කිංස්වුඩ් ක්‍රීඩකයෝ එල්. ඊ. බ්ලේස් කුසලානය ජය ගනිති

2322
Kingswood College vs Wesley College

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති වෙස්ලි – කිංස්වුඩ් විද්‍යාල එකිනෙක ගැටෙන “එල්. ඊ. බ්ලේස් කුසලාන” රග්බි තරගය 40-39ක් ලෙස එක් ලකුණකින් ජය ගන්නට කිංස්වුඩ් විද්‍යාලය අද (22) සමත් විය.

ශ්‍රී ලංකා රග්බි පුහුණුකාරීත්වය වෙරබුලා අතට

පැපුවා නිව් ගිනි සත්සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ෆීජි ජාතික ෆෙරෙටි වෙරබුලා, ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමේ මුල් පුහුණුකාරීත්වයට පත්කොට ඇත.

අපරාජිතව “B” කාණ්ඩයේ පෙරමුණෙහි පසුවන කිංස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ෆ්ලෑන්කර් ක්‍රීඩක රාජනායක පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර කිසිදු අපහසුවකින් තොරව එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ෆ්ලයි හාෆ් ක්‍රීඩක රණවීර සමත් විය. (කිංස්වුඩ් 07-00 වෙස්ලි).

පළමු උත්සාහක දිනුමට පසු අවන්ත ලී හට දෝෂ සහගත අභියෝගයක් එල්ල කළ රාජනායකව මිනිත්තු 10ක් සඳහා තරගයෙන් ඉවත් කළ අතර එහි දී ලද දඬුවම් පහර සාර්ථක කර ගැනීමත් සමඟින් අවිශ්ක ලී, වෙස්ලි විදුහලට ලකුණු 3ක් එක්කළේය. පසුව එවැනිම අවස්ථාවක දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් රණවීර, කිංස්වුඩ් විදුහලට ලකුණු 3ක් එකතු කළේය. (කිංස්වුඩ් 10-03 වෙස්ලි).

පසුව දෙපිල වෙනුවෙන්ම තවත් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත්තේ, පිළිවෙළින් අවිශ්ක ලී සහ රණවීරයි. (කිංස්වුඩ් 13-06 වෙස්ලි).

දඬුවම් පහර ප්‍රදර්ශනය අවසන් කරමින් වෙස්ලි විදුහලේ පළමු උත්සාහක දිනුම ටී. බී. සබාර් අතින් වාර්තා වුණේ ඉන් පසුවයි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (කිංස්වුඩ් 13-11 වෙස්ලි).

වෙස්ලි ආරක්ෂණයේ හිඩැසක් තුළින් දිවයමින් මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේ කිංස්වුඩ් විද්‍යාලයේ රණවීරයි. නමුත් ඔහුගේම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ඔහු අසමත් විය. (කිංස්වුඩ් 18-11 වෙස්ලි).

පළමු අර්ධය – කිංස්වුඩ් විද්‍යාලය 18 (2T 1C 2P) – 11 (1T 2P) වෙස්ලි විද්‍යාලය

රණවීරත්, ආසිරි සෙනවිරත්නත් එක්ව නිර්මාණය කළ දැකුම්කළු උත්සාහක දිනුමක් සමඟින් දෙවන අර්ධය ආරම්භ විය. ඒ උත්සාහක දිනුමේ අයිතිය ආසිරිගේ නම අගින් සටහන් වූ අතර රණවීරට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත නොහැකි විය. (කිංස්වුඩ් 23-11 වෙස්ලි).

වෙස්ලි අංක 8 ක්‍රීඩක සබාර් නැවතත් ක්‍රියාත්මක වෙමින් ඊට ප්‍රතිචාර ලබා දුන්නේ උත්සාහක දිනුමකිනි. පිටියේ වම් කොනේ සිට අලංකාර ප්‍රවර්තනයකින් අවිශ්ක ලී එයට තවත් ලකුණු 2ක් එක්කළේය. (කිංස්වුඩ් 23-18 වෙස්ලි).

