ඉන්දියාවට පක්ෂග්‍රාහී යැයි කියූ ICCයෙන් ඉන්දීය නායකයාට දඩ

18585

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය 22 වැනිදා පැවැත්වුණු ඉන්දු – ඇෆ්ගනිස්තාන තරගයේ දී පිටියේ විනිසුරු ලබා දුන් තීරණයකට උරණ වී හැසිරීම නිසා ඉන්දීය නායක විරාත් කෝලී හට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23) තීරණය කර ඇත.

අපේ කණ්ඩායම දවසෙන් දවස ඉදිරියට යනවා – ඇෆ්ගන් නායක

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු ……….

ඔහුට ලබා දුන් දඩ මුදලට අමතරව කෝලිට එරෙහිව එක් අයහපත් ලකුණක් ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ සඳහා මුල් වූ සිදුවීම වූයේ ජස්ප්‍රිට් බුම්රා එවූ පන්දුවක් ඇෆ්ගනිස්තාන පිතිකරුවෙක්ගේ පාදයේ වැදුණු නමුත් ඔවුන් එය කඩුල්ල මුවා කිරීමේ වරදක් යැයි ඉල්ලීමක්, පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ අලීම් ඩාර් විසින් නොදැවී යාමක් ලෙස නම් කිරීමත් සමඟම, නායක කෝලි විනිසුරු තීරණය සමඟ උරණ වී හැසිරීමයි. තරග විනිසුරුවරුන් හා තරග තීරකවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මේ පිළිබඳව දන්වා තිබුණේ ඉන්පසුවයි.

කෝලි විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙන ක්‍රීඩක හා සහායක රෙගුලාසි මාලාවේ 2.1 (ජාත්‍යන්තර තරගයක දී ප්‍රමාණය ඉක්මවා දැඩි ලෙස දැවී යාමක් ඉල්ලුම් කිරීම) යන වගන්තිය කඩ කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇත.

ඒ අනුව කෝලි විසින් තමා අතින් සිදු වූ වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව තරග තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බෝර්ඩ් මහතා පවසා සිටින ලදි.

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් එළියට විසිවේ!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා දකුණු ….

මෙලෙස කෝලිට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙන්නේ 2016 වසරේ සැප්තැම්බර් මාසයට පසුවයි.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<