කන්ද උඩරට සුලෝහිත සටනේ ප්‍රථම දිනය නිමයි

251

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 112 වැනි වරට පවත්වනු ලබන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩයම බවන්ත උඩන්ගමුව විසින් මෙහෙයවූ අතර කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩයම ගනිඳු කඹුරුගමුව විසින් මෙහෙයවනු ලැබීය.

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ මෙවර වාසිය කා හටද?

කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් සංග්‍රාමය වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 112 වැනි සුලෝහිත සංග්‍රාමය…

කාසියේ වාසිය දිනාගත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නායක බවන්ත උඩන්ගමුව පළමුව පන්දු යැවීම තෝරාගත් අතර කිංග්ස්වුඩ් ඉනිම ආරම්භ කරමින් හෂික ගමගේ හා දුමිඳු දමිෂ්ක පිටියට පිවිසියහ.

ආරම්භක සබඳතාව ලකුණු 18කට සීමා කරමින් ලකුණු 12ක් රැස්කරගෙන සිටි හෂික ගමගේ පළමු කඩුල්ල ලෙස යෂිත සාමරත්නගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේය.

දුමිඳු දමිෂ්ක සමඟ එක්වූ අංක තුන පිතිකරු ධනංජය මධුරංග ලකුණු 50ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. එම සබඳතාව නිමා කරමින් විරාජිත් ඇහැළේපොළගේ පන්දුවකට ධර්මරාජ නායක බවන්ත උඩන්ගමුව අතට උඩ පන්දුවක් ලබා දුන් දුමිඳු දමිෂ්ක ලකුණු 20කට දැවී ගියේය.

කිංග්ස්වුඩ් පිතිකරණ ලැයිස්තුවට දැඩි අභියෝගයක් එල්ල කරමින් තුන්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය මධුරංග තෙවන කඩුල්ල ලෙස ලකුණු 42කට දැවී ගිය අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිංග්ස්වුඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.

දිවා ආහාරයෙන් පසු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයකින් පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයෝ, නායක ගනිඳු කඹුරුගමුව දක්ෂ ලෙස දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට සමත් විය. දුලාජ් බණ්ඩාර කඩුල්ල වෙත එල්ල කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටෙමින් ලකුණු 34ක් රැස්කරගෙන සිටි නායක ගනිඳු කඹුරුගමුව පිටියෙන් ඉවත් විය.

පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ…

අංක පහ පිතිකරු ලෙස පිටියට පිවිසි දුලින් විජේනාරයන එක් අන්තයක ස්ථාවර වෙද්දී අනෙක් අන්තයෙන් පිතිකරුවන් පිට පිට දැවී යාම කිංග්ස්වුඩ් විදුහලට මහත් අවාසියක් විය.

අංක හය පිතිකරු ලෙස පිටියට පිවිසි හර්ෂණ වික්‍රමසිංහ ලකුණු රැස්කර ගැනීමට පෙරම අනවශ්‍ය පහරකට ගොස් සිය කඩුල්ල ධර්මරාජ පන්දු යවන්නන්ට පූජා කළේය. විරාජිත් ඇහැළේපොළගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක සචින්ත සේනානායක හට පහසු උඩපන්දුවක් ලබා දෙමින් ඔහු නැවතත් ක්‍රීඩාගාරයට හැරී ගියේය. වේගවත් පිතිකරණ රටාවක් ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ බිනුර රාජපක්ෂ ඉක්මන් ලකුණු 11කට දවා ගැනීමට උපේන්ද්‍ර වර්ණකුලසූරිය සමත් විය. කඩුලු රකින සචින්ත සේනානායක හට උඩපන්දුවක් ලබා දී ඔහු දැවී ගිය අතර විශිෂ්ට උඩපන්දුවක් රැක ගනිමින් අංක 8 පිතිකරු සෞම්‍ය පියසේන ලකුණු 3කට ක්‍රීඩාගාරයට යැවීමට නායක බවන්ත උඩන්ගමුව සමත් විය.

යෂිත සාමරත්නගේ පන්දුවකට බවන්ත එම උඩපන්දුව රැකගන්නා විට කිංග්ස්වුඩ් ලකුණු සටහන දැක්වුණේ ලකුණු 150/7ක් ලෙසිනි. අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි දීඝායු බණ්ඩාර හට ද දීඝායු වළඳන්නට ධර්මරාජ පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. ලකුණු රැස්කර ගැනීමට පෙරම කසුන් ගුණවර්ධන අතට උඩපන්දුවක් ලබා දෙමින් දීඝායු පිටියෙන් ඉවත් කරන්නට උපේන්ද්‍ර වර්ණකුලසූරිය සමත් විය.

