මැක්ස්වෙල්ගේ තීරණයට කෝලිගෙන් පැසසුම්

112

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තාවකාලික විරාමයක් ගැනීමට තීරණය කර තිබුණි. ඒ මානසික පීඩනයෙන් මිදීම සඳහායි. 

මැක්ස්වෙල්ගේ මෙම තීරණය පිළිබඳව ඉන්දීය නායක විරාත් කෝලි පසුගිය දා අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් තම මානසික සුවය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බවයි. 

මැක්ස්වෙල් එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩා තරග රටාවල ලොව ප්‍රබලතම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර ඔහු මේ තාවකාලික විරාමයට එළඹුණේ ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය අතරතුර දී ය. 

පන්දුව කෙසේ වෙතෙත් නම්බුව පළුදු වේ!

ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉන්දියාවේ….

මැක්ස්වෙල්ගේ මෙම තීරණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් හා පුහුණුකාර මණ්ඩලය විසින් ප්‍රබල සහයෝගයක් දක්වා ඇති අතර ඔහුට “විශේෂ ක්‍රීඩකයෙකු” ලෙස සැලකීමක් දක්වා ඇත. 

මැක්ස්වෙල්, මීළඟ ඕස්ට්‍රේලියානු තරග වාරය සඳහා නැවත කණ්ඩායමට එක්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වේ. විරාත් කෝලි මැක්ස්වෙල්ගේ මෙම තීරණය පිළිබඳව ඇගයීමට ලක්කර ඇත. 

“මම අතිශයින්ම ඒකට සහයෝගය දක්වනවා. මම හිතන්නේ මැක්ස්වෙල්ගේ මෙම තීරණය ආදර්ශමත් ක්‍රියාවක් සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන්ට. මම හිතන්නේ මේ වගේ තීරණයන් වලට ගරු කරන්න ඕන. ඒවා සෘණාත්මක විදිහට බලන්න හොඳ නෑ.” බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට පෙර මාධ්‍ය හමුවේ පවසා සිටියේය. 

මෙම මානසික පීඩනයන් පිළිබඳව කතාබහ ආසියානු රටවල එතරම් සුලබ නොවන අතර වෙනත් රටවල් නියෝජනය කරන ක්‍රීඩකයන් මෙම මානසික හේතූන් නිසා යම් තරගාවලි සඳහා සහභාගි නොවන අවස්ථා ද දක්නට ලැබුණි. 

2003 වසරේ දී එංගලන්ත ක්‍රීඩක ජොනතන් ට්‍රොට් ඕස්ට්‍රේලියානු තරග සංචාරයකින් මෙවැනිම හේතුවක් නිසා ඉවත් විය. එංගලන්ත ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ද මෙවැනිම මානසික ආබාධයකට ගොදුරු වූ අතර ඔහුගේ එම පීඩනය නිසා 2006/07 ඕස්ට්‍රේලියානු තරග සංචාරය එංගලන්තය අන්ත පරාජයකට ගෙන යාමට සමත් විය. 

පාකිස්තානයට යන ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය

එළඹෙන මස 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින්….

පසුගිය 2014 වසරේ එංගලන්ත තරග සංචාරයේ දී යම් මානසික පීඩනයකට ලක්ව සිටි බව පැවසූ අතර එම තරගාවලියේ තරග 10ක දී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 134ක් පමණි. එහි වැඩිම ලකුණු ලෙස වාර්තා වූයේ ලකුණු 39කි. 

“මම මගේ ක්‍රීඩා ජීවිතයේ එවන් කාලයක් පසු කළා. මම හිතුවේ ඒක ලෝකයේ අවසානය කියලා. 2014 වසරේ දී එංගලන්ත තරගාවලියේ දී මට හිතාගන්න බැරි වුනා මම මොනවද කරන්න ඕනෙ කියලා. කාටවත් කියන්න දෙයක් වත් මම දන්නේ නෑ. මගේ ගැටලුව මම කියන්න ඕන කොහොමද කියලවත් මම දැනගෙන හිටියේ නෑ. මට ඒ වෙලාවේ කියන්න තිබුණේ මගේ මානසිකත්වය එතරම් හොඳ නෑ කියලා. මට එහෙම කියලා තරගයෙන් ඉවත් වෙන්න තිබුණා. ඒත් ඒකට මට කොහොම ප්‍රතිචාරයක් ලැබේවි ද කියලා මම බය වුනා. ඒත් ඇත්තටම මේ දේවල් ගොඩක් වැදගත් දේවල් කියලා මට පස්සේ තේරුණේ. යම් ක්‍රීඩකයෙක් ඒ කණ්ඩායමට වටිනවා නම් ඒ කණ්ඩායමෙන් ඔහුව බලා ගන්න ඕන.”

ඉන්දීය බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගාවලිය වන අතර තම කණ්ඩායම එම තරගය සඳහා තම කණ්ඩායම නොඉවසිල්ලෙන් බලා සිටින බව කෝලි පවසා සිටියා. තරගාවලියේ දෙවන තරගය එළඹෙන නොවැම්බර් මස 22 වැනිදා කොල්කටාහි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

“මම රෝස පැහැති පන්දුවෙන් ඊයේ පුහුණුවීම් කළා. මම බලාපොරොත්තු වුනාට වඩා දෝලනයක් ඒ පන්දුවට තියනවා. ඒ පන්දුවේ ආලේප කරලා තියන තීන්ත වර්ගය නිසා. ඒක ඉක්මනින් ගෙවී යන්නේ නෑ. ඒ වගේම පන්දුවේ දාරය අපි හිතන තරම් ඉපිලීමක් ලබාගන්නේ නෑ. මම හිතන්නේ මේ තණතීරුව පන්දු ‍යවන්නන්ට උචිත වේවි. විශේෂයෙන් වේගපන්දු යවන්නන්ට.”

ජාතිවාදී ප්‍රකාශවලට ආචර්ගෙන් සැර පිළිතුරක්!

එංගලන්තයේ නවතම වේගපන්දු තරුව ලෙස ජොෆ්‍රා ආචර් හැදින්වීම….

තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතයට මොහොමඩ් ශාමි, උමේශ් යාදව් හා ඉශාන්ත් ශර්මා ඇතුළත් වන අතර එය ලොව ප්‍රබලතම පන්දු බලඇණියක් ලෙස විරාත් විසින් හඳුන්වා ඇත. පසුගිය දා නිමා වූ ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී ශාමි හා යාදව් කඩුලු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉන්දීය කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කළේ 3-0ක් ලෙසිනි. 

“ඔබ මගෙන් ඇසුවොත් අපි සිටින්නේ උපරිම දක්ෂතාවල. අපේ කණ්ඩායමේ පිතිකරණය කොහොමත් එතරම් ගැටලුවක් වුනේ නෑ. දඟපන්දු ‍යැවීමත් එහෙමයි. ඒත් සහීර් ඛාන් ඉවත් වීමත් සමඟින් අපිට තිබුණ ගැටලුවක් වුනේ වේගපන්දු ‍යැවීම. ඒත් මේ ක්‍රීඩකයන්ගේ පන්දු ‍යැවීම බැලුවම අපේ ඒ බලාපොරොත්තුව සාර්ථක වෙලා තියනවා. ඕනෑම තණතීරුවක ඕනෑම කණ්ඩායමකට එරෙහිව මම හිතන්නේ අපේ පන්දු ‍යවන්නන් ප්‍රතිවාදීන්ට වඩා සාර්ථක වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<