තවත් දඬුවම් පහරකින් රණවීර, කිංස්වුඩ් පරතරය වැඩි කර ගත් අතර ඔවුන්ගේ අංක 3 ප්‍රොප් ක්‍රීඩකයා වරදකාරී අභියෝගයකට හසුවීම හේතුවෙන් පිටියෙන් ඉවත් කරනු ලැබිණි. එහි වාසිය අනුව යමින් සී. අපොන්සු, වෙස්ලි විද්‍යාලයට උත්සාහක දිනුමක් රැගෙන ආවේය. එය නිර්මාණය කිරීම අතරතුර දී ආබාධයකට ලක්වූ අවිශ්ක ලී වෙනුවට ප්‍රවර්තනය සඳහා යොදවා තිබුණේ මොහොමඩ් සුබයිර් ය. ඔහුගේ ප්‍රවර්තනය සාර්ථක විය. (කිංස්වුඩ් 26-25 වෙස්ලි).

එක් ක්‍රීඩකයෙකුගේ වාසිය සමඟින් ක්‍රීඩා කළ වෙස්ලි විදුහලේ ඊ. හර්ෂණ, නියමිත කාලය නොබලා ප්‍රතිවාදියෙකු අභියෝගයට ලක්කිරීම හේතුවෙන් කහ කාඩ්පතකට යටත් වීමත් සමඟ ප්‍රතිවාදී නායක හේෂාන් ජැන්සන් උත්සාහක දිනුමක් වාර්තා කළේය. රණවීරගේ ප්‍රවර්තනය සාර්ථකයි. (කිංස්වුඩ් 33-25 වෙස්ලි).

මිනිත්තු 10ක දඬුවම් කාලයක් පිටියෙන් ඉවත්ව සිටි හර්ෂණ පිටියට පැමිණි වහාම උත්සාහක දිනුමක් වාර්තා කළේ අවන්ත ලීගේ ද සහයෙනි. එහි ප්‍රවර්තනය අවිශ්ක ලීගේ පාදයෙන් සාර්ථක විය. (කිංස්වුඩ් 33-32 වෙස්ලි).

කිංස්වුඩ් නායක ජැන්සන් යළිත් ක්‍රියාත්මක වී මීළඟ උත්සාහක දිනුම වාර්තා කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් සිව්දෙනෙකු පසුකර යමිනි. එහි ප්‍රවර්තනයත් සාර්ථකයි. (කිංස්වුඩ් 40-32 වෙස්ලි).

වෙස්ලි ක්‍රීඩකයන් පරතරයක් සහිතවම තරගයෙන් පරාජය වී ඇතැයි යමෙකු සිතුව ද ආදේශක වින්ග් ක්‍රීඩක වෙත්තසිංහ විසින් ඔවුන්ට උත්සාහක දිනුමක් එක්කළේය. සුබයිර් එහි ප්‍රවර්තනය ඉක්මණින් ලබා ගත්ත ද තවත් උත්සාහක දිනුමක් සඳහා ඔවුන්ට කාලය මඳවීම හේතුවෙන් ඊ. එල්. බ්ලේස් කුසලානය තමන් වෙත පවරා ගන්නට කිංස්වුඩ් ක්‍රීඩකයන් සමත් විය.

සම්පූර්ණ කාලය – කිංස්වුඩ් විද්‍යාලය 40 (5T 3C 3P) – 39 (5T 4C 2P) වෙස්ලි විද්‍යාලය.

ThePapare.com තරගයේ වීරයා – හේෂාන් ජැන්සන් (කිංස්වුඩ්).

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • කිංස්වුඩ් – හේෂාන් ජැන්සන්  2T, රාජනායක 1T, ආසිරි සෙනවිරත්න 1T, රණවීර 1T 3C 3P.
  • වෙස්ලි – ටී.බී.සබාර් 2T, වෙත්තසිංහ 1T, ඊ.හර්ෂණ 1T, සී.අපොන්සු 1T, අවිශ්ක ලී 3C 1P, එම්.සුබයිර් 1C 1P.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට