දේශීය තරග වාරයේ කණ්ඩායම් මාරු කිරීම්

410
Know your transfers

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මඟින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගාවලිය දෙසැම්බර් මස 01 වන සිකුරාදා දින ආරම්භ වීමට නියමිත අතර ඒ අනුව 2017/18 දේශීය තරග වාරය ආරම්භ වීමට පෙර වාර්තා වන, ක්‍රීඩකයින් සිදු කළ තීරණාත්මක කණ්ඩායම් මාරු කිරීම් කිහිපයක් පිළිබඳව සොයා බැලීමට ThePapare.com අපි තීරණය කළෙමු.

පොරවෙන් කපනවා ද? නියපොත්තෙන් කඩනවා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිටම වාර්තා තියන්නට සූරයෝ ය. හොඳ නරක කෙසේ වෙතත්..

මිලින්ද සිරිවර්ධන – වමත් පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන, ජාතික කණ්ඩායම තුළ පිතිකරණ අංශයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද පසුගිය කාලය තුළ ඉහළ දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වූ බැවින් එම කාලය ඔහුට තරමක් කටුක කාලයක් විය. කෙසේ නමුත් පසුගිය දේශීය තරග වාරයේ දී ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ තරගාවලිය තුළ ඔහු ‘Saracens SC’ කණ්ඩායම නියෝජනය කරමින් තරග 7ක දී ලකුණු 500කට අධික ප්‍රමාණයක් රැස්කර ගනිමින් ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත් විය. කෙසේ නමුත් ඔහු මෙම තරග වාරයේ දී නියෝජනය කරනු ලබන්නේ ප්‍රබල SSC කණ්ඩායම යි.

මහේල උඩවත්ත – ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින මහේල උඩවත්ත, පසුගිය තරග වාරයේ දී ‘Chilaw Marians’ කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර ඒ අනුව ඔහු එහි දී ලකුණු 699ක් වාර්තා කර ගැනීමට සමත් වූයේ 40කට ආසන්න ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.

එහි දී ඔහු තරග 10ක් තුළ අර්ධ ශතක 08ක් ද වාර්තා කර ගැනීමට සමත් විය. ඔහු එහි දී දැක්වූ ඉහළ දක්‍ෂතා පදනම් කරගෙන ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ පන්දුවාර 20 තරගාවලිය සඳහා ඇතුළත් කෙරුණු නමුත් එහි දී දක්‍ෂතා අතරට පැමිණෙන්නට ඔහු අපොහොසත් විය. කෙසේ නමුත් ඔහු මෙවර තරග වාරයේ දී NCC කණ්ඩායම සඳහා කණ්ඩායම් මාරුවක් සිදුකර ඇති අතර මෙවර තරග වාරයේ දී ද ඉහළ දක්‍ෂතා අතරට පැමිණෙමින් නැවතත් ජාතික කණ්ඩායම තුළට පැමිණීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

භානුක රාජපක්ෂ – ජාතික කණ්ඩායමට තේරීපත්වී එහි දී ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් වනු ඇති ක්‍රීඩකයෙක් ලෙස භානුක රාජපක්ෂව බොහෝ දෙනෙක් සලකනු ලැබුවත්, ඒ තත්වයට පැමිණීමට ඔහු තවමත් අපොහොසත් වී ඇත. පසුගිය තරග වාරයේ දී ඔහුට සිය උපරිම දක්‍ෂතා අතරට පැමිණීමට නොහැකි වූ අතර එහි දී BRC කණ්ඩායම නියෝජනය කරමින් තරග 7ක් තුළ ඔහු වාර්තා කර ගැනීමට සමත් වූයේ අර්ධ ශතක 2ක් පමණි. කෙසේ නමුත් පසුගිය තරග වාරයේ අවසන් භාගයේ දී ‘A’ කාණ්ඩයේ මෙන්ම පළාත් තරගාවලිවල දී ඉහළ දක්‍ෂතා අතරට පැමිණෙන්නට ඔහු සමත් විය. ඒ අනුව ඔහු ද මෙවර තරග වාරයේ දී NCC කණ්ඩායමට කණ්ඩායම් මාරුවක් සිදු කර ඇත.

