මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 112 වැනි වරටත් පැවැත්වූ සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය හිමි කර ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය.

කිංග්ස්වුඩ් විද්‍යාලයේ නායක ගනිඳු කඹුරුගමුව තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගනිද්දී පිට පිට 60 වැනි වතාවටත් ටී. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය ලේක්වීව් කන්දට රැගෙන යාමට ධර්මරාජ ක්‍රිකට් කණ්ඩයම සමත් විය.

පළමු දිනය සඳහා තරගය අවසාන වන විට ධර්මරාජ විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 97ක් රැස් කරගෙන සිටි අතර කිංග්ස්වුඩ් විද්‍යාලයට පන්දුවාර 53ක දී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 166ක් පමණි.

කන්ද උඩරට සුලෝහිත සටනේ ප්‍රථම දිනය නිමයි

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 112 වැනි වරට පවත්වනු ලබන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

දෙවැනි දිනයේ දිවා ආහාරයට ප්‍රථම ධර්මරාජයේ ඉතිරි කඩුලු හතරම දවා ගැනීමට කිංග්ස්වුඩ් පන්දු යවන්නෝ සමත් වූහ. මුළු ලකුණු සංඛ්‍යාව 101 දී හත්වැනි කඩුල්ල ලෙස ලකුණු හයක් රැස්කර ගෙන සිටි දිල්ශාන් නවින්ද, උත්පල ජයලත්ගේ පන්දුවකට දුමිඳු දමිෂ්කගේ අතට උඩපන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් විය.  

විරාජිත් ඇහැළේපොළ එක් ලකුණකට පිටියෙන් ඉවත්වූ අතර උපනායක රුක්මාල් දිසානායක ලකුණු 10කට ලක්මාල් ද සිල්වාගේ පන්දුවකින් ස්ටම්ප් කිරීමකට හසුව පිටියෙන් ඉවත් විය. අවසාන කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබාගෙන සිටි යෂිත සමරනායක දැවී යද්දී ධර්මරාජ ලකුණු පුවරුව දිස්වූයේ සියලු දෙනා දැවී ලකුණු 111ක් ලෙසයි.

ලකුණු 55ක වාසියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ කිංග්ස්වුඩ් විද්‍යාලයේ පළමු කඩුලු තුන ලකුණු 65ක් තුල දවා ගන්නට ධර්මරාජ පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 4ක් රැස්කරගෙන සිටි දුමිඳු දමිෂ්ක, විරාජිත් ඇහැළේපොළගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඉන්පසු දෙවන කඩුල්ලට ලකුණු 52ක් එක්කරන්නට හෂික ගමගේ හා ධනංජය මදුරංග සමත් වූහ.

යෂිත සාමරත්නගේ පන්දුවක් හමුවේ ධර්මරාජ නායක බවන්ත උඩන්ගමුවගේ විශිෂ්ට උඩපන්දු රැකීමෙන් ධනංජය මදුරංග ලකුණු 19කට දැවී ගිය අතර උපේන්ද්‍ර වර්ණකුලසූරියගේ පන්දුවකට බවන්ත අතටම උඩපන්දුවක් ලබා දුන් හෂික ලකුණු 38කට දැවී ගියේය.

ඩී. එස්. – මහානාම සහෝදරයෝ සතුටින් විසිර යති

අගනගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය සංවිධානය කරනු ලබන රන් මහා සටන ක්‍රිකට් ගැටුමේ 12 වැනි දිගහැරුමේ දෙවන හා අවසන් දිනය අද…

අනතුරුව පිටියේ එක්වූ නායක ගනිඳු කඹුරුගමුව හා උපනායක සෞම්‍ය පියසේන ලකුණු 109ක දැවැන්ත සබඳතාවයක් ගොඩනගමින් තරගය ධර්මරාජ ක්‍රීඩකයින්ගෙන් ඈතට රැගෙන යාමට සමත් විය.

පිටිය සිසාරා පහර එල්ල කළ සෞම්‍ය හතරේ පහර හතරකින් හා හයේ පහර දෙකකින් සිය ඉනිම වර්ණවත් කරන ලදී. නායක ගනිදු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් විය. එම දැවැන්ත සබඳතාව නිමා කරමින් නායක ගනිඳු කඹුරුගමුව, විරාජිත් ඇහැළේපොළගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක සචින්ත සේනානායක අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අතර පස්වැනි කඩුල්ල ලෙස සෞම්‍ය ලකුණු 60කට පිටියෙන් ඉවත් කිරීමට දිල්ශාන් නවින්ද සමත් විය.

සෞම්‍ය පියසේනගේ දැවී යාමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට කිංග්ස්වුඩ් කණ්ඩයම තීරණය කළ අතර ඉනිම අත්හිටුවන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස් කරගෙන සිටියහ.

