කින්රෝස් ක්‍රීඩා සමාජයේ මුහුදු පිහිනුම් තරගාවලිය දිනූවන්

202

වැල්ලවත්ත කින්රෝස් පිහිනුම් හා ජීවිතාරක්ෂක සංගමය මගින් වාර්ෂිකව පවත්වන කිලෝමීටර 10යේ මුහුදු පිහිනුම් තරගාවලිය පසුගිය මාර්තු 24 වැනිදා වැල්ලවත්ත වෙරළ තිරයේ දී පැවැත්විය.

54 වැනි වරටත් පැවැත්වුණු මෙම තරගාවලිය වැල්ලවත්ත වෙරළ තිරයෙන් ආරම්භ වී ගල්කිස්සට ගොස් නැවත වැල්ලවත්ත මුහුදු තිරයෙන් අවසන් විය.

එහි දී අම්බලන්ගොඩ සිංහ පිහිනුම් සමාජයේ එම්. එච් රශේන් දිල්ශාන් පැය දෙකයි විනාඩි 29යි තත්පර 20ක කාලයක් වාර්තා කරමින් පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. දෙවන ස්ථානය යුධ හමුදාවේ විමල් කුමාර (2:30.26) විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය ඩබ්ලිව්. එම්. එච්. එල් අබේරත්න (2:31.53) විසින් දිනා ගන්නා ලදි.

විදුදය පිහිනුම් ශූරතාව දෙවන වරටත්

රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැත්වෙන විදුදය රිට්ස්බරි පිහිනුම් තරගාවලිය මෙවර දෙවන වතාවටත් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ විශාලතම පිහිනුම් තටාකය හිමි…

කාන්තා අංශයේ පළමු ස්ථානය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තිලිජනා පරාක්‍රමසිංහ විසින් දිනා ගත් අතර ඇයට ගත වූ කාලය 3:09.49ක්. දෙවන ස්ථානය අම්බලන්ගොඩ සිංහ පිහිනුම් සමාජයේ හිරුණි මහේෂිකා (3:22.57) දිනා ගත් අතර තෙවැනි ස්ථානය යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. කේ ජයතිලක (3:26.24) දිනා ගන්නා ලදි.  

ලකුණු 189ක් ලබා ගත් යුධ හමුදා ක්‍රීඩා සමාජය සමස්ත කණ්ඩායම් ශූරතාවය දිනා ගත් අතර දෙවන ස්ථානය අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයත් තෙවැනි ස්ථානය පොලිස් ක්‍රීඩා සමාජයත් දිනා ගන්නා ලදි.

තරගාවලියේ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ හිරුණි මහේෂා සම්මාන දිනා ගත් අතර ළාබාලතම ක්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේම ඕෂධ ප්‍රතිභා සම්මාන දිනා ගන්නා ලදි. තරගාවලියේ වයස්ගතම ක්‍රීඩකයා ලෙස දස්කම් දැක්වීමට කින්රෝස් පිහිනුම් හා ජීවිතාරක්ෂක සංගමයේ අයි. එස් එදිරිසිංහ සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<