඩායම ලකුණු
1 ඉන්දියාව 116
2 එංගලන්තය 108
3 නවසීලන්තය 107
4 දකුණු අප්‍රිකාව 106
5 ඔස්ට්‍රේලියාව 102
6 පකිස්ථානය 92
7 ශ්‍රී ලංකාව 91
8 බටහිර ඉන්දීය කොදෙව් 70
9 බංගලාදේශය 69
10 සිම්බාබ්වේ 13
11 ඇෆ්ගනිස්ථානය 00
12 අයර්ලන්තය 00

 

ක්‍රිකට් පිටියෙන් පාර්ලිමේන්තුවට කරණම් ගැසූ බංග්ලාදේශ සුපිරි තරුව

2018 දෙසැම්බර් 31 වනදා වන විට ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

පිතිකරුවන්

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ලකුණු සාමාන්‍ය ඉහළම ප්‍රසාද ලකුණ
1 ( – ) විරාට් කෝලි ඉන්දියාව 931 54.01 937
2 ( – ) කේන් විලියම්සන් නවසීලන්තය   897 51.44 915
3 ( – ) ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියාව 883 61.37 947
4 ( – ) සී. පුජාරා ඉන්දියාව 834 49.83 888
5 ( – ) ජෝ රූට් එංගලන්තය 807 50.44 917
6 ( – ) ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව 780 48.20 880
7 (+2) හෙන්රි නොකොල්ස් නවසීලන්තය 763*! 43.54 763
8 ( – ) ඩින් එල්ගාර් දකුණු අප්‍රිකාව 728 40.92 784
9 (-2) දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව 715 37.08 754
10 (-1) අසාර් අලී පකිස්ථානය 697 44.45 787
11= (+3) හෂීම් අම්ලා දකුණු අප්‍රිකාව 689 47.35 907
  (+1) උස්මාන් කවාජා ඔස්ට්‍රේලියාව 689 42.29 747
13 (+3) ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව 687 44.79 877
14 (+8) ටොම් ලේතම් නවසීලන්තය 676! 41.59 676
15 (-2) දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව 675 43.53 755
16 (+2) කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව 671 37.90 693
17 (-6) ඒඩන් මාර්කම් දකුණු අප්‍රිකාව 654* 43.83 759
18= (+2) ජොනී බෙයාර්ස්ටෝව් එංගලන්තය 653 37.71 772
  (-3) අජින්ක්යා රහනේ ඉන්දියාව 653 40.82 825
20 (-1) රෝස් ටේලර් නවසීලන්තය 646 45.93 871

 

පන්දු යවන්නන්

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණු සාමන්‍යය ඉහළම ප්‍රසාද ලකුණ
1 ( – ) කගිසෝ රබාඩා දකුණු අප්‍රිකාව 880 21.56 902
2 ( – ) ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය 874 26.98 903
3 (+5) පැට් කමින්ස් ඔස්ට්‍රේලියාව 836*! 23.25 836
4 (-1) වර්නන් ෆිලෑන්ඩර් දකුණු අප්‍රිකාව 817 21.54 912
5 (-1) එම්. අබ්බාස් පකිස්ථානය 813* 16.62 838
6 (-1) රවින්ද්‍ර ජඩේජා ඉන්දියාව 796 23.55 899
7 (+7) ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්තය 771 27.90 825
8 (-2) ආර්. අශ්වින් ඉන්දියාව 770 25.43 904
9 (+2) ටීම් සවුදි නවසීලන්තය 767 29.93 799
10 (+2) ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දීය කොදෙව් 751* 28.50 766
11 (-2) ජෝෂ් හේසල්වුඩ් ඔස්ට්‍රේලියාව 748 26.83 863
12 (-2) යසීර් ෂාහ් පකිස්ථානය 745 28.33 878
13 ( – ) ශැනොන් ගේබ්‍රියෙල් Win 742 29.73 757
14 (-7) නේතන් ලියොන් ඔස්ට්‍රේලියාව 727 31.95 774
15 (+1) නීල් වෙග්නර් නවසීලන්තය 721 28.88 785
16 (+12) ජස්ප්‍රීත් බුම්රාහ් ඉන්දියාව 708*! 21.02 708
17 ( – ) මෙහෙදී හසන් Ban 696*! 29.78 696
18 (-3) මිචෙල් ස්ටාර්ක් ඔස්ට්‍රේලියාව 695 28.43 805
19 (-1) ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තය 694 29.04 880
20 ( – ) ෂකිබ් අල් හසන් Ban 675 31.27 705

 

තුන් ඉරියව් ක්‍රීඩකයෝ

ස්ථානය (+/-) ක්‍රීඩකයා කණ්ඩායම ප්‍රසාද ලකුණ ඉහළම ප්‍රසාද ලකුණ
1 ( – ) ෂකිබ් අල් හසන් Ban 415 489
2 (+2) ජේසන් හෝල්ඩර් Win 365/* 381
3 (-1) රවින්ද්‍ර ජඩේජා ඉන්දියාව 364 438
4 (-1) වර්නන් ෆිලැන්ඩර් දකුණු අප්‍රිකාව 362 378
5 ( – ) බෙන් ස්ටොක්ස් එංගලන්තය 342 396