ලකුණු 239ක ඉලක්කයක් හඹා යාමට ධර්මරාජ විද්‍යාලයීය ආරම්භක පිතිකරුවන් සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර පළමු ඉනිමේ මෙන් නොවී වගකීම් සහගතව සිය පහරවල් තෝරා බේරා ගනිමින් අලංකාර ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් සමත් විය.

පළමු කඩුල්ල ලෙස කසුන් ගුණවර්ධන ලකුණු 14කට දැවී ගිය අතර ලක්මාල් ද සිල්වාගේ පන්දුවකට උත්පල ජයලත් අතට උඩ පන්දුවක් ලබා දී ඔහු පිටියෙන් ඉවත් විය.

කඩුලු රකින පිතිකරු සචින්ත සේනානායක අනගි ඉනිමක් ක්‍රියාත්මක කරමින් හතරේ පහර 9ක් සමඟින් කිංග්ස්වුඩ් පන්දු යවන්නන් අපහසුතාවට ලක් කිරීමට සමත් වූ අතර නායකත්වයේ බර කරට ගනිමින් කිංග්ස්වුඩ් නායක ගනිඳු කඹුරුගමුව පන්දු යැවීමට පැමිණ, විශිෂ්ට පන්දුවකින් සචින්ත දවා ගැනීමට සමත් විය. ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය රැස්කරමින් ඔහු ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් විය.

හතරවැනි පිතිකරු හා පස්වැනි පිතිකරු ලෙස පිවිසි දුලාජ් බණ්ඩාරට හා නායක බවන්ත උඩන්ගමුව හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳෙන්නට කිංග්ස්වුඩ් පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැත. ලකුණු 77ක් වන විට කඩුලු 4ක් දවා ගනිමින් ධර්මරාජ පිතිකරණ ලැයිස්තුව දැඩි අර්බුදයකට පත්කිරීමට ඔවුන් සමත් විය.

චේතිය ඒකනායක හා තුන්වැනි පිතිකරු ලෙස පිවිසි ඉසුරු දයානන්ද ලකුණු 25ක සබඳතාවයක් ගොඩනැගුව ද ඔවුන්ට ස්ථාවර වීමට ජයග්‍රහණය සෙවූ කිංග්ස්වුඩ් කණ්ඩයම ඉඩ ලබා දුන්නේ නැත. ලකුණු 21ක් ලබා සිටි චේතිය ඒකනායක පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට ඔවුන් සමත් වූ අතර දිල්ෂාන් නවින්ද ලකුණු ලබා ගැනීමට පෙරම හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට නායක ගනිඳු කඹුරුගමුව සමත් විය. රුක්මාල් දිසානායක හා විරාජිත් ඇහැළේපොළ පිතිකරු දෙපලම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගනිමින් සෞම්‍ය පියසේන කඩුලු සංඛ්‍යාව 8දක්වා ඉහළට ගෙන එමින් ජයග්‍රහණයක පහස සෙවූවද, කාලය හරස් වීම නිසා පිට පිට 60 වන වසරටත් මහා ක්‍රිකට් තරග ජයක පහස කිංග්ස්වුඩ් විද්‍යාලයට අහිමි විය. එනමුත් කිංග්ස්වුඩ් පන්දු යවන්නන්ගේ අනගි පන්දු යැවීම අගය කළ යුතුමය.

රිච්මන්ඩ්වරුන් ආදවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…

තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස තරගය පුරා කඩුලු 6ක් දවා ගත් කිංග්ස්වුඩ් විද්‍යාලයේ  ලක්මාල් ද සිල්වා සම්මාන දිනාගත් අතර හොඳම පිතිකරු ලෙස කිංග්ස්වුඩ් විද්‍යාලයේ සෞම්‍ය පියසේන සම්මාන දිනා ගත්තේය. ධර්මරාජ විද්‍යාලයේ බවන්ත උඩන්ගමුව හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන දිනා ගනිද්දී කිංග්ස්වුඩ් නායක ගනිඳු කඹුරුගමුව තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

කිංග්ස්වුඩ් පළමු ඉනිම 166/10 (53) ධනංජය මධුරංග 42, ගනිඳු කඹුරුගමුව 33, දුලින් විජේනාරයන 40, යෂිත සාමරත්න 3/49, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/35

ධර්මරාජ පළමු ඉනිම 111/10 (51) ඉසුරු දයානන්ද 24, බවන්ත උඩන්ගමුව 30, ලක්මාල් ද සිල්වා 3/40, උත්පල ජයලත් 22/3                          

කිංග්ස්වුඩ් දෙවන ඉනිම 184/5 (40.4) සෞම්‍ය පියසේන 60, ගනිඳු කඹුරුගමුව 57, විරාජිත් ඇහැළේපොළ 53/2

ධර්මරාජ දෙවන ඉනිම 112/8 (45) සචින්ත සේනානායක 52, ඉසුරු දයානන්ද 31*, ගනිඳු කඹුරුගමුව 21/3, ලක්මාල් ද සිල්වා 48/3

112 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<