චාමික කරුණාරත්න – NCC කණ්ඩායම ඉදිරි තරග වාරය සඳහා එක්කරගෙන සිටින තවත් ක්‍රීඩකයෙක් වන චාමික කරුණාරත්න කණ්ඩායමේ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානයට ප්‍රබල විසඳුමක් වනු ඇත. පසුගිය තරග වාරයේ දී ‘Tamil Union’ කණ්ඩායම නියෝජනය කළ ඔහු එහි දී පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් විය. ඒ අනුව ඔහු එහි දී ලකුණු 400කට ආසන්න ප්‍රමාණයක් රැස්කර ගැනීමට සමත් වූ අතර කඩුලු 20ක් ද දවා ගැනීමට සමත් විය. ඔහු දැක්වූ ඉහළ දක්‍ෂතා පදනම් කර ගනිමින් ඔහුව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සඳහා තෝරා ගනු ලැබීය. ඒ අනුව ඔහු ඉහළ දක්‍ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව තිබෙන වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ ස්ථානයට පැමිණීමට උත්සාහ ගනු ඇත.

සුරාජ් රන්දීව් – කලකට ඉහත දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛ පිට දඟපන්දු යවන්නා ලෙස සිය ස්ථානය වෙන්කරගෙන සිටි සුරාජ් රන්දීව් හට මේ වන විට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය අහිමිව ඇතත්, මෙම තරග වාරයේ දී BRC කණ්ඩායම නියෝජනය කරමින් ඔහු නැවතත් සිය සුපුරුදු දක්‍ෂතා අතර පැමිණීමට වෙරදරනු ඇත. පසුගිය තරග වාරයේ දී ‘Saracens SC’ කණ්ඩායම නියෝජනය කරමින් දක්‍ෂතා අතරට පැමිණි ඔහු, කඩුලු 39ක් දවා ගනිමින් ලකුණු 200කට අධික සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් එම කණ්ඩායම සතුව ක්‍රීඩාංගණයක් නොමැතිවීම බොහෝ දුරට ඔහුට එම කණ්ඩායම මාරු කිරීම උදෙසා ඉවහල් වන්නට ඇත.

ජුබිලි සැමරුම් අපට අකැපද?

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මේ ගෙවී යන්නේ 35 වැනි වසරයි. තරුණ ජවයෙන්…

යශෝද ලංකා – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම වෙනුවෙන් එංගලන්තය සමඟ පී. සරා. ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක දී ද්විත්ව ශතකයක් වාර්තා කර ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යශෝද ලංකා ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවට වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇති බවට අනාවැකි පළකර ඇත. එමෙන්ම ඔහු මේ වන විට ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටිය තුළ සිටින ශක්තිමත්ම පිතිකරුවන් අතරින් කෙනෙකි. පසුගිය තරග වාරයේ දී BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 169ක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඔහුගේ හැකියාවන් පෙන්වීමට ඔහු සමත් වුවත් එහි දී අනෙක් තරගවල දී ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට ඔහු අපොහොසත් විය. ඔහු පසුගිය වසරේ ක්‍රීඩා කළ ‘Galle CC’ කණ්ඩායම මෙවර තරගාවලියේ ‘B’ කාණ්ඩය දක්වා පහත දමා ඇති අතර ඒ අනුව ඔහු මෙවර තරග වාරයේ දී ‘A’ කාණ්ඩය දක්වා සඳහා උසස් වීමක් ලබාගත් ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

රුවිඳු ගුණසේකර – ශ්‍රී ලංකාවේ උපත ලබමින් කැනඩා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ රුවිඳු, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම උදෙසා ඔහුට ඇති සිහිනය පිළිබඳව ද අදහස් දක්වා ඇත. ඒ අනුව ඔහු මෙවර තරග වාරයේ දී ‘Saracens SC’ කණ්ඩායම නියෝජනය කරනු ලබයි, පසුගිය තරග වාරයේ දී ‘Moors SC’ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ඔහු එතරම් ඉහළ දක්‍ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර ඒ අනුව එහි දී තරග 08ක දී ඔහු රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 365ක් පමණි.