අනවශ්‍ය ලකුණක් කරා දිවගිය උත්පල ජයලත් ඉසුරු දයානන්ද අතින් දුවද්දී දැවී යාමකට හසුවූයේ එක් අන්තයක තනිවූ දුලින් විජේනාරයන අනවශ්‍ය පීඩනයකට ඇද දදමිනි.

ඉහළින් පහරක් එල්ල කිරීමට ගිය දුලින්, යෂිත සාමරත්නගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුවූ අතර කිංග්ස්වුඩ් ඉනිම ලකුණු 166කට සීමා කරමින් සියලු පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ධර්මරාජ පන්දු යවන්නෝ සමත් වූහ.

පිළිතුරු ඉනිම ඇරඹු ධර්මරාජ කණ්ඩායමේ ආරම්භක පිතිකරු කසුන් ගුණවර්ධන පළමු පන්දුවෙන්ම දවා ගැනීමට උත්පල ජයලත් සමත් විය. පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් කසුන් ගුණරත්න දැවී යද්දී, කසුන්ගේ අඩිපාරේම ගමන් කළ චේතිය ඒකනායක කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙරම ක්‍රීඩාගාරයට හරවා යැවීමට කිංග්ස්වුඩ් පන්දු යවන්නෝ සමත් වූහ.

දීඝායු බණ්ඩාරගේ පන්දුවකට ධනංජය මදුරංග අතට උඩපන්දුවක් ලබා දෙමින් චේතිය දැවී ගිය අතර ලකුණු 13ක් වන විට ආරම්භක පිතිකරුවන් යුගලයම ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටියහ.

අනතුරුව පිටියේ එක්වූ ඉසුරු දයානන්ද සමඟ එක්ව ලකුණු 19ක සබඳතාවක් ගොඩ නැගීමට දුලාජ් බණ්ඩාර සමත් වූ නමුත් අනවශ්‍ය පහරකට ගිය ඉසුරු දයානන්ද දුමිඳු දමිෂ්කගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුව කිරීමේ වරදට හසුව දැවී ගියේය.

දුලාජ් බණ්ඩාර සමඟ පිටියේ එක්වූ කඩුලු රකින පිතිකරු සචින්ත සේනානායක ලකුණු 35ක අනගි සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. එම සම්බන්ධතාවයත් ආරම්භයකට පමණක් සීමා කරමින් ලක්මාල් ද සිල්වාගේ පන්දුවකට නායක ගනිඳු කඹුරුගමුව අතට උඩපන්දුවක් දුන් දුලාජ් බණ්ඩාර ලකුණු 24කට දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි නායක බවන්ත උඩන්ගමුව දර්ශනීය හයේ පහරකින් සිය ඉනිම ආරම්භ කළ අතර මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 91ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. හයේ පහර දෙකකින් හා හතරේ පහර දෙකකින් පිටිය වර්ණවත් කළ බවන්ත අනවශ්‍ය ස්වීප් පහරකට උත්සහ කිරීමේ දී සෞම්‍ය පියසේනගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. දිනයේ අවසාන කඩුල්ල ලෙස ඉවසීමෙන් තොර පහරක් එල්ල කළ සචින්ත සේනානායක ලකුණු 19කට, ලක්මාල් ද සිල්වාගේ පන්දුවකට හර්ෂණ වික්‍රමසිංහ අතට උඩපන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් විය. නවිඳු දිල්ශාන් (6*) හා උපනායක රුක්මාල් දිසානායක (3*) නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.

කිංග්ස්වුඩ් විද්‍යාලය: පළමු ඉනිම 166/10 (53) ධනංජය මධුරංග 42, ගනිඳු කඹුරුගමුව 33, දුලින් විජේනාරයන 40, විරාජිත් ඇහැළේපොළ 2/47, යෂිත සාමරත්න 3/49, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/35

ධර්මරාජ විද්‍යාලය: පළමු ඉනිම 97/6 (42) ඉසුරු දයානන්ද 24, බවන්ත උඩන්ගමුව 30, ලක්මාල් ද සිල්වා 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<