කුමන නායකයා ශූරතාවය දිනා ගනී ද?

439
Know your ‘Tier A’ Club

මෙම දිනවල පැවැත්වෙන වැසි සහිත කාලගුණ තත්වය කෙමෙන් පහව යාමත් සමඟ 2017/18 ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී ආරම්භ වීමට නියමිත අතර එහි දී ‘A’ කාණ්ඩයේ කණ්ඩායම් 14 සඳහා නායකත්වය ලබා දෙන කණ්ඩායම් නායකයින් 14 දෙනා හඳුනා ගනිමු.

හතුරුසිංහ ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීම තහවුරු වේ?

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඉකුත් දා (20) මාධ්‍ය හමුවේ..

  • සචිත්‍ර සේනානායක – SSC

පසුගිය වසරේ ශූරයින් වූ SSC කණ්ඩායමට මෙවර තරගාවලියේ දී නායකත්වය ලබා දෙන්නේ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක යි. ඔහු මෙම තරගාවලියේ දී SSC කණ්ඩායමට නායකත්වය දෙන අතරතුර ජාතික කණ්ඩායමේ සිය ස්ථානය වෙන්කර ගැනීම සඳහා ද තරග වදිමින් සිටියි. ‘Teejay Lanka’ කණ්ඩායම ශූරතාවය දිනා ගනිමින් පසුගිය දා අවසන් වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔහු පිත්තෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් සහ පන්දුවෙන් කඩුලු 2ක් දවා ගනිමින් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් විය.

  • චාමර සිල්වා – Moors   

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු මැදපෙළ ක්‍රීඩකයෙක් සහ දේශීය ක්‍රිකට් පිටිය තුළ ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙක් වන චාමර සිල්වා, පසුගිය වසරේ දී තරගාවලියේ ‘B’ කාණ්ඩය නියෝජනය කළ පානදුර ක්‍රිකට් සමාජයට නායකත්වය ලබා දුන්නත්, මෙවර ඔහු ඉන් ඉදිරියට පැමිණ ‘Moors’ කණ්ඩායමේ නායකයා ලෙස වගකීම් බාරගෙන ඇත. පසුගිය කාලය පුරාවට ඔහු පිත්තෙන් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර ඒ අනුව ඔහුගේ දස්කම් ‘Moors’ ක්‍රීඩා සමාජ කණ්ඩායමට තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අතිශය වැදගත් වනු ඇත.

  • නිපුන් කරුණානායක – Bloomfield

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවති තරගාවලිය සඳහා සහභාගී වූ වමත් පිතිකරු නිපුන් කරුණානායක, මෙවර තරගාවලියේ දී ‘Bloomfield’ කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. ඒ අනුව ඔහු මෙවර ‘Bloomfield’ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ අඛණ්ඩව දෙවන වසරට වන අතර ඔවුන් සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව තරගාවලිය සඳහා එක්වේ. එමෙන්ම මෙවර තරගාවලියේ දී නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ‘Bloomfield’ කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ය.

  • කිත්රුවන් විතානගේ – Tamil Union C & AC

මෙවර ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිව තරගාවලිය සඳහා එක්වන ‘Tamil Union C & AC’ කණ්ඩායමට අඛණ්ඩව දෙවන වසරටත් නායකත්වය ලබා දෙන්නේ 26 හැවිරිදි කිත්රුවන් විතානගේ විසිනි. ඔහු තරග අංශ 3න්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහුගේ අත්දැකීම් තරගාවලියේ දී කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය

පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23)…

  • දිල්රුවන් පෙරේරා – Colts

එළඹෙන දේශීය තරග වාරය සඳහා ‘Colts’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගෙන ඇති දිල්රුවන් පෙරේරා හටයි. ඔහු සතුව අනෙක් ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් එල්ල කළ හැකි තරුණ දක්‍ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සිටින අතර ඔහුගේ උපනායකයා ලෙස මෙවර පත්කර ඇත්තේ දකුණත් ක්‍රීඩක ඇන්ජෙලෝ ජයසිංහ යි.

  • මලින්ද පුෂ්පකුමාර – Chilaw Marians

වැඩිම කඩුලු ලාභියාගේ ස්ථානය වසර කිහිපයක් පුරාවටම පහසුවෙන් හිමි කර ගත් මලින්ද පුෂ්පකුමාර මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිටින හොඳම වමත් දඟපන්දු යවන්නගෙන් කෙනෙකි. මෑතක දී පැවති ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින හා ටෙස්ට් වරම් දිනා ගැනීමට ඔහු සමත් වූ අතර රංගන හේරත්ගෙන් අනතුරුව වමත් දඟපන්දු යැවීමේ ස්ථානය බොහෝ දුරට ඔහුට පැවරෙනු ඇත.