ඉෂාන් ජයරත්න – පසුගිය තරග වාරයේ දී ‘CCC’ කණ්ඩායම වෙනුවෙන් අතිශය වැදගත් ක්‍රීඩකයෙක් වූ ඉෂාන්, මෙවර තරග වාරය සඳහා ‘Ragama CC’ කණ්ඩායම නියෝජනය කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඉතා ආසන්නයේ සිටින ක්‍රීඩකයෙක් වන මොහු ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත්ව ඇත. පසුගිය තරග වාරයේ දී ඔහු කඩුලු 27ක් දවා ගැනීමට සමත් වූ අතර කෙසේ නමුත් මෙම තරග වාරයේ දී නව ක්‍රීඩා සමාජය වෙනුවෙන් එම දක්‍ෂතාව ඉහළ නංවා ගැනීමේ බලාපොරොත්තුවෙන්  ඔහු පසුවනු ඇත.

බිනුර ප්‍රනාන්දු – ආබාධ රැසකට මුහුණ දුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සීමිත පන්දුවාර තරගවල දී නියෝජනය කිරීමට සමත් වූ බිනුර ප්‍රනාන්දු හට පසුගිය වසර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය සහභාගී වීමට හැකි වූයේ එක් තරගකාරී තරගයක් පමණි. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. කෙසේ නමුත් පසුගිය තරග වාරය තුළ ඔහු SSC කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග 10කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 36ක් දවා ගැනීමට සමත් විය. මෙවර තරග වාරයේ දී ඔහු ‘Tamil Union’ කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

කසුන් රාජිත – මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයක දී සිය ක්‍රිකට් දිවියේ පළමු ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරමින් එහි දී ඉන්දීය ඉදිරිපෙළ බිඳ දැමූ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත එම තරගයේ දී තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය. පසුගිය තරග වාරය තුළ ක්‍රීඩා කළ සාර්ථකම වේගපන්දු යවන්නන් අතරට එක්වූ ඔහු එහි දී ‘Saracens SC’ කණ්ඩායම වෙනුවෙන් තරග 09ක දී පමණක් කඩුලු 37ක් දවා ගැනීමට සමත් විය. කෙසේ නමුත් මෙවර තරග වාරයේ දී ඔහු නියෝජනය කරනු ලබන්නේ ‘Bloomfield Cricket and Athletic club’ කණ්ඩායමයි.

තරංගගේ ඔටුන්න වෙනත් අයෙක්ට

දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා..

චාමර සිල්වා – කලකට ඉහත දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන චාමර සිල්වා පසුගිය තරග වාරයේ දී ‘Panadura SC’ කණ්ඩායම නියෝජනය කළ අතර ඒ අනුව ඔහු එහි දී ‘KPC’ සහ ‘Panadura SC’ කණ්ඩායම් අතර පැවැත්වුණු මතභේදාත්මක තරගයට ද ක්‍රීඩා කරනු ලැබීය. කෙසේ නමුත් ඒ හරහා ‘Panadura SC’ කණ්ඩායම තරගාවලියේ ‘B’ කාණ්ඩය දක්වා පහත කෙරුණු අතර ඒ අනුව මොහු මෙවර තරග වාරය සඳහා පසුගිය තරග වාරයේ දී දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ, මෙවර ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘Moors SC’ කණ්ඩායම නියෝජනය කරන අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද ඔහු හට පැවරී ඇත.

තරිඳු රත්නායක – තම අත් දෙකම යොදා ගනිමින් පන්දු යැවීමට දක්වන සමත්කම හේතුවෙන් දේශීය ක්‍රිකට් පිටිය තුළ ජනප්‍රිය ක්‍රීඩකයෙක් වන තරිඳු රත්නායක පසුගිය තරග වාරයේ දී ‘SSC’ කණ්ඩායම නියෝජනය කරනු ලැබුවත්, ඔහු මෙවර තරග වාරය සඳහා ‘Moors SC’ කණ්ඩායම තෝරා ගෙන ඇත. ඔහු පළමු පෙළ තරග 15කදී පමණක් කඩුලු 60ක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඔහුව තේරීම් කමිටුවේ ද දැඩි අවධානයට ලක්වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<