කෝලිගේ නම තවත් තැනකට

88

දිනෙන් දින ලෝක ක්‍රිකට් පිටියේ වාර්තා පිට වාර්තා තබමින් ඉදිරියට යන ප්‍රබල චරිතයක් ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායක විරාත් කෝලි හඳුන්වා දිය හැකිය.

ඔහු උපන් නගරය වන දිල්ලි නගරයේ පිහිටි ප්‍රධානම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වන ෆෙරෝ ෂා කොට්ලා පිටියේ එක් ප්‍රේක්ෂකාගාරයක් ඔහුගේ නමින් නම් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් පසුගිය දා (සැප්තැම්බර් 12) තීරණය කළේය.

බංග්ලාදේශය අවසන් මොහොතේ සිම්බාබ්වේ මවිත කරයි

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුන අතර පැවැත්වෙන පන්දුවාර…

තවද මෙතෙක් කාලයක් ෆෙරෝ ෂා කොට්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලෙස හැඳින්වූ මෙම ක්‍රිකට් පිටිය පසුගිය 12 වැනිදා සිට “අරුන් ජෙයිට්ලි” ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. 

මෑතක දී අභාවප්‍රාප්ත වූ අරුන් ජෙයිට්ලි යනු ඉන්දීය දේශපාලනඥයෙකු වන අතර දිල්ලි දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු ප්‍රධානියා ද වේ.

එම ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීම හා එහි එක් ක්‍රීඩා මණ්ඩපයක් කෝලිගේ නමින් නම් කිරීම වෙනුවෙන් පැවති උත්සවය සඳහා සහභාගී වූ කෝලි තම පවුලේ සාමාජිකයින්ට, කණ්ඩායමේ සාමාජිකයින්ට සහ පැරණි පුහුණුකරුන්ට සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියේය.

“මගේ ළමා අවධියේ පුහුණුකරු රාජ්කුමාර් ශර්මා 2001 දී (2000) සිම්බාබ්වේට එරෙහිව පැවති ටෙස්ට් තරගයක් නැරඹීමට ටිකට්පත් දෙකක් මට ලබා දුන්නා. මට මතකයි ගැලරි ග්‍රිල් එකට මම ගිහිල්ලා ජාවගල් ශ්‍රීනාත් මහතාගේ අත්සන් සමරුවක් (autograph) ඉල්ලුවා, මම මගේ සහෝදරයාට දැන් කිව්වේ අපි කොච්චර දුරක් ආවා ද කියලයි. අද මගේ නමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක මණ්ඩපයකුත් තිබෙනවා. ඒක මට ලොකු ගෞරවයක්.” යැයි කෝලි සිය ක්‍රිකට් ජීවිතයේ අතීතය ආවර්ජනය කරමින් පවසන ලදි.

යොවුන් ක්‍රීඩකයෙකුට ඉන්දියානු ටෙස්ට් කණ්ඩායමෙන් කැඳවුම්

ඉන්දියානු යොවුන් ක්‍රීඩක ශුබ්මන් ගිල් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් යුතු ටෙස්ට්…

මේ උත්සවයට පැමිණ සිටි පරිපාලකයින් සහ හිටපු ක්‍රීඩකයින් කෝලිට ප්‍රශංසා කළේය. මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දියාවේ පළමු ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමේ නායක කපිල් දේව්, කෝලි හා සචින් තෙන්ඩුල්කාර්ව මෙසේ සැසඳීය.

“කෝලිට බොහෝ දුර යා යුතුව තිබේ. ඔහුගේ වෘත්තීමයේ කාලයේ මැද අවධියේ දී ඔහු ගැන කතා කිරීම නිවැරදි නැහැ කියලයි මම හිතන්නේ. නමුත් ඔහු අපට ලබා දී ඇති දේ අසමසම ය. සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගිය මට්ටම වෙත කිසිවෙක් ළඟා වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් කෝලි ක්‍රීඩාව වෙනමම මට්ටමකට ගෙන ගොස් තිබෙනවා. ඒක හරිම වෙනස්, හරිම අපූරුයි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<