  • හර්ෂ කුරේ – Saracens  

සෑම තරග වරයක දී ම පාහේ ඉහළ දස්කම් අතර සිටින දකුණත් ක්‍රීඩක හර්ෂ කුරේ මේ වන විට දේශීය ක්‍රිකට් පිටිය තුළ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයින් අතරින් කෙනෙකි. ඒ අනුව මෙවර තරගාවලියේ දී සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් තරගාවලිය සඳහා එක්වන ‘Saracens’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරී ඇත.

  • අලංකාර අසංක – Baduraliya CC

‘Baduraliya CC’ කණ්ඩායමට අඛණ්ඩව දෙවන වසරටත් නායකත්වය ලබාදෙන්නේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක අලංකාර අසංක විසිනි. ඔහු පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දක්වන දස්කම් කණ්ඩායමේ සමබරතාවය කෙරෙහි බෙහෙවින් ඉවහල් වනු ඇත.

  • ඇන්ජෙලෝ පෙරේරා – NCC

සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමේ හිටපු නායකයෙක් වන 27 හැවිරිදි ඇන්ජෙලෝ පෙරේරා හට මෙවර තරගාවලියේ දී ප්‍රබල ‘NCC’ කණ්ඩායමට නායකත්වය දීමේ වගකීම පැවරී ඇත. ඉතා ප්‍රබල කණ්ඩායමක් ඔවුන් සතුව පැවතීම හේතුවෙන් ශූරතාවය දිනා ගැනීමේ අරමුණ ඇතිව ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක්වේ.

  • ලහිරු තිරිමාන්න – Ragama CC

මෙවර තරග වාරයේ දී ‘Ragama CC’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙළ පිතිකරු ලහිරු තිරිමාන්න හට පැවරී ඇති අතර ඔහුගේ උපනායකයා ලෙස පත්කර ඇත්තේ සමීර සොයිසා ය. කෙසේ නමුත් ලහිරු තිරිමාන්න හට ජාතික කණ්ඩායමේ පැවරී ඇති වගකීම් සමඟ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බොහෝ අවස්ථාවල දී සමීර හට පැවරෙනු ඇත.

  • අෂාන් ප්‍රියංජන් – CCC

ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායම නියෝජනය කර ඇති, මෑතක දී පන්දුවාර 20 කණ්ඩායම ද නියෝජනය කළ අෂාන් ප්‍රියංජන් මෙවර කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. ඔවුන් මෙවර තරගාවලිය තුළ සිටින ප්‍රබලතම කණ්ඩායම් අතරින් එකක් වන අතර ඒ අනුව ප්‍රියංජන් හට ද කණ්ඩායම ශූරතාවය කරා මෙහෙයවීමට සුවිශාල වගකීමක් පැවරී ඇත.

  • සීක්කුගේ ප්‍රසන්න – Army SC

ශ්‍රී ලංකා ජාතික පන්දුවාර 20 කණ්ඩායමේ පෙරළිකාර ක්‍රීඩකයෙක් වන සීක්කුගේ ප්‍රසන්න මෙවර යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම හට නායකත්වය ලබා දෙන අතර ඔහු සතුව ඇති ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් තරගාවලිය පුරාවට කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. එමෙන්ම ඔහුට කණ්ඩායම මෙහෙය වීමේ දී අසේල ගුණරත්න සහ අජන්ත මෙන්ඩිස්ගෙන් ද සුවිශාල සහයෝගයක් ලැබෙනු ඇත.

  • ගිහාන් රූපසිංහ – SL Ports Authority

පසුගිය වසරේ දී ‘B’ කාණ්ඩයේ දැක්වූ සාර්ථකත්වයත් සමඟ මෙවර ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරග කිරීම සඳහා අවස්ථාව හිමිව ඇත. ඒ අනුව මෙවර තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙකු වන ගිහාන් රූපසිංහ හටයි.

  • ටී. එම්. සම්පත් – BRC

පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ටී. එම්. සම්පත් මෙවර ‘BRC’ කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි. ඔවුන් පසුගිය වසරේ දී ප්‍රබල ක්‍රීඩකයින් ලබාගනිමින් ක්‍රීඩා කළත් එහි දී ඉහළ දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ නමුත් ඔවුන් මෙවර තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවෙයි.  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<